Translate

Translate

Monday, May 5, 2014

‘සුුපර් ස්ටාර්’ ලාට ලේ පනින තුරු තඩි බාති

‘සුුපර් ස්ටාර්’ ලාට ලේ පනින තුරු තඩි බාති

පුද්ගලික රූපවාහිනී නාළිකාවක් විසින් පවත්වනු ලබන සුපිරි තරු ගායනා තරඟාවලියක අවසන් තරඟකරුවන් 12 දෙනා සමඟ නුවරඑළිය ප‍්‍රදේශයේ පැවැත් වූ සංගීත ප‍්‍රසංගයක් නිමවා ආපසු ඒමට සූදානම් වන විට එම ප‍්‍රදේශයේ තරුණයන් කීප දෙනෙකු විසින් ගීත ගායනා කළ තරඟකරුවෙකුට ලේ වැගිරෙන තෙක් පහර දීමක් සිදු කර තිබේ.
නුවර එළියේ හෝලිටි‍්‍රන්ට් ක‍්‍රීඩා පිටියේ දී රාත‍්‍රී 10 ට පමණ මෙම සිද්ධිය සිදුව ඇති අතර
පහර දීමට සම්බන්ධ දෙදෙනෙකු නුවරඑළිය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇත.
මෙම පහර දීමට හේතුව ලෙස පැවසෙන්නේ ගීත ගායනා කිරීමට පැමිණ සිටි සුපිරි තරු ප‍්‍රදේශයේ සමහර තරුණ පිරිස් සමඟ ඡයාරූපවලට පෙනී සිටීම ප‍්‍රතික්ෂේප කිරීමයි.
‘සුුපර් ස්ටාර්’ ලාට ලේ පනින තුරු තඩි බාති

No comments:

Post a Comment