Translate

Translate

Thursday, April 17, 2014

ප‍්‍රවේශමෙන්.. කොළඹ මහා පරිමාණ වකුගඩු ජාවාරමක්

ශ‍්‍රී ලංකාවේ කොළඹ නගරය මූලික කරගෙන සිදු කෙරෙමින් ඇති වකුගඩු ජාවාරමක් පිළිබදව ඉන්දීය ආරක්ෂක අංශ පරීක්ෂණයක් ආරම්භ කර ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
හයිද්‍රාබාද්හි පදිංචිකරුවෙකු වන දිලීප් මාරු (20)  නැමැත්තකු කොළඹදී වකුගඩු ජාවරමට ගොදුරුවී මිය ගොස් ඇති බවට එම තැනැත්තාගේ සොහොයුරෙකු හයිද්‍රාබාද් මධ්‍යම අපරාධ ස්ථානයට කර ඇති පැමිණිල්ලකට අනුව මෙම ජාවාරම පිළිබද ඉන්දීය ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කර ඇති බව ‘ද හින්දු’වෙබ් අඩවි වාර්තාවේ සදහන්ය.
ඉකුත්  මාර්තු 22 වෙනිදා එම තරුණයා රැකියාවක් සොයා ගෙන සිය නිවසින් පිටව ගොස් ඇති බවත් ඊට දින 6කට පසු ඔහු කොළඹට  පැමිණ ඇති බවත් පැමිණිලිකරු දැනුම්දී ඇති අතර ශ‍්‍රී ලංකා පොලීසිය දිලිප් මාරු තරුණයාගේ නිවසට ඉකුත් දා කතා කර ඔහු හෘදයාබාධයකින් මිය  ගොස් ඇති බවත් මළ සිරුර රජයේ රෝහලක තැන්පත් කර ඇති බවට දැනුම් දී ඇති බවත් සදහන් කරයි.
පසුගිය අපේ‍්‍රල් 3 වැනිදා හයිද්‍රාබාද් වෙත ඔහුගේ සිරුර ගෙන්වා ගෙන තිබෙන අතර වකුගඩු ජාවාරමක ප‍්‍රතිඵලයක් ලෙස මාරු මියගොස් ඇති බව ඔහුගේ පවුලේ ඥාතීන් පවසා තිබේ.
පරීක්‍ෂණවලදී හෙළිව ඇත්තේ ඔහුගේ වකුගඩුවක් රුපියල් ලක්ෂ 15කට විකිණීම සදහා ඔහු ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ඒ සදහා ඔහුට ලංකාවට පැමිණීමට වීසා පාස්පෝට් ගුවන් ටිකට්පත් හා නවාතැන් පහසුකම් නොමිලේ ලබාදී ඇති බවත්ය.

No comments:

Post a Comment