Translate

Translate

Saturday, April 19, 2014

නිශාන්ත රණතුංග හරි.. ක‍්‍රීඩකයන් සීමාව ඉක්මවා ගිහින්.. – ජයසූරිය

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග ක‍්‍රිකට් ආයතනය තුල විශිෂ්ඨ මෙහෙයක් සිදු කරන බවත් ඔහුගේ වැරැද්දක් තමන් නොදකින බවත් ශ‍්‍රී ලංකා තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පවසයි.
සති අන්ත පුවත් පතක් හා සාකච්චාවට එක් වෙමින් ඔහු පවසන්නේ ක‍්‍රිකට් බලධාරීන් විවේචනය කරන්නට කිසිම ක‍්‍රීඩකයෙකුට අයිතියක් නැති බවත් සමහර ඉදිරිපෙල ක‍්‍රීඩකයන් තම සීමාව ඉක්මවා කටයුතු කරන බවත්ය.
ජයසුරිය එහිදී මෙහේද කියයි.
‘මේ ජයග‍්‍රහණය එක් එක් ක‍්‍රීඩකයා කල ජයග‍්‍රහණයක් නෙමෙයි. මේ පිටුපස විශාල පුහුණුකරුවන් ප‍්‍රමාණයක් ඉන්නවා. ක‍්‍රිකට් බලධාරීන් තේරීම් කමිටු සාමාජිකයන් සියළු දෙනා ඉන්නවා.
මේ එක ක‍්‍රීඩකයෙක්වත් ක‍්‍රිකට් ආයතනය නැතිනම් බිහිවෙන්නේ නෑ. අපි ඔවුන්ගේ ගෙවීම් දෙස ඉතා හොඳින් බලා හොඳ යෝජනා ඉදිරිපත් කලා. නමුත් තවමත් ගිවිසුම් අත්සන් කරන්නට ඔවුන් ප‍්‍රමාද වෙනවා. මෙය වැරදි ආදර්ශයක්.
ක‍්‍රිකට් බලධාරීන් විවේචනය කරන්න කිසිම ක‍්‍රීඩකයෙකුට අයිතියක් නෑ. සමහර ඉදිරිපෙල ක‍්‍රීඩකයෝ සීමාව ඉක්මවන බව පේන්න තියෙනවා. එය වැරදි පූර්වාදර්ශයක් බවට පත්විය හැකියි. මෙය එක් ක‍්‍රීඩකයෙකුගේ ජයග‍්‍රහණයක් නොවන නිසා එවැනි පුද්ගලික මත ඉදිරිපත් නොකල යුතුයි.
නිශාන්ත රණතුංග ක‍්‍රිකට් ආයතනය තුල ඉතා විශිෂ්ඨ මෙහෙයක් ඉටු කරනවා. විවිධ කණ්ඩායම්වලින් යුතු ක‍්‍රිකට් ආයතනය ඉතා හොඳ පාලනයකින් ඔහු පවත්වාගෙන යනවා. ඔහුගේ වැරැද්දක් මට නම් පෙන්න  නෑ. ඔහු පාලකයෙක්. ඔහු සමස්ථ ක‍්‍රිකට් ක‍්‍රීඩාවටම වගකිව යුතුයි. එක් ක‍්‍රීඩකයෙක් වෙනුවෙන් ඔහු පෙනී සිටින්නේ නෑ’

No comments:

Post a Comment