Translate

Translate

Thursday, April 17, 2014

ඒ සටනේ විමල් පෙරමුණ නොගත්තානම් කොටි පරදන්න බෑ – අමරසේකර

ත්‍රෛයිනිකායික මහා නායක හිමිවරුන් ප්‍රධාන මහා සංඝරත්නය විසින් විමල් වීරවංශ අමාත්‍යවරයාට “ජනහිතකාමී දේශහිතෛෂි ශ්‍රී ලංකා පුත්‍ර”ගෞරව නාමය ලබාදීමෙන් ඉතා වැදගත් සේවාවක් එතුමාගෙන් බලාපොරොත්තු වන බවත් එය නම් මේ රටේ ජාතික දේශපාලනයක් ඇතිකිරීම පිණිස විමල් වීරවංශ අමාත්‍යතුමා  පෙරමුණ ගත යුතුය යන ඉල්ලීම බවත් දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවසීය. මේ රටේ ජාතික දේශපාලයක් තවමත් ඇතිකර නැති බවත් නිදහස ලැබුණු දිනයේ සිට අප තවමත් කරන්නේ විජාතික දේශපාලනයක් බවත් පැවසූ ඒ මහතා අද ශ්‍රී  ලංකාව මුහුණදෙන සියලු ඛේදවාචකවලට මුල සුද්දා විසින් අපට පවරා ගිය ඒ විජතික දේශපාලනය බවද අවධාරණය කළේය.
අමරසේකර මහතා මේ අදහස් පළකළේ අවිස්සාවේල්ල ආසනයේ මහා සංඝරත්නය සියක්නමක් විෂයෙහි චීවර පූජාව, ගිලන්පස දානමය පිංකම හා උවැසි උවැසුවන් 1000ක් සදහා සිල්රෙදි ප්‍රධානය කිරීමේ මහා පුණ්‍ය මහෝත්සවයට සහභාගී වෙමිනි. ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදුපහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබූ මෙම උත්සවය ඉකුත්දා පාදුක්ක අරුක්වත්ත ශ්‍රී මහා විහාරයේදී පැවැත්විණ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගුණදාස අමරසේකර මහතා “ මම හිතන්නෙ විමල් වීරවංශ අමාත්‍යතුමාට මේ ගෞරව සම්මානය ලබාදුන්ණේ කාරණා දෙකක් මුල්කරගෙන. ඉන් එකක් තමයි විමල් වීරවංශ මහතා විසින් පසුගිය කාලය තුළ මේ රට ජාතිය බේරාගැනීමට කළ මහා සටනට කෘතගුණ දැක්වීමක් වශයෙන්. එය අපි කව්රුත් පිළිගන්නවා. එතුමා විසින් පසුගිය කාලයේ මෙහෙයවූ ජාතික සටන නිසා තමයි අපට ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයෙන් මේ රට බේරගන්න පුළුවන් වුණේ. ඒ සටනේ පෙරමුණ විමල් වීරවංශ අමාත්‍යවරයා නොගත්තානම් ඒ වගේ විශාල බහුතර ජනතාවක් අවදිකරල ඒ සටනට යොමුකරන්න වෙන්නේ නැහැ.
එතුමා මානෙල් මල් ව්‍යාපාරය හදන්න මූලික වෙලා ඒ කටයුත්ත කළ නිසා තමයි රටපුරා මේ ත්‍රස්තවාදය නැතිකිරීමට මේ තරම් උද්යෝගයක් නිර්මාණය වුණේ. ඇතැම්විට අපට අමතක වෙන්න පුළුවන් විමල් වීරවංශ අමත්‍යතුමා තමයි උතුරු නැගෙනහිර වෙන්කිරීමට අවශ්‍යකරන සුවිශාල වැඩකොටස කළේ. ඒ කටයුත්ත එතුමා ඉටු නොකළානම් කවදාවත් උතුරු නැගෙනහිර වෙන්කරන්න වෙන්නේ නැහැ. ඒ අවස්ථාවේ මමත් එතුමා සමග සිටියා. එසේම සුනාමි ව්‍යවසනයෙන් පස්සෙ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමිය හැදුවා ප්‍රභාකරන්වත් අල්ලගෙන රට දෙකට බෙදාගන්න ආණ්ඩු කරන්න. උසාවි ගිහින් ඒ තත්වය නතර කිරීමටත් පෙරමුණ ගත්තේ විමල් වීරවංශ අමාත්‍යතුමා.
එතුමාට මේ ගෞරවනාමය ලබාදීමට බලපෑ දෙවන කාරණය තමයි ඉහත සදහාන් කළ පරිදි මේ රටේ ජාතික දේශපාලනය ඇතිකිරීමේ සුවිශාල කාර්යභාරයක් විමල් වීරවංශ අමාත්‍යතුමාට තිබෙනවා කියන කාර්යය සහිපත් කිරීම. ඒ කාර්ය තනිව විමල් වීරවංශ අමාත්‍යවරයාට විතරක් කරන්න බැහැ. එහි ඉතා සුවිශාල කාර්යයක් අපේ ගරුතර මහා සංඝරත්නයටත් පැවරෙනවා. මොකද අවුරුදු දෙදහස් ගණනක් මේ රටේ පැවැත්ම ස්ථාවර කළේ ආරක්ෂ කළේ මහා සංඝරත්නය. ඒ නිසා සිංහල බෞද්ධ සභ්‍යත්වය මුල්කරගත් ජාතික දේශපාලනයක් ඇතිකරනවානම් ඊට වඩා වැඩි විකල්පයක් නැහැ. අද වනවිට සුද්දා අපට ලබාදුන් දේශපාලනය විහිළුවක් වෙලා. අද වනවිට පාර්ලිමේනතුව කෝලම්මඩුවක්.” යනුවෙන්ද ගුණදාස අමරසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
- Con. Media
SAN_0067SAN_0130SAN_0146

No comments:

Post a Comment