Translate

Translate

Monday, April 21, 2014

කටුනායක ගුවන්තොටුපළේදී තුන් කෝටි 84 ලක්‍ෂයක වල්ලාපට්‌ටා අල්ලා ගනී

ප්‍රභාත් විතාන, අනුර බාලසූරිය සහ ජගත් කණහැරආරච්චි

නීති විරෝධී ලෙස ගුවන් මගින් ගෙනයැමට තැත්කළ රුපියල් තුන්කෝටි අසූහතර ලක්‍ෂයක්‌ පමණ වටිනා වල්ලාපට්‌ටා කිලෝ 48 ක තොගයක්‌ ඊයේ (20 දා) අලුයම කටුනායක ගුවන් තොටුපළේදී රේගු ජෛව විවිධත්ව හා ජාතික උරුම සුරැකීමේ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
ගුවන් මගින් මෙතෙක්‌ ගෙනයැමට තැත් කළ විශාලතම වල්ලාපට්‌ටා තොගය මෙය බවත්, රේගු ජෛව විවිධත්ව හා ජාතික උරුම සුරැකීමේ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සමන්ත ගුණසේකර මහතා පැවසීය.

එමෙන්ම මෙම වල්ලාපට්‌ටා තොගය සුද්දකර ඉස්‌තරම් ලෙස සකස්‌ කරන ලද තොගයක්‌ බවද හෙතෙම පැවසීය.

මෙම තොගය ඉන්දියාවේ චෙන්නායි බලා ගෙන යැමට ඊයේ (20) අලුයම ගුවන් තොටුපළ වෙත පැමිණි ඉන්දියන් ජාතිකයන් දෙදෙනකුගේ හා ශ්‍රී ලාංකිකයකු සතු ගමන් මලු තුනක අසුරා තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්‍ෂ ලෙස්‌ලි ගාමිණී මහතා සඳහන් කළේය.

මෙම තොගය ඉන්දියාවට ගෙන ගොස්‌ එහි සිට සුවඳ විලවුන් නිෂ්පාදනය කෙරෙන පැරීසිය, අරාබිය වැනි රටවලට යෑවීම ඊළඟ පියවර බවත් සහකාර රේගු අධ්‍යක්‍ෂ සමන්ත ගුණසේකර මහතා පැවසීය.

වනජීවී හා වෘක්‌ෂලතා ආඥපනත යටතේ වල්ලාපට්‌ටා අපනයනය කිරීම තහනම් වේ.

රේගු ජෛව විවිධත්ව හා ජාතික උරුම සුරැකීමේ අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සමන්ත ගුණසේකර, නියෝජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ජයසිංහ, සහකාර රේගු අධිකාරිවරුන් වන නුවන් අබේනායක, මනෝඡ් සමරසේකර, මංජුල කුමාර, තිලංක සමරවීර, චින්තක ශාමල්, නිරෝෂා විඡේතුංග යන නිලධාරීහු මේ ගැන වැඩිදුර විමර්ශන කටයුතු කරති.

No comments:

Post a Comment