Translate

Translate

Wednesday, April 23, 2014

මුතු ඇටය දැන් තග්ලන්තයක්.. ප‍්‍රභාකරන්ගේ භීතිය දැන් රාජපක්‍ෂලාගේ ගමේ

මුතු ඇටය දැන් තග්ලන්තයක්.. ප‍්‍රභාකරන්ගේ භීතිය දැන් රාජපක්‍ෂලාගේ ගමේලංකාවේ තිබෙන්නේ මැර සහ මාෆියා පාලනයක් බව මුළු ලෝකයම මේ වනවිට පිළිගෙන අවසාන බවත් දැන් ලංකාව තග්ලන්තයක් වී ඇති බවත් එජාප මාධ්‍ය ප‍්‍රධානී නායක මණ්ඩල සාමාජික සහ මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා පවසයි.
කොළඹදී මාධ්‍ය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා මෙසේද කීය.
‘ඒකාධිපති රාජපක්ෂ රෙජිමයේ හදවත වන හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක යෙදී සිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට එල්ල කළ මැර ප‍්‍රහාරය මාෆියා පාලනයේ සැබෑ තත්ත්වය මුළු ලෝකයටම හෙළි වුණා.
මන්ත‍්‍රීවරුන් හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ නිරීක්ෂණය කිරීම සදහා එහි ගියේ ඒකාධිපති රෙජිමයේ සුදු අලි සංවර්ධාන කි‍්‍රයාවලියේ සැබෑ මුහුණුවර පාර්ලිමේන්තුවට රටට සහ ජනතාවට හෙළි කිරීම සදහා.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට මේ මැර ප‍්‍රහාරය එල්ල වූයේ වත්මන් ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ තිස් අවුරුද්දක් මුළුල්ලේද වත්මන් කථානායකවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා 1989 සිටද තාරුණ්‍යට හෙටක් උදා කරන බව කියන නාමල් රාජපක්ෂ ඇතුළු ඒ පවුල නියෝජනය කරන හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ.
මේ වගේම මැර සංස්කෘතියක් දශක ගණනාවක් මුළුල්ලේ එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් යටතේ උතුරේ නිර්මාණය වී තිබුණා.ඔහුගේ එම මැර සංස්කෘතිය යටතේ උතුරේ ජීවත් වූ සාමාන්‍ය සහ අහිංසක ද්‍රවිඩ ජනයා ප‍්‍රාණ ඇපකරුවන් බවට පත්ව සිටියා අපට මතකයි.
මේ මැර සංස්කෘතිය විවේචනය කළ ඊට එරෙහිව කි‍්‍රයා කළ සහ එම සංස්කෘතිය ප‍්‍රතික්ෂේප කළ සාමාන්‍ය ද්‍රවිඩ ජනයා පමණක් නොව ද්‍රවිඩ දේශපාලන නායකයින් පවා වේළුපිල්ලේ ප‍්‍රභාකරන් අමු අමුවේ ඝාතනය කළ ආකාරය අප දැක තිබෙනවා.
ධර්මද්වීපය සහ ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස ඉතිහාසයේ හැදින්වූ ශ‍්‍රී ලංකාව ඒකාධිපති රෙජිමය යටතේ ලෝකයා දැන් හදුන්වන්නේ මැර ද්වීපය (තග්ලන්තය) කියා’

No comments:

Post a Comment