Translate

Translate

Wednesday, April 9, 2014

'නෙදියවන්ගේ දෙවෙනියා'

එල්ටීටීඊ සංවිධානයේ ඉහල පෙළේ නායකයෙකු අත් අඩංගුවට ගෙන තිබෙන බව ශ්‍රී ලංකා පොලිසිය ප්‍රකාශ කරයි.
මීට මාසයකට පෙර මැලේසියාවෙන් පිටුවහල් කරන ලද කබිලන් හෙවත් නන්දගෝපන් නැමැත්තා කොළඹ දී අත් අඩංගුවට ගන්නා ලද බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සංදේශයට කියා සිටියේ.
තවත් එල්ටීටීඊ සැකකරුවන් පිරිසක් අත් අඩංගුවේ පසු වන බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේය.

'නෙදියවන්ගේ දෙවෙනියා'

ශ්‍රී ලංකාවෙන් පිටත වසන එල්ටීටීඊයේ ඉහල පෙළේ නායකයෙක් ලෙස සැලකෙන නෙදියවන්ගේ දෙවෙනියා වශයෙන් සුබ්‍රමනියම් කබිලන් කටයුතු කොට ඇති බව මාධ්‍ය වාර්තා පළ වී තිබේ.
1990 දී එල්ටීටීඊයට බැඳුනු සුබ්‍රමනියම් කබිලන් 2009 දී ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදා ගෙන මැලේසියාවට පිටත් වී ඇති බව අජිත් රෝහණ පැවසීය.
මැලේසියාව සිට ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදා ගෙන බ්‍රිතාන්‍යයට ගමන් කරන්න උත්සාහ දැරූ අවස්ථාවේදී 2013 දී ඔහු අත්අඩංගුවට පත් වී තිබේ.
සිර දඬුවමකට පසුව ශ්‍රී ලංකාවට පිටුවහල් කළ අවස්ථාවේ දී ඔහු ත්‍රස්ත මර්දන ඒකකය විසින් මාර්තු 6 වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙන බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ කියා සිටියේය.
එල්ටීටීඊ සංවිධානයේ මාධ්‍ය අංශය භාරව කාලයක් කටයුතු කර ඇති කබිලන්, 1991 දී අලිමංකඩ ප්‍රහාරයට සහභාගී වී ඇති බවට තොරතුරු තිබෙන බවත් පොලිසිය පවසයි.
‘මොහුට විරුද්ධව කොළඹ අධිකරණයේ මිට කාලයකට පෙර නිකුත් කරපු විවෘත වරෙන්තුවක් තිබෙනවා. නීතියේ රාමුව තුල අපි කටයුතු කරනවා’ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ කීවේය.
‘එල්ටීටීඊ ත්‍රස්තවාදී ක්‍රියා සහ ජාතික සමගිය නැති කිරීමට උත්සාහ කිරීම’ සම්බන්ධයෙන් තවත් පිරිස් අත් අඩංගුවට ගෙන ඇති බවද අජිත් රෝහණ කියා සිටියේ.

No comments:

Post a Comment