Translate

Translate

Wednesday, April 23, 2014

මතකය රඳවන සිනහව

සිනහවීම  මතකය දියුණු කර ගැනීමට හොඳම මඟ බව අධ්‍යනයකින් සොයාගෙන ඇත. එක්සත් ජනපදයේ පර්යේෂකයන් පිරිසක් පවසන්නේ වයසට ගිය මිනිසුන් සිනහවෙන් කල්ගෙවීම හේතුවෙන් ඔවුන්ට  යම් දෙයක් මතකයේ තබා ගැනීමට ඇති හැකියාව ඉහළ යන බවයි.
සිනහව මගින් මානසික ආතතිය අඩුකිරීම මෙයට හේතුවකි. මානසික ආතතිය මතකය අඩුකරණ සාධකයකි.
කැලිෆෝර්නියාවේ ලොමා ලින්ඩා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් සෞඛ්‍ය සම්පන්න වැඩිහිටියන් විසිදෙනෙකුගෙන් ඉල්ලා ඇත්තේ හාස්‍යජනක වීඩියෝ දර්ශන මිනිත්තු 20 ක් නරඹන ලෙසයි. මේ දර්ශන නැරඹීමෙන් වැළකි සිටින කණ්ඩායමක් ද පර්යේෂණයට සහභාගී කරගෙන ඇත.
මෙම ක්‍රියාදාමයෙන් අනතුරුව කණ්ඩායම් දෙක ම මතකය පිලිබඳ පරික්ෂාවකට ලක්කළ අතර ඔවුන්ගේ ඛේටය සාම්පල් ලබාගනිමින් ආතතිය සම්බන්ධ හෝර්මෝනය වන කොටිසෝල් පරික්ෂාව ද සිදුකෙරිණි.මෙහිදී සොයාගෙන ඇත්තේ සිනහවෙමින්  හාස්‍යජනක වීඩියෝ දර්ශන  නැරඹු කංඩායමේ මතක ශක්තිය සිනහ නොවී සංසුන්ව සිටි කංඩායම් සාමාජිකයන්ගේ මතක ශක්තියට වඩා ඉහළ අගයක පැවති බවයි.
එමෙන්ම සිනහවෙමින් සිටි කංඩායමේ කෝටිසෝල් වල මට්ටම ඉතාමත් පහළ මට්ටමක පැවති බවයි.
මෙම අධ්‍යනයේ ප්‍රධානි ගුරින්ඩර් බෙයින්ස් ඒබිසි නිවුස් සේවයට පවසා ඇත්තේ ඉගෙන ගැනීමේ හැකියාව හා ස්මරණ ශක්තිය වයසට යාමේදී ඉතාමත් අභියෝගයට ලක්වන කරුණු දෙකක් බවයි. දිනපතා යහළුවන් සමගින් එක්වී විනෝද වීම හෝ හාස්‍යජනක වැඩසටහනක් රූපවාහිනියේ මිනිත්තු 20 ක් නැරඹීමෙන් මානසික ආතතිය මැඩපැවැත්මට සහයක් ලැබෙයි.
මානසික ආතතිය අඩු මිනිසුන්ගේ මතක ශක්තිය ඉහළ බව ද පර්යේෂකයෝ පවසති. සිනහවීමෙන් ශරීරයේ එන්ඩොපින්ස් නම් හෝර්මොනය ඉහළයාෙමන්  ඩොපමයින් නැමැති හොර්මොනය මොලයට යැවෙන බවත් එමගින් සතුට සහ සැනසීම වර්ධනය වන බවත් ඔවුහු කියති.  මොලයේ ඇති තරංග මාලාවන් ගේ ක්‍රියාකාරකම් ෙවනස් වීෙම් ප්‍රතිඵලයක් ලෙස මතක ශක්තිය ඉහළ යයි.

No comments:

Post a Comment