Translate

Translate

Friday, April 4, 2014

මහින්දට එරෙහිව ප‍්‍රබල ඇමතියෙක් පොදු අපේක්‍ෂක වෙන්න සූදානම්..?

ඉදිරියේදී එළඹීමට නියමිත ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකත්වය තමාට දීමට එකඟ වන්නේ නම්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව තරඟ කිරීමට තමා සුදානම් බව ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු එජාප ප්‍රබලයකු වෙත දැනුම්දී ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
එම කාරණය සම්බන්ධයෙන් පැහැදිලි එකඟත්වයක් ලබාදී නොමැති එජාප ප්‍රබලයා, එජාප නායකයාගේ අනුමැතිය ගෙන අදාළ ඇමතිවරයාගේ සමීපතම හිතවතකු හමුවීමට වහාම විදේශගතව ඇත.
රාජපක්ෂවරුන්ගේ පාලනයක් යටතේ ශ්‍රී ලංකා කාරයින්ට තැනක් නැතැයි පවසා ඇති අදාළ ඇමතිවරයා, තම සමග මැති ඇමතිවරු 22 දෙදෙනෙකු සිටින බව අවධාරණය කර ඇතැයි ද පැවසේ.
ජනාධිපතිවරණය කැඳවූ වහාම එම ඇමතිවරුන් සමග ආණ්ඩුවෙන් ඉවත්වීමට අදාළ ඇමතිවරයා එකඟත්වය පළකර ඇතැයි ද වාර්තාවේ.
උපුටා ගැනීම – ලංකා හෙරල්ඞ්

No comments:

Post a Comment