Translate

Translate

Thursday, April 17, 2014

නොරොච්චෝල වියදම පියවා අවසන්.. දැන් ලාබ හොයනවා

නොරොච්චෝල විදුලි බලාගාරය ඉදිකිරීමට ගිය වියදම උපයාගෙන අවසන් වී දැන් ලාභ ලබන බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනවිරත්න මහතා පවසයි.
‘නොරොච්චෝලේ තාප බලාගාරයෙන් අපට දැනටමත් ප‍්‍රතිලාභ ලැබෙනවා.කොටින්ම ඒ සදහා අපට ගිය වියදම දැන් අපි උපයාගෙනත් ඉවරයි. ඕනෑම යන්ත‍්‍ර සූත‍්‍රයක් කැඩෙනවා තමයි.කැඩුනම හදනවා.ඒවාට තමයි ඉංජිනේරුවන් ඉන්නේ.
හෙජිත් වගේ ගිවිසුම් ලෝකයේ වෙනත් රටවලත් අති කරගැනෙනවා.තෙල් මිල නිතර ඉහළ පහළ යනකොට අපේ මිල ගණන් එකම මට්ටමක පවත්වාගෙන යන්නයි එමගින් අපි උත්සාහ කෙරුවේ.ඉතින් ඒවා වරදින අවස්ථාවලත් තියෙනවා.මේකත් අන්න ඒ වගේ අවස්ථාවක් විපක්ෂයේ ඉන්න සමහර මැටි මෝල් දේශපාලඥයින්ට ඒවා තේරුම් ගන්න අමාරුයි.
ඒ ගැන දොස් දකින එක විතරමයි විපක්ෂයේ අයට කරන්න පුළුවන්.ඒ මිසක් එමගින් ලැබෙන ප‍්‍රයෝජන ගැන හිතන්නේ නෑ.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ මහ ගලක් තිබෙන නිසා නැව් එන්නේ නැහැයි කියන එක වගේම මත්තල ගුවන් තොටුපලට ගුවන් යානා නොයෙන බව කීමත් පට්ටපල් බොරුවක්. කලින් අපට තිබුණේ එක ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් විතරයි.ඒත් දැන් අපට ජාත්‍යන්තර ගුවන් ගුවන් තොටුපළ 2ක් තිබෙන නිසා අයහපත් කාලගුණික හේතුවක් මත කටුනායක ගොඩබාගන්න බැරි අවස්ථාවක වුණත් මත්තලට යන්න පුළුවන්’ යයිද ඇමතිවරයා අදහස් පල කරයි.

No comments:

Post a Comment