Translate

Translate

Wednesday, April 9, 2014

සිංහල සහ දෙමළ වැසියන් ආහාර සහ ජල හිඟයක


මෑතදී උතුරේ යලි පදිංචි කරන ලද පුද්ගලයන් ඇතුළු සිංහල සහ දෙමළ වැසියන් දහස් ගණනක් නියඟය හේතුවෙන් දැඩි ආහාර සහ ජල හිඟයකට මුහුණ පා සිටින බව ප්‍රදේශවාසීහු පවසති.
විශේෂයෙන්ම වසරක් ඇතුලත වැසි නොලැබීම නිසා වවුනියාවේ වෙහෙරතැන්න, කම්පිටියාවැව, ඕන්වැව, කොහොඹගස්වැව සහ වෙහෙරවැව ඇතුළු ගම්මාන ගණනාවක වෙසෙන ජනතාව නියඟයෙන් දැඩිව පීඩා විඳින බවයි, වෙහෙරතැන්න රතනසාර පුරාණ විහාරයේ විහාරාධිපති කුඩාහල්මිල්ලෑවේ වනරතන හිමියන් බීබීසී සංදේශයට කියා සිටියේ
'හමුදාවෙන් වතුර දෙනවා, එත් තවමත් ආණ්ඩුවෙන් සහනාධාර නෑ'
ගතවගිය වසරක පමණ කාලය ඇතුලත ජනතාව නැවත පදිංචි කරන ලද බෝගස්වැව, නාමල්ගම, සඳගිරිගම, සඳමල්ගම සහ වැලිඔය පළාතේ ප්‍රදෙශයකටද නියඟය දැඩිව බලපා තිබෙන බවද එහිමියෝ සඳහන් කළහ.
ආහාර හිඟයෙන් පෙලෙන දරු පවුල් රක්ෂා කිරීම් වස් බොහෝ පවුල්වල පුරුෂයන් ප්‍රදේශයෙන් පිට ගොස් දෛනික රැකියා සොයා ගෙන සිය දරු පවුල්වලට මුදල් එවන බව පවසන කුඩාහල්මිල්ලෑවේ වනරතන හිමියෝ, කෙසේ නමුත් තවමත් මේ ජනතාවට ආණ්ඩුවෙන් හෝ ප්‍රාදේශීය බලධාරීන්ගෙන් සහනාධාර නොලැබෙන බවද පවසති.
මේ අතර නියඟයෙන් පෙලෙන පදවිය ප්‍රදේශවාසීන්ට සහනාධාර ලබා දීම දැනටමත් ආරම්භ කොට තිබේ.
වෙහෙරතැන්න ඇතුළු ගම්වාසීන්ට සහනාධාර නොලැබෙන නමුත් ප්‍රදේශයේ හමුදා කඳවුරේ නිලධාරීන් ඔවුන්ට බවුසර් මගින් පානීය ජලය බෙදාදීම ආරම්භ කොට ඇති බවද කුඩාහල්මිල්ලෑවේ වනරතන හිමියෝ සංදේශයට කියා සිටියහ.
උතුරේ සහ නැගෙනහිර නියඟයෙන් පීඩා විඳින ජනතාවට හැකිනම් උපකාර කරන මෙන් එහිමියෝ ස්වේච්ඡා සංවිධාන සහ ශ්‍රී ලංකාවාසීන්ගෙන් ඉල්ලා සිටිති.

No comments:

Post a Comment