Translate

Translate

Thursday, April 17, 2014

ඇමති මෛත‍්‍රී ඊශ්වර දෙවියන්ට කුණු පළතුරු පූජා කරලා.. කපුවා පොලීසි යයි

සෞඛ්‍ය ඇමති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය අවුරුදු දා මුන්නේශ්වරම ඊශ්වර මහ දෙවෙල වැද පුදා ගැනීමට පැමිණ දෙවියන්ට පූජා කිරීමට මිලදීගත් පූජා වට්ටියේ කුණු වූ පලතුරු තිබූ බවට පැමිණිල්ලක් ලැබුණු බව පොලීසිය කියයි.
ඊශ්වර දෙවෙල කරා පැමිණි ඇමතිවරයා දෙවියන් පිදීම පිණිස දේවාලය අසල ඇති පූජා වට්ටි කඩයකට  ගොස් රුපියල් 1500 ක පමණ වටිනාකමක් ඇති බව කියන පූජා වට්ටියක් මිලදී ගෙන ඇත. එයට විවිධ පළතුරු මල් හා පොල් ගෙඩියක් ඇතුළත්ව තිබුණි.
එම පූජා වට්ටිය ගෙනැවිත් මහා දේවලයේ සිව ලිංගය ඇති ක්ිය ඉදිරිපිටට පැමිණි ඇමතිවරයා පූජා වට්ටිය එහි පූජා පවත්වන පූජකවරයෙකුට දී දේව පූජාවක් පවත්වා ඇත .  දේවාශිර්වාදය ලබාගත් ඇමතිවරයා මොහොතක් දේවලයෙහි  රැදී සිට පසුව පිටව ගොස් තිබේ.
පූජකවරයා ඇමතිවරයා පූජා කළ පූජාවට්ටියේ වූ පළතුරු ඉවත් කිරීමට යාමේදී ඒ තුළින් දුගදක් දැනී පරීක්ෂා කළ විට වට්ටියේ ඇති පළතුරු අතර කුණු වූ පළතුරු ඇති බව දැක ඇත.
ජූජා වට්ටිය සකස් කළ අය එයට කුණු වූ පළතුරු තැබීම නිසා එම තත්ත්වය සිදුවී ඇති බව තේරුම් ගත් පූජකවරයා වහාම මේ අසල ඇති පොලිස් මුරපොළට පැමිණිලි කර තිබේ.
පසුව සිද්ධිය හලාවත කොට්ඨාශ පාරිසරික පොලිස් ඒකකයට දැන්වීමෙන් පසුව එහි නිලධාරියෙකු පැමිණ පරීක්ෂා කළ විට එම පූජා වට්ටියට කුණු වූ පළතුරු ඇතුළත් කර ඇති බව තහවුරු කරගෙන එම පූජාවට්ටිය අලෙවි කළ  කඞ් හිමියා කැදවා ඔහුට දැඩි ලෙස අවවාද කළ බව පොලීසිය කියයි

No comments:

Post a Comment