Translate

Translate

Monday, April 21, 2014

හම්බන්තොට නගරාධිපති ළඟ පිස්‌තෝලයක්‌ තිබුණු බව දැන ගත්තේ මාධ්‍ය මගින්

හම්බන්තොට නගරාධිපති ළඟ
පිස්‌තෝලයක්‌ තිබුණු බව  දැන ගත්තේ මාධ්‍ය මගින්
හම්බන්තොට ඒ. එස්‌. පී. කියයි

නෝමන් පලිහවඩන

හම්බන්තොට නගරාධිපතිවරයා ළඟ පිස්‌තෝලයක්‌ තිබූ බව තමාට දැන ගැනීමට ලැබුණේ මාධ්‍යයෙන් පමණක්‌ යෑයි හම්බන්තොට සහකාර පොලිස්‌ අධිකාරී ජී. ජී. ධනපාල මහතා "දිවයින"ට ප්‍රකාශ කළේය.

තමා දන්නා තරමට මෙම ප්‍රහාරය ඇති වූයේ මාධ්‍යවේදීන් සහ එම ප්‍රහාරයට සම්බන්ධ කීපදෙනා අතර හටගත් ප්‍රශ්නයක්‌ නිසා බවද හෙතෙම කීවේය.

හම්බන්තොට සංවර්ධන කටයුතු සොයා බැලීමට ගිය එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්‌දෙනාට කිසිදු හිරිහැරයක්‌ සිදුනොවූ බවද පොලිසිය මැදිහත් වී ඔවුන් ඉතා ආරක්‍ෂාකාරිව බස්‌රියට නැංවූ බවද හෙතෙම පැවසීය.

මේ අතර සිද්ධිය පිළිබඳව පූර්ණ පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට ගිය රහස්‌ පොලිස්‌ කණ්‌ඩායමට ඇතැම් පොලිස්‌ නිලධාරීන් පරස්‌පර විරෝධී ප්‍රකාශ ලබාදී ඇත.

නගරාධිපතිවරයා සතු පිස්‌තෝලය සෙල්ලම් පිස්‌තෝලයක්‌ බව සනාථ කිරීමට හම්බන්තොට පොලිසිය ක්‍රියා කර ඇති අතර ඇතැම්විට මෙම පිස්‌තෝලය මාරුකර ඉදිරිපත් කිරීමට හම්බන්තොට පොලිස්‌ නිලධාරීන් ක්‍රියා කරනු ඇතැයි වැඩ බලන විපක්‍ෂනායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා "දිවයින"ට ඊයේ ප්‍රකාශ කළේය.

මෙම රහස්‌ පොලිස්‌ පරීක්‍ෂණ කටයුතු සාධාරණව සිදුවෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද හෙතෙම කීවේය.

මේ අතර මෙම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පස්‌දෙනාට බැණවැදි හූ කියමින් ගල්මුල් හා බිත්තරවලින් ප්‍රහාර එල්ල කළ තිදෙනකු රහස්‌ පොලිසිය මගින් දැන් සම්පූර්ණයෙන්ම හඳුනාගෙන ඇත.

No comments:

Post a Comment