Translate

Translate

Monday, April 28, 2014

බිරිය රු. ලක්‍ෂ 20ක්‌ දී සැමියා ඝාතනය කරවයි

බිරිය රු. ලක්‍ෂ 20ක්‌ දී සැමියා ඝාතනය කරවයි 
තරුණ බිරිඳ සහ හමුදා සෙබළු රිමාන්ඩ්


අර්වින් රෝයි සිල්වා - වැල්ලව

රුපියල් විසිලක්‍ෂයක කොන්ත්‍රාත්තුවක්‌ දී තම විවාහක සැමියාගේ ගෙල කපා ඝාතනය කරවූ වැල්ලව තරුණ කාන්තාවක හා අපරාධ කළ යුද හමුදා සෙබළුන් තිදෙනකු පෙරේදා (26 වැනිදා) කුරුණෑගල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

වැල්ලව නෙලියාව ග්‍රාමයේදී ඉකුත් මාර්තු 08 වැනි දින මෙසේ කෲර ලෙස ඝාතනය කර තිබුණේ ඉඩම් හිමි වැවිලිකරුවකු වූ කෝරළගේ ජනක ප්‍රියන්ත නමැති තිස්‌හත් හැවිරිදි එක්‌දරු පියෙකි.

ඝාතනයට ලක්‌වූ පුද්ගලයා තම විවාහක බිරිඳ සමග අමනාපව නිවසේ තනිවම ජීවත්ව සිට ඇත. විදේශගතවී සිට පැමිණි බිරිඳ ඔහු සතු අක්‌කර ගණනාවක පොල් ඉඩම විකුණන ලෙස ඉල්ලා ඇතත් ස්‌වාමිපුරුෂයා ඊට අකමැති වී තිබේ. මේ නිසා තම ඥති පුත්‍රයකු වන හමුදා සෙබළකු මාර්ගයෙන් දැන හඳුනාගත් කොකාවිල් හමුදා කඳවුරේ සෙබළු දෙදෙනකු ලවා සැමියා ඝාතනය කරවූ බවට අත්අඩංගුවට පත් කාන්තාව පාපොච්චාරණය කර ඇත.

හමුදා සේවයේ නිරතව සිටි රාජාංගනයේ කින්සි සඳරුවන්, දෙයියන්දර නිශාන්ත මධුසංක, කන්තලේ සජිත් ප්‍රසන්ග යන සෙබළුන් තිදෙනා සමග ඝාතනයට ලක්‌වූ පුද්ගලයාගේ විවාහක බිරිඳ වන නදීශා සරෝජනී නමැත්තිය වැල්ලව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

වැල්ලව පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක අනුර ගුණවර්ධන, අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සමරසිංහ, පොලිස්‌ පරීක්‍ෂක උදාර, (12515) සැරයන් රන්දුල, (10978) සැරයන් මද්දුම බණ්‌ඩාර යන නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

No comments:

Post a Comment