Translate

Translate

Wednesday, May 7, 2014

අලි පැටවුන් ජාවාරම පසුපස කොලඹ මහ පන්සල් දෙකක්, ප‍්‍රබල ඇමතිවරුන්..

අලි පැටවුන් ජාවාරම පසුපස කොලඹ මහ පන්සල් දෙකක්, ප‍්‍රබල ඇමතිවරුන්..මෙරට සිදු කෙරෙන මහා පරිමාණ අලි පැටවුන් ජාවාරමට කොළඹ ප‍්‍රධාන පන්සල් දෙකක හාමුදුරුවරුන්ද සම්බන්ධ යයි බොදුබල සේනා සංවිධානය චෝදනා කරයි.
එම සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කොළම පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ඔවුන්ට මැති ඇමතිවරුන්ගේ අනුග‍්‍රහයද ලැබෙන බවයි.
‘අලි පැටවු හොරකම් කරන එක වහාම නැවැත්තුවේ නැත්නම් අපි ඒකට සම්බන්ධ හැමෝගෙම නම් ගම්, තොරතුරු හෙළි කරන්න ලෑස්තියි. මේ කරන්නෙ ඔවුනට කරන රතු නිවේදනයයි. අලි හොරකම කියන්නේ හංගන් ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි. අලි හංගගෙන ඉන්න තැනුත්, හංගගෙන ඉන්න අයත් අපි දන්නවා.
සාංඝික දේපළ විකුණන් කන රොත්තක් ඉන්න දළදා මාළිගාවේ අලි පැටවු ගැනත් අපිට කවර කතාද? ගම්පොළ, නුවර සාංඝික ඉඩම් විකුණුව මිනිස්සු දළදා මාළිගාවේ අලි පැටවු ටිකත් විකුණන එක අහන්න දෙයක් නෙවෙයි. රට ඇතුළේ අලි ඇතුන් මුදල් උපයන මාර්ගයක් විදිහට පාවිච්චි කරන්නේ කොහොමද? සොබාදහම තියන්නේ අපිට  ඕන විදිහට කොල්ලකන්න නෙමෙයි’ යයිද එහිමියෝ එහිදී කියා සිටියහ.

No comments:

Post a Comment