Translate

Translate

Monday, May 5, 2014

කොළඹ අන්තවාදී සංවිධාන 4 ක්‌ ගැන ඇමරිකානු රහස්‌ ලියවිල්ලක්‌ හෙළි කරයි

කොළඹ අන්තවාදී සංවිධාන 4 ක්‌ ගැන
ඇමරිකානු රහස්‌ ලියවිල්ලක්‌ හෙළි කරයි


කීර්ති වර්ණකුලසූරිය

අන්තවාදී සංවිධාන හතරක්‌ කොළඹ නගරයේ ක්‍රියාත්මක වන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රහස්‌ ලියවිල්ලකින් හෙළිකර ඇත.

මේ සංවිධාන ගැන තොරතුරු හෙළිකර ඇත්තේ ඇමරිකානු තානාපති කාර්යාලයේ විමර්ශන නිලධාරියකු ලෙස සේවය කළ එම්. අයි. කාදර් නමැත්තෙකි.

මෙම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු රහස්‌ ලියවිල්ලට අනුව ජාත්‍යන්තර සබඳකම් ඇති ඉස්‌ලාමීය සංවිධාන 13 ක්‌ද මෙරට ක්‍රියාත්මක වේ.

අතිශයින්ම රහස්‌ගතයි යන තේමාව යටතේ මේ රහස්‌ තොරතුරු කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ සිට රාජ්‍ය දෙපාර්තමේන්තුවට යවා තිබේ. ත්‍රිකුණාමලය තුළ ඔසාමා කණ්‌ඩායම නමින් සංවිධානයක්‌ද ක්‍රියාත්මක වන බව එහි සඳහන් වී ඇත.

ඇමරිකානු නිලධාරියකු වන ඇලෙක්‌ස්‌ මූර් මේ තොරතුරු ඇමරිකානු බලධාරීන්ට යවා තිබේ.

No comments:

Post a Comment