Translate

Translate

Tuesday, May 20, 2014

අගමැති දි.මු.ට ඉංග‍්‍රීසි වැරදී චීන-ශ‍්‍රී ලංකා රාජතාන්ත‍්‍රික අවුලක් හැදේ…

අගමැති දි.මු.ට ඉංග‍්‍රීසි වැරදී චීන-ශ‍්‍රී ලංකා රාජතාන්ත‍්‍රික අවුලක් හැදේ…

අගමැති දි.මු.ට ඉංග‍්‍රීසි වැරදී චීන-ශ‍්‍රී ලංකා රාජතාන්ත‍්‍රික අවුලක් හැදේ…

ශ‍්‍රී ලංකා අගමැති දි.මු. ජයරත්න මහතා පසුගිය වෙසක් පොහොය නිමිත්තෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් වියට්නාමයේ සංවිධානය කර තිබූ වෙසක් උත්සවයේ දී ඉදිරිපත් කල කතාවේ ඉංග‍්‍රීසි පරිවර්තනය වැරදි සහගත වීමෙන් චීන-ශ‍්‍රී ලංකා රාජ්‍ය තාන්ත‍්‍රික අර්බුදයක් මතු වී ඇතැයි ආරංචි මාර්ග කියයි.
අගමැතිවරයාගේ කතාවේ වැරදි පරිවර්තනය මගින් චීනය, වියට්නාමයට කරන මැදිහත්වීම් බරපතළ ලෙස විවේචනයට ලක් කර ඇති බවත් එක්සත් ජාතීන්ගේ සමුද්‍ර ප‍්‍රඥප්තිය උල්ලංඝනය කර ඇති බවද සඳහන් කර ඇතැයි වියට්නාමයේ හැනොයි ජාතික ප‍්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරයි.
මෙම වැරදි පරිවර්තනය නිසා චීනය සහ ශ‍්‍රී ලංකාව අතර ඇති මිතුදමට අයහපත් බලපෑමක් එල්ල වී තිබේ. අදාළ උත්සවය අවසන් වී පැය හතකින් චීන තානාපති වූ ජින්හා ඕ මහතා නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයාගේ අදාළ ප‍්‍රකාශය පිළිබඳ චීන රජයේ බලවත් අප‍්‍රසාදය පළ කර ඇත.
අගමැතිවරයාගේ මෙම වෙසක් උත්සව කතාව සිංහලෙන් සකස් කර ඇති අතර පසුව එය අගමැති ලේකම්වරයා විසින් ඉංග‍්‍රීසි භාෂාවට පරිවර්තනය කර ඇත. එය කිසිවෙකුගේ අධීක්ෂණයකින් තොරව වියට්නාම් බලධාරීන්ට භාර දී ඇත්තේ ඔවුන්ගේ ජාතික භාෂාවට පරිවර්තනය කිරීම සඳහාය.
කෙසේ වෙතත් මේ වන විට විදේශ කටයුතු අමාත්‍යංශය අදාළ වරද නිවැරදි කිරීමේ උත්සාහයක යෙදී සිටින අතර ඒ සඳහා විදේශ ඇමති ජී.එල්. පීරිස් මහතාද මැදිහත්ව ඇතැයිද වාර්තා වෙයි.

No comments:

Post a Comment