Translate

Translate

Thursday, May 15, 2014

දකුණේ ප්‍රථම 3D සිනමාහල සඳුදා විවෘත කෙරේ

දකුණේ ප්‍රථම 3D සිනමාහල සඳුදා විවෘත කෙරේ
- අනුර ජසෙන්තුලියන

* ප්‍රේක්‌ෂකයන්ට බොරු කරන්න බැහැ
* සිනමා ශාලා හොඳ තත්ත්වයේ තිබිය යුතුයි


නිෂ්පාදකයකු, අධ්‍යක්‍ෂවරයකු නොමැතිව සිනමා නිර්මාණයක්‌ බිහිවන්නේ නැත. චිත්‍රපටයක්‌ නිර්මාණය වූවද එය ප්‍රේක්‍ෂකයා වෙත ගෙන යැමට සිනමා ශාලාවක්‌, නැතිනම් ප්‍රදර්ශකයෙක්‌ අවශ්‍යය. චිත්‍රපටයක්‌ සමඟ ප්‍රදර්ශකයෙක්‌ ඉදිරිපත් වූවද එය නැරඹීමට ප්‍රේක්‍ෂකයෙක්‌ නොමැතිනම්.. ඒ නිර්මාණයෙන් පලක්‌ නැත.




මේ අනුව පැහැදිලිවන කරුණක්‌ වන්නේ නිෂ්පාදකයා, අධ්‍යක්‍ෂකවරයා මෙන්ම ප්‍රදර්ශකයාද, ප්‍රේක්‍ෂකයාද චිත්‍රපට කර්මාන්තයේ අත්‍යවශ්‍ය සාධක බවය.

මෙහි ප්‍රබලම සාධකය වන්නේ ප්‍රේක්‍ෂකයාය. කොතරම් හොඳ චිත්‍රපටයක්‌ නිර්මාණය කළද පහසුකම් ඇති හොඳ ශාලාවක්‌ නොමැති නම්... ප්‍රේක්‍ෂකයා සිනමාවෙන් ඈත්වන තත්ත්වයටද අපි පසුගිය කාලයේ මුහුණ දුන්නෙමි.

දැන් දළ සේයාපට යුගය අවසන්ය. ලොව පුරා බොහෝ රටවල දැන් චිත්‍රපට නිර්මාණය වන්නේ ඩිජිටල් ක්‍රමයටය. මිලිමීටර් 35 සිනමාව වෙනුවට දැන් ත්‍රිමාණ ප්‍රක්‍ෂේපන ක්‍රමයට හුරුවෙන්නට.. නවීන තාක්‍ෂණය හමුවේ අපේ ප්‍රේක්‍ෂකයාටද සිදුවේ. මෙය අලුත් අත්දැකීමකි.

අපි මෙතෙක්‌ කලක්‌ මිලිමීටර් 35 සිනමාව ඔස්‌සේ පැතලි (FLAT) ප්‍රක්‍ෂේපන ක්‍රමයකට හුරුව සිටියෙමු. ඉන් ඔබ්බට ගොස්‌ දැන් ගැඹුරු හා සජීවිකරණ අත්දැකීමකට ත්‍රිමාණ ප්‍රක්‍ෂේපනය ඔස්‌සේ සිනමාලෝලීන්ට වින්දනයක්‌ ලබාගත හැක. ඇවටා චිත්‍රපටය සමඟ ලොව බොහෝ රටවල් මෙම ත්‍රිමාණ ක්‍රමය කෙරෙහි අවධානය යොමු කරන්නට වූහ. ඇවටා එහි හැරවුම් ලCෂ්‍යය විය. මෙම තාක්‍ෂණයේදී කොටස්‌ දෙකකි. Passive
System iy Active System ය. මෙවන් චිත්‍රපටයක්‌ නරඹද්දී තමාද චිත්‍රපටයේම කොටස්‌කරුවකුය යන හැඟීමක්‌ ප්‍රේක්‍ෂකයාට ඇතිවේ.

කොළඹ හා ඒ අවට වෙසෙන සිනමා ලෝලීන්ට මේ අලුත් අත්දැකීම හුරුය පුරුදුය. ඩිජිටල් ත්‍රිමාණ සජීවිකරණ සිනමාව කොළඹින් බැහැරව සිටින ප්‍රේක්‍ෂකයන්ටද විඳින්නට අවස්‌ථාව ලැබේ නම්....

මාතර ජනතාවට සඳුදා (19දා) සිට මෙම නැවුම් අත්දැකීම විඳීමේ වාසනාව උදා වේ. ඒ මාතර පරෙවි දූපතට මුහුණලා බස්‌නැවතුම්පළ ඉහළ මහළයේ "ස්‌කයි ලයිට්‌" අතිනවීන සිනමා ශාලාව විවෘත කිරීමත් සමඟය.

"ස්‌කයි ලයිට්‌" ත්‍රී ඩී සිනමා ශාලාව මූවී වර්ක්‌ස්‌ පුද්ගලික සමාගම විසින් හඳුන්වාදෙන තුන්වැනි සිනමාශාලාවය. මීට වසර තුනකට පෙර 2011 මැයි 13 කොල්ලුපිටිය ලිබර්ටි ලයිට්‌ සිනමාශාලාව විවෘත කරමින් චිත්‍රපට ප්‍රදර්ශනයට එක්‌වූ මෙම සමාගම මහරගම නගරයේ සිය දෙවැනි සිනමා ශාලාව "ඇමිටි ලයිට්‌" නමින් ආරම්භ කළේය.

අතිනවීන පහසුකම් සහිතව චිත්‍රපට නැරඹීමේ අවස්‌ථාව මාතර ජනතාවටද ලබාදීමට මූවී වර්ක්‌ස්‌හි කළමනාකාර අධ්‍යක්‍ෂ අනුර ජසෙන්තුලියන මහතා තීරණය කළේය. අපි ඔහු සමඟ මේ ප්‍රයත්නය පිළිබඳ සාකච්ඡා කළෙමු.

ඇයි මාතරට ත්‍රිමාණ සිනමාව හඳුන්වා දෙන්න හිතුවේ.

මේ කොළඹින් පිට දකුණට ඩිජිටල් සිනමාව ගමන්කරන ප්‍රථම අවස්‌ථාව. එක හේතුවක්‌ තමයි කොළඹින් බැහැර සිනමාශාලාවල පහසුකම් අඩුවීම. එනිසා ප්‍රේක්‍ෂකයන්ගේ පැමිණීම අඩුයි. අනෙක්‌ හේතුව තමයි මගේ ගම මාතර වීම. අපි හැදුණු වැඩුණු ගමට මා දන්නා ක්‍ෂේත්‍රයෙන් යමක්‌ විය යුතුයි කියා හිතුවා. තවත් හේතුවක්‌ තමයි මාතර නගර සභාවේ උපරිම සහාය මේ සඳහා ලැබීම. විශේෂයෙන් මාතර නගරාධිපති හඳුන්ගේ මහතාගේ සහාය අගය කළ යුතුයි.

මොනවද මාතර සිනමා ලෝලීන්ට "ස්‌කයි ලයිට්‌" සිනමා හළෙන් ලැබෙන පහසුකම්..

මේ මිලිමීටර් 35 ප්‍රක්‍ෂේපන යන්ත්‍රවලින් ඉවත්ව අපේ රටත් ඩිජිටල් සිනමාව වෙත ගමන් කරන කාලය. ඒ අලුත් අත්දැකීම් මාතර ජනතාවට විඳින්න ලැබෙනවා. අපි භාවිත කරන්නේ බාර්කෝ 2 කේ ඩිජිටල් ප්‍රක්‍ෂේපන ක්‍රමය. ත්‍රිමාණ ප්‍රක්‍ෂේපනය අපිට අලුත්. එය ගමට ගෙන යැමට ලැබීම සතුටක්‌. ඒ සමඟම ඩිජිටල් 7.1 සරවුන්ඩ් සවුන්ඩ්... ප්‍රේක්‍ෂකයාට අලුත් අත්දැකීමක්‌ වේවි. ආසන 230 ක්‌ තිබෙනවා. ආසන අතර ඉඩ පරතරයක්‌ තියෙනවා. ප්‍රේක්‍ෂකයන්ට අපහසුතාවකින් තොරව වින්දනයට බාධාවක්‌ නොවන ලෙස නැගිට ගමන් කිරීමට ආසන එකිනෙකට සිරවී නෑ. සුව පහසුව ඇතිව චිත්‍රපටයක්‌ නරඹන්න පුලුවන්. අද ප්‍රේක්‍ෂකයන්ට බොරු කරන්න බෑ. ඔවුන් දැනුවත්. පොඩි අඩුවක්‌ තිබුණොත් නැගිටලා ඇවිත් පැමිණිලි කරනවා.

ස්‌කයි ලයිට්‌ සිනමා ශාලාවේ සිංහල චිත්‍රපටත් ප්‍රදර්ශනය කරවද?

ඔව්.... අපි හොඳ සිංහල චිත්‍රපට මහරගම ඇමිටි ලයිට්‌ ශාලාවෙත් ප්‍රදර්ශනය කරනවා. මාතර ජනතාවට වැඩිපුරම ත්‍රිමාණ චිත්‍රපටවල අත්දැකීම් ලබාදෙන්නයි උත්සාහ කරන්නේ.

ඔබ සිනමාවට ආදරය කරන කෙනෙක්‌. කොහොමද මේ ක්‍ෂේත්‍රයට කැමැත්ත ඇතිවුණේ?

කුඩා කාලයේ සිටම ඇල්මක්‌ ඇති වුණා. මගේ ගම මාතර. තාත්තාත් හුඟාක්‌ ඉංග්‍රිසි චිත්‍රපට ගැන දැනුම තිබූ කෙනෙක්‌. හැකි හැම අවස්‌ථාවකම හොඳ චිත්‍රපට නරඹන්න තාත්තා අපව යොමු කළා. එනිසා පාසල් වියේ සිටම කැමැත්තක්‌ තිබුණා. කොළඹ රාජකීය විද්‍යාලයේ තමයි මම ඉගෙන ගත්තේ. පාසල් සමයේ සිටම මගේ මිතුරා පාලිත පෙරේරා. අපි දෙන්න පාසල් නේවාසිකාගාරයෙන් පැනල ගිහින් චිත්‍රපට බලලා එනවා. පාලිතගේ තාක්‍ෂණික දැනුමත් ක්‍ෂේත්‍රයට ඇති මගේ උනන්දුවත් නිසා අපි දෙන්නම එකතු වෙලා මූවී වර්ක්‌ස්‌ සමාගම ආරම්භ කළා. අලුත් දෙයක්‌ කරන්නයි අපිට අවශ්‍ය වුණේ. මගේ ප්‍රධාන රැකියාව ප්‍රතිචක්‍රීයකරණය සහ අපනයන කටයුතු. පාලිත සිනමා ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ. අපි දෙන්නම සිනමා කර්මාන්තයට ආවේ විනෝදාංශයක්‌ ව්‍යාපාරයකට සම්බන්ධ කර ගනිමින්. මුදලට වඩා කරන දේ ස්‌වාධීනව කරලා ප්‍රේක්‍ෂකයාට සිනමාව කෙරෙහි ඇල්මක්‌ ඇතිකරවීමයි අපි දෙන්නගෙම උත්සාහය.

චිත්‍රපට කර්මාන්තයට පිවිසෙද්දී බියක්‌ දැනුනේ නැද්ද... ඔබේ මුදල් අපතේ යයි කියලා..

පොඩි බියකුත් තිබුණා. ඒත් පළපුරුද්ද ලබාගන්න තමයි අපි මේක කළේ. ජාතික චිත්‍රපට සංස්‌ථාවේ සභාපති නීතිඥ අසෝක සේරසිංහ මහතා මේ ක්‍ෂේත්‍රය ගැන හොඳ අවබෝධයකින්, අපි කරන දේ ගැන හොඳ විශ්වාසයකින් යුතුව සිටි කෙනෙක්‌. ඔහුගේ ඒ පැහැදිලි අවබෝධය සහ විශ්වාසය වගේම අනුග්‍රහය රුකුලක්‌ වුණා අපිට මේ ගමන යන්න.

අද සිනමාව ගැන ඔබට මොනවද කිව හැක්‌කේ?

සතුටක්‌ දැනෙනවා. තිබුණු තත්ත්වයෙන් එළියට ඇවිත් අපේ සිනමාව හොඳ පැත්තකට යනවා. හොඳ නිර්මාණ බිහි වෙනවා.

හොඳ නිර්මාණ කළොත් ප්‍රදර්ශකයන් ලෙස ඒ චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න අපි පූර්ණ සහාය ලබාදෙනවා. දළ සේයාපට වලින් කළ අපේ හොඳ පැරණි චිත්‍රපට තිබෙනවා. ධර්මසිරි බණ්‌ඩාරනායකගේ හංස විලක්‌, දුහුළු මලක්‌ වගේ චිත්‍රපට ඩිජිටල් තාක්‍ෂණයට පරිවර්තනය කළ හැකිය. ඒ චිත්‍රපට අදත් නරඹන්න පුළුවන්. ඒත් මේවා ඩිජිටල් තාක්‍ෂණයට ගෙන එන්න අනුග්‍රහය අවශ්‍යයි. රාජ්‍ය අනුග්‍රහය ඒ සඳහා ලැබෙනවා නම් පැරණි සිනමාකරුවන්ට කරන ලෙකු ගෞරවයක්‌.

"ස්‌කයි ලයිට්‌" විවෘත කෙරෙන්නේ කුමන චිත්‍රපටයෙන්ද?

විවෘත කරන්නේ 19 දා පස්‌වරු 7.00 ට ඩලස්‌ අලහප්පෙරුම ඇමැතිතුමා අතින්. එදාට ආරාධිතයන්ට පමණයි. පසුදා සිට මහජනතාවට විවෘතයි. දිනපතා පෙරවරු 10.30 ට සහ 1.30 ට ස්‌පයිඩර් මෑන් සහ 4.15 ට සහ 7.00 ට රියෝ 2 චිත්‍රපටවලින් zස්‌කයි ලයිට්‌Z ප්‍රදර්ශනය ඇරඹෙනවා. අපි දිනකට දර්ශන වාර හතරක්‌ පවත්වාගෙන යනවා.

අජිත් අලහකෝන්

No comments:

Post a Comment