Translate

Translate

Monday, May 5, 2014

‘ග්ල්යිපොසේට්’ රැක ගන්න එජාප සංවිධායක, මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු රෙදි ගලවාගෙන එයි

‘ග්ල්යිපොසේට්’ රැක ගන්න එජාප සංවිධායක, මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු රෙදි ගලවාගෙන එයිශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනක පැතිර යන කෘෂිකාර්මික වකුගඩු රෝගයට ප්‍රධාන හේතුවක් ලෙස ග්ල්යිපොසේට් පුර්ණ වල් නාශකය හදුනා ගැනීමත් සමග ලංකාව තුල එකී රසායනය අලෙවිය සැලකිය යුතු ලෙස අඩු වී ඇත.
සාමාන්‍යයෙන් පසු ගිය වසර කිහිපයක මහ කන්නය ආරම්භයේ දී ග්ල්යිපොසේට් ලීටර 25 ලක්ෂයක් පමණ අලෙවි වුවද මෙවර අලෙවිය ලීටර ලක්ෂ 12 දක්වා අඩු වී ඇත.මේ නිසා සමාගම් නව උපක්‍රම ක්‍රියාවේ යෙදවීමට තීරණය කර ඇත.
ඒ අනුව “ග්ල්යිපොසේට් කෘෂිකාර්මික වකුගඩු රෝගයට එකම හේතුව නොවේ” යනුවෙන් ලිපියක් සකස් කර ජනමාධ්‍යවල පල කිරීමට කටයුතු යොදා ඇත. මේ ලිපිය සකස් කිරීමට බාර ගෙන ඇත්තේ අධිකරණ වෛද්‍ය විද්‍යා මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු මහතාය. හෙතෙම පානදුර එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ද වෙයි.
මේ අනුව මහාචාර්ය ප්‍රනාන්දු වෛද්‍ය ක්ෂේශ්ත්‍රයේ විවිධ පුද්ගලයන්ට මෙකී ලිපියට අත්සන් කරන බලපෑම් කරමින් සිටී. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ග්ල්යිපොසේට් පිලිබඳ පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙක් වන වෛද්‍ය චන්න ජයසුමන පැවසුවේ ග්ල්යිපොසේට් කෘෂිකාර්මික වකුගඩු රෝගයට එකම හේතුව යැයි තම පර්යේෂණ කණ්ඩායම කිසිදු තැනක ප්‍රකාශ කර නැති බවත් ග්ල්යිපොසේට්, ආසනික්, බැර ලෝහ මෙන්ම කිවුල් ජලයද මේ රෝගය ඇති වීමට දායක වන බවත් ය. කිසිවකුට හෝ මේ ගැන සැක සංකාවක් ඇත්නම් පර්යේෂණයක් සිදු කර එසේ නොවන බව පෙන්විය හැකි බවත් විවධ පුද්ගලයන් අත්සන් කරන ලිපි සහ පෙත්සම් විද්‍යාත්මක පර්යේෂණවලදී කුණු කුඩයට විසි කරන බවත් ය.
ග්ල්යිපොසේට් රැක ගැනීමට සිය ඇදුම් උනා දමා ඉදිරියට පැමිණෙන පුද්ගලයන් ට ඒ වෙනුවෙන් ලැබෙන්නේ මොනවාද යන්න ගැන සොයා බැලීමට බුද්ධි අංශ වෙනම පරීක්ෂනයක් අරඹා ඇති නිසා ඒ ගැන අදහස් දැක්වීම මේ අවස්ථාවේ අනවශ්‍ය බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment