Translate

Translate

Wednesday, May 7, 2014

අපි පරිණතයි, බුද්ධිමත් .. අනෙක් සංවිධාන එහෙම නෑ

අපි පරිණතයි, බුද්ධිමත් .. අනෙක් සංවිධාන එහෙම නෑආගමික ගැටුම් විසඳීම සඳහා ස්ථාපිත කරන ලද විශේෂ පොලිස් ඒකකය දීර්ඝ කාලීනව පවත්වාගෙන යාමේ උවමනාවක් නැති වුවද වසර දෙකක කාලයක්වත් ඒය පවත්වාගෙන යා යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.
උන් වහන්සේ මෙසේ සඳහන් කලේ ‘රාවණා බලය’ සංවිධානය විසින් මෙම ඒකකය විසුරුවා හැරිය යුතු බවට සඳහන් කරමින් බාරදුන් සංදේශය පිළිබඳව අදහස් දක්වමිනි.
රාවණා බලයේ ස්වාමින් වහන්සේලා කරුණු හරිහැටි නොදැන මෙම පොලිස් ඒකකය විසුරුවා හැරීමට බල කරන්නේ නම් ඒ ගැන සොයා බැලිය යුතු බවත් උන් වහන්සේ පෙන්වා දෙති.
මෙවැනි ප්‍රශ්නවලදී තම සංවිධානය පරිණතව හා බුද්ධිමත්ව ක්‍රියා කලද අනෙක් සංවිධාන එසේ නොවන බවද උන් වහන්සේ සඳහන් කලහ.
(පින්තූරය ‘දෙරණ 360’ වැඩසටහනෙනි)

No comments:

Post a Comment