Translate

Translate

Sunday, May 18, 2014

ඇමරිකාව වීසා පවා කැපූ චීන හිත මිතුරු මෝඩිගේ චීන සබඳතා එළියට

ඇමරිකාව වීසා පවා කැපූ චීන හිත මිතුරු මෝඩිගේ චීන සබඳතා එළියට

ඇමරිකාව වීසා පවා කැපූ චීන හිත මිතුරු මෝඩිගේ චීන සබඳතා එළියටනරේන්ද්‍රසිං මෝඩි චීන මිතුරෙකු නිසා ඉන්දියාව සහ චීනය අතර තිබෙන දුරස්භාවය අඩුවී ඉන්දියාව ඉදිරියේදී චීනය සමග වඩාත් සබඳතා තර කරගනු ඇතැයි විශ්වාසය පළවී ඇත.
මෝඩි ගුජරාටයේ මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ අවදියේදීම චීනය ඔහු සමග සමීප සබඳතා ගොඩනගාගෙන තිබේ. දේශපාලන විචාරකයින් පවසන්නේ මෝඩිගේ දේශපාලන ඉදිරිගමන දුටු චීනය විසින් උපාය මාර්ගික අරමුණෙන් ඔහු සමග සබඳතා තර කරගෙන තිබෙන බවයි.
මේ අනුව, 2011 වසරේදී පමණක් ඔහු චීනයේ සිව් වතාවක් සංචාරය කර තිබෙන අතර චීනය ගුජරාටයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් නොමසුරුව ආධාර උපකාර ලබාදී තිබේ.
මේ අතර, දියමන්ති සොරකමකට හසුවූ ගුජරාට වැසියන් පිරිසක්ද චීනය විසින් මෝඩිගේ ඉල්ලීම මත වරක් නිදහස් කළ බව සඳහන්ය.
2002 වසරේ ගුජරාටයේදී මුස්ලිම් වැසියන් 1000 කට වැඩි පිරිසක් ඝාතනය වීමේ සිද්ධියට මෝඩිට චෝදනා එල්ලවූ අතර එහිදී ඇමරිකාව විසින් මෝඩිගේ වීසා පවා අවලංගු කර තිබේ.
කෙසේවෙතත්, මෝඩි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා වනු ඇතැයි පෙනෙන්නට තිබූ නිසා ඔහු සමග හොඳ හිත වර්ධනය කර ගැනීමේ අරමුණෙන් ඉන්දියාවේ ඇමරිකානු තානාපතිනිය වන නැන්සි පවෙල් විසින් පසුගිය පෙබරවාරියේදී පැයක පමණ සාකච්ඡාවක් පවා පැවැත්වූ බව සඳහන්ය.
ඉන්දීය මාධ්‍ය විසින් එම සාකච්ඡාව උපහාසයෙන් වාර්තා කර තිබුණි.
දේශපාලන විචාරකයින් පවසන්නේ මෝඩි බටහිරට වඩා පෙරදිගට වැඩි නැඹුරුවක් දක්වන්නෙකු බවත් චීනයට අමතරව ඔහු ජපානය සහ සිංගප්පූරුව සමගද සමීප සම්බන්ධතාවයකින් පසුවන්නෙකු බවයි.
මෝඩිගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීනය පවසා තිබෙන්නේ චීනය සහ ඉන්දියාව අතර හොඳ හිත පළුදුවී තිබෙන ප්‍රශ්න සම්බන්ධයෙන් මෝඩි වඩාත් ප්‍රායෝගිකව කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවයි.
මේ නිසා, චීන ආයෝජකයින්ට ඉන්දියාවේ දොරටු වඩාත් විවෘත වනු ඇතැයි චීනය විශ්වාසය පළකර තිබේ.
චීනය ලෝකයේ දැවැන්තම ආර්ථිකය බවට පත්වීමට සූදානම් වෙද්දී ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථිකය බවට මේ වනවිටත් පත්ව තිබේ.
- adaderana.lk/biz

No comments:

Post a Comment