Translate

Translate

Wednesday, May 7, 2014

බොරැල්ල කනත්තේ හෙළුවෙන් ඇවිද්ද උන් අද අරලියගහ මන්දිරේ ඩෙඟා නටනවා

බොරැල්ල කනත්තේ හෙළුවෙන් ඇවිද්ද උන් අද අරලියගහ මන්දිරේ ඩෙඟා නටනවා

ආණ්ඩුවට තවදුරටත් මෙහෙම යන්න බැහැ

- ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ අවධාරණය කරයි
ආණ්ඩුවට තවදුරටත් මේ ආකාරයට ඉදිරියට යා නොහැකි බවත්, මේ යන ගමන සතුරා ශක්තිමත් කරන ගමනක් බවත් ජයග‍්‍රහණ අවශ්‍ය නම් වෙනස් විය යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, ඉදිකිරීම්, ඉන්ජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.
ආණ්ඩුව 2005 ජනවරම නිර්මාණය කළ ජන බලවේගයට නැවත පණ දිය යුතු බවත් ජාතික බලවේගවල විශ්වාසය දිනා ගත යුතු බවත් විමල් වීරවංශ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැති ජාතික නිදහස් පෙරමුණේ 2 වැනි ජාතික මහා සමුළුවේ සමුළු දේශනය පවත්වමින් විමල් වීරවංශ මහතා මෙසේ දැඩිව අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.
‘ජාත්‍යන්තර කම්කරු දිනයේදී මුණ නොගැසී අද වෙසක් මාසයේ 05 වැනිදා අපි මෙසේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී මේ ආකාරයට එක් වූයේ එක් පැත්තකින් අප පක්‍ෂයේ දෙවැනි ජාතික මහා සමුළුව පවත්වන්නයි. අනෙක් පැත්තෙන් මේ අවස්ථාවේදී මේ මව් පොළොව ඉල්ලා සිටින ජාතියේ ගමන් මග යළි නිසි පරිදි නිර්මාණය කිරීමේ කටයුත්තට අවශ්‍ය දැවැන්ත අධිෂ්ඨානශීලී බලය ගොඩනැගීමටයි. ‘පොළොව වැස්ස ඉල්ලන කොට අහස වැස්ස දෙන්න  ඕනෙ. පොළොව වැස්ස ඇති කියනකොට අහස වැස්ස නවත්වන්න  ඕනෙ’ ඒක තමයි කොහෙවත් ලියැවිලා නැති වුණත්, සොබාදහම ගනුදෙනු කරන රටාව. රටේ අවශ්‍යතාව මතුවන්නේ කොතැනද? ජාතිය හමුවේ මතුවන අභියෝග හමුවේ හිටගන්න  ඕනෙ කොතැනද? ඒ ඓතිහාසික බල පැවැත්ම නිර්මාණය කරන්න, ජාතිය ඉල්ලා සිටින මාවත පාදන්න ජාතික නිදහස් පෙරමුණේ අපට මොන දුෂ්කර කොන්දේසි යටතේ වුවත් කැපවීමට වගකීමක් තිබෙනවා. ඒ වගකීම ඉටු කිරීමට ජාතික නිදහස් පෙරමුණ කිසි ලෙසකින්වත් පැකිළෙන්නේ නැහැ කියන සහතිකය අපි මේ අවස්ථාවේදී ලබා දෙනවා.
එදා රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ ඒ ‘මර උගුල් සාමය’, අතිමහත් බහුතරයක් ජනතාව වැළඳගත් අවස්ථාවේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය මහනුවරින් ඓතිහාසික පා ගමනක් ආරම්භ කරලා දින කිහිපයකින් කොළඹට ළගා වූවා. එසේ කොළඹට ළගා වන විට ඒ ඓතිහාසික පාගමනට, හැකි වූවා ‘රනිල්ගේ මර උගුල් සාමයට’ එරෙහිව මේ රටේ අතිමහත් බහුතර ජනතාවගේ අධිෂ්ඨාන බලය කුළුගැන්වීමට. ඒ ‘නිවට සාමය පිළිගන්න’ කියන අධිපතිවාදී මතය යට කරන්න අපට එදා හැකි වූවා. 2005 වන විට ජාතික බලවේගවලට පුළුවන්කම ලැබුණා, ඒ හතුරු මතවාදය පරදලා ජාතිකවාදී මතවාදය ජාතියේ මතවාදය බවට පෙරළන්න. මේ රටේ ජාතික බලවේගවලට සහාය දුන්නු සෑම දේශපාලන කණ්ඩායමක්ම 2005 ඒ ඓතිහාසික හැරවුම වෙනුවෙන් තම භූමිකාව අධිෂ්ඨානශීලීව ඉටු කරනු ලැබුවා.
එදා මේ රටේ ජාතික ව්‍යාපාරයේ විද්වතුන් මාධ්‍ය ඔස්සේ ජාතිකවාදී මතය පළ කරනු ලැබුවා. එවැනි කලාකරුවන් තම නිර්මාණ ඔස්සේ එම මතය නිර්මාණය කරනු ලැබුවා. එවැනි දේශපාලන ව්‍යාපාර ජාතිකවාදී මතවාදය ජාතියේ මතවාදය බවට පෙරළන්න දේශපාලන වේදිකාව තුළ තම භූමිකාව ඉටු කරනු ලැබුවා.
ජාතික ව්‍යාපාරය කවර ලෙසකින් පැවතුනත් ඒ කොඩිය සෙවණේ සිටින විද්වතුන්, කලාකරුවන් හා දේශපාලන බලවේග ඇතුළු අනෙකුත් සංවිධාන ඉතිහාසය විසින් ඓතිහාසික පියවරක් ඉල්ලා සිටින සෑම අවස්ථාවකම ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව අවතීර්ණ වුණා, ඒ නිසා 2005 වන විට අපට පුළුවන් වුණා ‘යුද්ධ කරන්න බැහැ’ කියන නිවට මතය පරද්දලා ‘කොටි ත‍්‍රස්තවාදය පරදවන්න පුළුවන්’ කියන නිවැරදි මතය රාජ්‍ය මතය බවට පෙරළන්න. 2005 වන විට ‘කොටි ත‍්‍රස්තවාදය පරදවන්න පුළුවන්’ කියන මතය රජය විසින් පිටු දැක තිබුණු මතයයි. ඒ වන විට රජයේ මතය වූයේ ‘යුද්ධ කොට සාමය දිනා ගත නොහැක. සාකච්ඡවෙන්, සම්මුතියෙන් සාමය දිනා ගත හැක’ යන්නයි.
නමුත් වික‍්‍රමසිංහ මහත්තයාගේ පාවාදීම පටත්ගත්තු මොහොතේ සිට මේ රටේ ජාතික බලවේග වෙන් වෙන්ව වගේම අවශ්‍ය තැන්හි ඒකාබද්ධ වෙමින් ගෙන ගිය දැවැන්ත මතවාදී ප‍්‍රහාරය අවසානයේ ජයග‍්‍රහණය කළේ පටන් ගත්තු අවස්ථාවේ ජාතික බලවේගවල මතවාදය බවට පත්ව තිබූ මතවාදය, 2005 ජනාධිපතිවරණයෙන් පසුව රාජ්‍යයේ මතවාදය බවට පරිවර්තනය කරලයි. එදා ඒ ආකාරයට මේ රටේ ජාතික බලවේග තම වගකීම නිවැරදිව ඉටු කරනු ලැබුවා.
අතීතයේදීත් අපේ රටේ ජාතික ව්‍යාපාරය තම වගකීම ඉටු කරනු ලැබුවේත් ඉහත ආකාරයටමයි. විජාතික ආධිපත්‍යය, විජාතික අධ්‍යාපනයෙන් ගොඩනැගන මිනිසුන්ගේ ආධිපත්‍යය මේ රටේ ගොඩනැගන කොට ඊට එරෙහිව 1956 ජනතා පෙරළිය ආවේ මේ රටේ ජාතික ව්‍යාපාරයෙන්. මහා සංඝරත්නය ඇතුළු ජාතික ව්‍යාපාරය තමයි මේ රටේ සෑම සාධනීය හැරවුමකටම මුල් වුණේ. ඒ ජාතික ව්‍යාපාරය තමයි, 2005 මහින්ද රාජපක්‍ෂ අගමැතිතුමන් ජනාධිපති ධුරයට පත් කිරීමටත් පුරෝගාමී කාර්යභාරය ඉටු කළේ. එදා බෙදුම්වාදී මතවාදය ඔලූවේ තබාගත් අයගේ සහයෝගය එතුමාට ලැබුණේ නාමමාත‍්‍රිකව පමණයි. එදා ජාතික ව්‍යාපාරය තුළ සිටි බලවේග විසින් තමයි එතුමාගේ පනහට පනහ තිබුණු ජයග‍්‍රහණය, සැබෑ ජයග‍්‍රහණයක් බවට පරිවර්තනය කළේ. ජනාධිපතිවරණ සටන පටන් ගන්නා අවස්ථාවේ ජයග‍්‍රහණය කාට යයිද කියන දෙගිඩියාව තිබුණා. අද කවර ආකාරයකට පීලි පැන තිබුණත් එදා ජනතා විමුක්ති පෙරමුණ ඓතිහාසික කාර්යභාරයක් ඉටු කොට තිබුණා, එම ජයග‍්‍රහණය සාක්‍ෂාත් කර දීමට. එදා ජාතික ව්‍යාපාරය පටන්ගත්තු පුරෝගාමී භූමිකාව මගින් බලාපොරොත්තු වුණා, ත‍්‍රස්තවාදය පරදවන්න. ඒ වගේම රටට තිරසාර සාමයක් ගෙන එන්න. ඊට අදාළ ජනවරම ගොඩනගන තරමට එදා ජාතික ව්‍යාපාරයේ භූමිකාව ප‍්‍රබල වුණා. එහි ප‍්‍රතිඵලය, තමයි එවකට අගමැති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ජනාධිපති බවට පත් වීම. ඒ අනුව එම ජනාධිපතිතුමන්ට සිදු වූවා තමන්ට ලබා දුන් ජනවරමේ අර්ථය ඇතුළේ වැඩ කිරීමට.
වෙනදා ජනවරම බෞතීස්ම කරන්නේ බෙදුම්වාදී බලවේග, රාජ්‍ය නොවන සංවිධාන සමග සිටින බලවේග. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට 1994දී ජය ගැනීමට අදාළ න්‍යාය පත‍්‍රය හැදුවේ රාජ්‍ය නොවන සංවිධාන විසින්. ඊට ඉහතදීත් ඇතැම් රාජ්‍ය නායකයන් ජයග‍්‍රහණය කරන විට න්‍යාය පත‍්‍රය සැකසුවේ කවර හෝ විදේශ තානාපති කාර්යාලයකට උකස් වූ මිනිසුන්ගේ අශුද්ධ අත්වලින්. 2005 මේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්. එදා ජනවරම ලැබුණේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට වුණාට ජනවරමේ අර්ථය, එහි න්‍යාය පත‍්‍රය නිර්මාණය වූයේ ජාතික බලවේගයන්ගේ අභිලාශයන්ට අනුව බව අප අමතක කරන්න නරකයි. ඒක තමයි ඇත්ත. ඒ නිසා තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය අත හරින්න බැහැ කියපු බලය බෙදීමේ ෆෙඩරල් සංකල්ප අතහරින්න මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ට පුළුවන් වුණේ. ජාතික ව්‍යාපාරයේ න්‍යාය පත‍්‍රය, මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ජනවරමේ න්‍යාය පත‍්‍රය බවට පත් වූ නිසා යුද්ධය ජයග‍්‍රහණයෙන් කෙළවර කරන තැනට මේ රට තල්ලූ වුණා. 2005 ඵෙතිහාසික ජනවරම, සංතෘප්ත ජනවරමක් ලෙස හඳුන්වන්න පුළුවන්. එය එම ජනවරමෙන් අපේක්‍ෂා කළ අරමුණු ඉටු කර ගත් ජනවරමක්. එම ජනවරමෙන් මහා අපේක්‍ෂා යායක් ඉටු කරගන්න බලාපොරොත්තු වුණේ නැහැ. එදා මුළුමහත් ජාතියම එකම ප‍්‍රාර්ථනයකට ගොනු වෙලා සිටියා. ඒ තමයි ‘යුද්ධය ජයග‍්‍රහණය කරලා සාමය දිනා ගන්න  ඕනෙ’ කියන ප‍්‍රාර්ථනය. යම් අභිමතාර්ථයක් යම් ජනවරමකින් සාක්‍ෂාත් කර ගත්තා නම් ඒක සංතෘප්ත ජනවරමක්. එනිසා තමයි 2005 ජනවරම සංතෘප්ත ජනවරමක් වන්නේ.
2010 ජනාධිපතිවරණ ජනවරම ජාතික බලවේගයන්ගේ න්‍යාය පත‍්‍රයක් අනුව යමින් ලැබුණු ජනවරමකට වඩා යුද ජයග‍්‍රහණයේ ආශ්වාදය පදනම් කර ගෙන ලියැවුණු න්‍යාය පත‍්‍රයකට අනුව ලැබුණු ජනවරමක්. ඒ න්‍යාය පත‍්‍රය කුමක්ද, කියා රටේ ජනතාව කල්පනා කළේ නැහැ. එදා ජනතාව සිදු කළේ යුද්ධය ජයග‍්‍රහණය කළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ට හා ආණ්ඩුව කෘතඥතාව සහ ස්තුතිය පුද කිරීමයි.
2010 ජනාධිපතිවරණයේදී ෆොන්සේකා මහත්තයත් තර`ගයට දාලා නොහිතපු ආකාරයේ තර`ගකාරීත්වයක් හදලා වෙනම පැත්තකට අරගෙන යන්න හදද්දී ඒ අවදානම් තත්ත්වය හමුවේ ඒ අභියෝග ජයගන්නත් ‘කර දුන්නේ’ මේ රටේ ජාතික බලවේග. ජාතික බලවේගවල විද්වතුන්, කලාකරුවන් තමන්ගේ යුතුකම ඉටුකළා. දේශපාලන බලවේග තමන්ගේ යුතුකම් ඉටුකළා. නමුත් 2010 ජනවරම හිටපු ත‍්‍රිවිධ හමුදාපතිවරු ඔක්කොම එක පැත්තෙන් ඉල්ලූවත් ජයග‍්‍රහණය පිළිබඳ සැකයක් සංකාවක් නොතිබුණු හින්දා, ජයග‍්‍රහණය ස්ථීරසාරව නළලේ කොටපු මැතිවරණයක් හින්දා, බරපතළ ජාතික න්‍යාය පත‍්‍රයක් වෙනුවෙන් වූ ජනවරමක් බවට ඒක පෙරළගන්න අපට හැකියාව ලැබුණේ නැහැ. ඒ නිසා රට ගොඩනැගීම කියන  පොදු මාතෘකාව යටතේ තමයි එතැන්සිට මේ රටේ කාලය ගතවුණේ.
‘රට ගොඩනැ`ගීම’ කියලා පොදු මාතෘකාවක් තියෙනවා. ඒක හරියට බස් එකක ගමනාන්තය සඳහන් කරන නාමයක් වගේ. ඒ බස් එකට කට්ටිය න`ගිනවා, බහිනවා. ඒත් බස් එක යනවා. නවතින්නේ නැහැ. ඒක රට ගොඩනැගීමේ බස් එක. ඒ ඇරෙන්න ‘කොහොමද රට ගොඩනැගන්නේ? මොකක්ද ‘ගොඩනැගීම’ කියලා කියන්නේ? කොයි විදිහටද ගොඩනගන්න  ඕනේ? මොන මාර්ගයද මේ රටට උචිත මාර්ගය? මොනවද අපේ පුමුඛතාවයන්? මොනවද අපිට තියෙන අභියෝග?’ කියන මහ ගැඹුරු කතිකාවතක් ගොඩනැගුණු ගමනක් නිර්මාණය වුණේ නැහැ. ඒක තමයි ඇත්ත. 2010 ජනාධිපතිවරණ සටන කාලයේ නොදැකපු මිනිස්සු ජනාධිපතිවරණය දිනපු ගමන් පහුවැනිදා උදේ දැක්කා. ඒ ගොල්ලො ජනාධිපතිවරණ සටන කාලයේ නොදැකපු සුදු කරපටිකාරයො. ඒ ගොල්ලෝ තනතුරු තාන්න මාන්න බලාගෙන කෙළ හලාගෙන එන අය. ඔවුන් අරලියගහ මන්දිරය ආක‍්‍රමණය කළා. ඒ වගේම මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාද කරන්න වැඩකරපු අය මෙන්න ටික කාලෙකට පස්සේ රට බේරගන්න කියලා ආණ්ඩුවට එනවා. ඔවුන් රනිල් වික‍්‍රමසිංහ දිනවන්න වැඩ කරපු අය. වික‍්‍රමසිංහ දිනුවා නම් ඒ ආණ්ඩුවෙත් ඇමතිකම් ලැබෙන අය. ග‍්‍රහයො මාරුවෙලා, කේන්දරේ වුණු මොකක්දෝ වෙනසක් නිසා ඔවුන් ආණ්ඩුවට ආවා.
2010 ජනවරම එනකොට ජාතික බලවේගයන් 2005 ජනවරමේ අර්ථයට කරපු තරමේ බලපෑමක් 2010 ජනවරමේ අර්ථය ඇතුළට ගෙනාවේ නැහැ. ගේන්න පුළුවන්කමක් තිබුණයි කියලා මම හිතන්නේත් නැහැ. යුද්ධයේ ජයග‍්‍රාහී ප‍්‍රතිඵලයේ ආනුභාවයෙන් ඒ කතිකාවන් සියල්ල යටවන එක වළක්වන්න බැහැ. එහෙම බලපෑමක් කිරීමේ අවස්ථාවක් ඉතිහාසය විසින් නිර්මාණය කරලා දුන්නේ නැහැ. හැබැයි එහෙම අවස්ථාවක් දැනුවත්ව නිර්මාණය කරන්න කටයුතු කළා නම් ඉතාම නිවැරදියි. නමුත් ඒක වුණේ නැහැ. ඒ අනුව ‘රට බේරාගැනීම’ ජාතික බලවේගයන්ගේ අදහස් උදහස් මත පදනම් වුණු න්‍යාය පත‍්‍රයක් බවට පත්වුණා. ‘රට ගොඩනැ`ගීම’ අර ‘රට බේරාගැනීමට’ කර නොගැසූ මිනිසුන්ගේ ඔළුවේ තියෙන අදහස් උදහස් අනුව නිර්මාණය වූ ක‍්‍රියාවලියක් බවට පත්වුණා.
මේක තමයි අපි හොඳටම තේරුම් ගත යුත්තේ. ‘2005 රට බේරාගැනීමේ ජනවරම’ නිර්මාණය වුණේ ජාතික බලවේගයන්ගේ දෑත් මතින්. ‘2010 රට ගොඩනැ`ගීම’ ජාතික බලවේගයන් අතගැසූ මල්වට්ටියක් එය විවිධ මූල්‍ය ඔස්තාර්ලාගේ, ආර්ථික ඔස්තාර්ලාගේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වගේම අතන මෙතන රස්තියාදු ගහන නිලධාරීන්ගේ අදහස් උදහස් අනුව නිර්මාණය වූ ක‍්‍රියාන්විතයක් බවට පත්වුණා.
ඒ නිසා යුද්ධයෙන් පස්සේ අපේක්ෂා කළ මේ රට ගොඩනැ`ගීමේ නියම ආර්ථික උපායමාර්ගික සංවර්ධනය දෙසට මේ රට ගමන් කරනවා වෙනුවට ‘බකල ගගහා යන’ ‘මහින්ද චින්තනයයි’, රනිල් වික‍්‍රමසිංහගේ ‘රිගේනින් ශ‍්‍රී ලංකා’ පොතේ තිබුණ දේවලූයි එකට අමුණපු, ‘හයිබ්‍්‍රඞ්’ කරපු ඒ කියන්නේ ’දෙමුහුන්’ න්‍යාය පත‍්‍රයක් රටට එන්න ගත්තා. හයිබ්‍්‍රඞ්කාර් ආවා වගේම න්‍යාය පත‍්‍රයත් දෙමුහුන් වුණා.
ඒ දෙමුහුන් න්‍යාය පත‍්‍රයේ මහින්ද චින්තනයට අයිති නැති කෑලි තමයි ඔය හිටිගමන් ‘ඩෝං ඩෝං’ ගාලා පිපිරෙන්නේ. කැසිනෝ පිළිබඳ වාදය සැලකුවත් ඒවායේ තියෙන්නේ ඒ දෙමුහුන්කරණයේ ප‍්‍රතිඵල. මේ දෙමුහුන්කරණය කරන්නම බලාගත්තු පිරිසකුත් ආණ්ඩුව ඇතුළේ ඉන්නවා. ඔවුන්ගේ වැඬේ තමයි දෙමුහුන් තත්ත්වයට ආණ්ඩුවේ න්‍යාය පත‍්‍රය පත් කිරීම.
දැන් අර කොහෙවත් හිටපු ‘පැකර්කාරයා’. සම`ග ඇතිකරගත් ගනුදෙනුව බලන්න. ඒ යෝධයා කැසිනෝ පප්පෙක්. අදත්(05)  ඕස්ටේ‍්‍රලියාවේ වීදියක කාත් එක්කද ගහගෙන දතක් කැඩිලලූ. අපේ හාමුදුරුවෝ මේවාට විරුද්ධව විරෝධතාව පළ කරනකොට අරෙහෙ දත් ගැලවෙනවාද දන්නෙ නැහැ. මේ ජේම්ස් පැකර් කාරයා කොහේ හිටපු පැකරෙක්ද? මේ පැකර් කවුරුන් හෝ ගෙනාවා. ගෙනල්ලා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යතුමාට සම්බන්ධ කළා. එතුමා ෆොටෝ ගහලා පත්තරේට දුන්නා. ෆොටෝ ගහලා පත්තරේට දෙන්න  ඕනෙ වැදගත් මිනිසෙක් හමුවුණහම. ලෝකේ ඉන්න ‘කැසිනෝ පප්පෙක්’ හමුවෙලා ඊට අදාළ ෆොටෝ ගහලා පත්තරේ දාගන්න මෝඩයා කවුද? ඒක ආඩම්බරේට කාරණයක්ද? කැසිනෝ රජෙක් ආවා, ඊට පස්සේ ඇමතිතුමා එක්ක ඉන්න ෆොටෝ පත්තරේ යනවා. ඊට පස්සේ පැකර් එහෙ මෙහේ කතා පවත්වනවා. ‘චෝගම්’ එකේ තිබුණු ව්‍යාපාරිකයන්ගේ හමුවේදී  ඕන කෙනකුට ඩොලර් ගණන් දීලා කතාවක් ඉල්ලගන්න පුළුවන්. අපේ ගමේ මාටින් මුදලාලිටත් ඒ ඩොලර් ගණන දෙන්න පුළුවන් නම් කතාවක් ඉල්ලගන්න පුළුවන්. පැකර් තකහනියක් ඇවිල්ලා ඒ ඩොලර් ගණන අතින් ගෙවලා කතාවක් කළා. ඒ කතාවේ මොකක්ද කියන්නේ, ‘කිසි සැකයක් නැහැ ලංකාව මේ කලාපයේ හොඳම කැසිනෝ  තිප්පොළ බවට පත්වෙනවා. හවායිවලටත් වඩා මරු’ කියලා කියන්නේ. පැකර් තකහනියක් සල්ලි ගෙවලා ඇවිල්ලා කළ කතාව ආණ්ඩුවට හොඳද? නරකද? ‘ලංකාව හවායිවලටත් වඩා කැසිනෝ තිප්පොළක් කරගන්න පුළුවන්’ කිව්වාම ආණ්ඩුවට හොඳද? නරකද? නරකයි. ඇයි ඉතිං ඒ නරක, සල්ලි ගෙවලා කරන්නේ. කවුරුහරි ආයෝජකයෙක් හොර රහසේ එනවා නම් කැසිනෝ එකක් දාගන්න ඒක ෂේප් එකේ කරගන්න සද්ද නැතුව ඉන්න එපායැ. ඒ වැඬේ හෙමිහිට වෙනකල්.
ඒත් මෙයා එහෙම නෙවෙයි. සල්ලි ගෙවලා කතා පවත්වනවා චෝගම් එකේ. කතාවේදී කියනවා, ‘ලංකාව තමයි අනාගත කැසිනෝ කේන්ද්‍රස්ථානය’ කියලා. මේවා මෙහෙ පත්තරවල යනවා. මෙහෙ ගැසට් නිවේදන සම්මත වූ ගමන් පැකර් කියනවාලූ කැසිනෝ නැත්නම් අපි එන්නේ නැහැ කියලා. බොහොම පැහැදිලිව පේනවා මේ පැකර් හුදු කැසිනෝ ව්‍යාපාරිකයෙක් විතරක් නොවෙයි, දේශපාලන පක්ෂවල න්‍යාය පත‍්‍රය අනුව එන කැසිනෝ ව්‍යාපාරිකයෙක් කියලා.
එදා අර ජෝසිමි කියන කැසිනෝ රජා ඇෙ`ග් ගෙනත් එල්ලූවා රණසිංහ පේ‍්‍රමදාස මහත්තයාගෙ. කොහෙවත් හිටපු ජෝසිම්කාරයෙක් ආවා පේ‍්‍රමදාස මහත්තයාගේ තුරුලට. ‘පේ‍්‍රමදාස කැසිනෝ දානවා’ කියලා මහා සද්දයක් ආවා. අන්තිමට පේ‍්‍රමදාස මහත්තය ‘මේකා මාව මරන්න එනවා’ කියලා ජෝසිම්ව රටෙන් එළෙව්වා. ජෝසිම් ආවෙ වෙන මොකකටවත් නොවෙයි. පේ‍්‍රමදාස මහත්තයට ගමේ සිංහල බෞද්ධ ප‍්‍රතිරූපයක් ඉතිරිවෙලා තිබුණා නම් ආන්න ඒකට ගහන්න. ඒත් පේ‍්‍රමදාස මහත්තයා ඒක දන්නේ නැහැ. පේ‍්‍රමදාස මහත්තයා හිතුවේ සත්භාවයෙන් ආපු ව්‍යාපාරිකයෙක් කියලා. ඉතිං ‘හලෝ, හව් ආ යූ?’ කියලා වාඩි කොරගත්තා. අන්තිමේදී ජෝසිම් තමන්ව මරන්න එනවා කියලම කියන්න පේ‍්‍රමදාස මහත්තයට සිදුවුණා. ජෝසිම් කැසිනෝ දැම්මද? කැසිනෝ නාමය සිහිවෙන ප‍්‍රධානියා වශයෙන් ජෝසිම්ගේ කැසිනෝ 10ක්වත් දැන් ලංකාවේ තියෙන්න  ඕනේ. ජෝසිම් ආවේ කැසිනෝ දාන්න වගේ ඇවිත් ෆොටෝ ගහලා, පත්තරවල දම්මලා රණසිංහ පේ‍්‍රමදාසට යම්කිසි ආකාරයකින් හෝ සිංහල බෞද්ධ අනන්‍යතාවයක් හෝ ප‍්‍රතිරූපයක් තිබුණා නම් ඒක මරලාදාන්න. පැකර් තමයි දෙවන ජෝසිම් මම දන්නේ නැහැ කවුද ඔහු අරන් ආවේ කියලා.
ආණ්ඩුව කියනවා, ‘අලූතින් කැසිනෝ දාන්න දෙන්නේ නැහැ’ කියලා. අලූතින් බලපත‍්‍ර දෙන්නේ නැත්නම් මොකටද බදු සහන දෙන්නේ. එතකොට බදු සහන ගන්න පරණ කැසිනෝ මේවා ඇතුළට එන්න  ඕනෙ. පරණ කැසිනෝවලින් අපි බදු අයකරනවා. ඒ පරණ කැසිනෝවලට බදු සහන ලැබෙන ක‍්‍රමයක් මේ හැදෙන්නේ. පරණ කැසිනෝව අලූත් හෝටලේ ඇතුළට රිංගුවොත් අර මුල් ගැසට් නිවේදනය අනුව ඒ බදු ගෙවමින් සිටි පරණ කැසිනෝ එකටත් බදු සහනයක් ලැබෙනවා. අලූත් ගැසට් නිවේදනේ නම් කියනවා එහෙම නැහැලූ. එහෙම නැහැ කිව්වාට අපිට හරියට විශ්වාසයක් නැහැ. ‘අනුශාංගික ක‍්‍රීඩා’ කියලා තියෙනවා. ‘විනෝදාශ්වාද ක‍්‍රීඩා’ කියලා තියෙනවා. ‘විනෝදාශ්වාද ක‍්‍රීඩා’ කියලා චක්ගුඩු පනින ඒවා නැහැනේ ඒ හෝටලේ ඇතුළේ. ‘විනෝදාශ්වාද ක‍්‍රීඩා සඳහා කැසිනෝද ඇතුළත් වන්නේය’ කියලා උසාවියෙන් කියපු වෙලාවට ඒක භාරගන්න වන නිසා තමයි අපි ඡුන්දය දීමෙන් වැළකී හිටියේ.
‘මේ කැසිනෝවලට බදු සහන දෙන න්‍යාය පත‍්‍රය ආවේ කොහෙන්ද? කියලා හොයන්න  ඕනෙ. මේ රටේ ජනතාව ඉල්ලූවාද? පී. බී. ජයසුන්දරලා, මුදල් අමාත්‍යාංශයේ ඉන්න තක්කඩි නිලධාරීන් රොත්ත ඉතා සූක්ෂ්ම විදිහට කොහේවත් හිටිය කැසිනෝකාරයෙක්ව ගෙනල්ලා ඔළුවට දැම්මා. බැසිල් රාජපක්ෂ ඇමතිතුමා යටතේ තමයි මුලින්ම තිබුණේ ආයෝජන ප‍්‍රවර්ධන ඇමතිකම. බැසිල්  රාජපක්ෂ ඇමතිතුමාගේ කරට මේ මරාලේ පටවන්න බැරි හින්ද ඒ වගේ මරාල බාරගන්න කෙනෙකුට ඒ මරාලෙ බාරදීලා ආන්න ගෙනාවා කඩිනමින් පනත් සංශෝධනයක්. මේ නිලධාරී තන්ත‍්‍රය ඇතුළේ හොඳ පනතක් සංශෝධනය කරන්න විශාල කාලයක් යනවා.
ත‍්‍රිකුණාමලය ආනන්ද මහානායක ස්වාමීන් වහන්සේ පසුගියදා පැවසුවා ‘බුද්ධ ශාසනය වෙනුවෙන් වූ පනත් කෙටුම්පතක් දැන් සෑහෙන්න කාලයක් තිස්සේ ඉවරයි. ඉවරයි කියනවා කෝ තාම ඉවර නෑනේ’ කියලා. ඒ පනත් එන්නේ ඉබි ගමනින්. හැබැයි කොහේවත් ඉන්න කැසිනෝකාරයකුට බදු සහන දෙන්න  ඕන නම් ඒවා ‘පට පට’ ගාලා එනවා. ‘රිගේනින් ශ‍්‍රී ලංකා’ එකේ ඒවා වේගයෙන් එනවා. අර හොඳ ඒවා එන්නේ හිමින්. ‘රිගේනින් ශ‍්‍රී ලංකා’ වේගය වැඩියි. හයි ස්පීඞ්. ඒවා ‘හයිවේ’. මේවා ‘ලෝවේ’. මහින්ද චින්තනයට අදාළ පනත් එනකොට ඒවා හිමින් එන්නේ. අර ‘රිගේනින් ශ‍්‍රී ලංකා න්‍යාය පත‍්‍රයට’ ගැළපෙන පනත් එනකොට ඒවා හයියෙන් එනවා.
එහෙම තමයි පේ‍්‍රමදාස ජනාධිපතිතුමා ගෙනාපු කැසිනෝ පනත සංශෝධනය කරලා ඔය උපායමාර්ගික ආයෝජන සඳහා වූ පනත ඇතුළට බදු සහන දෙන ලැයිස්තුවට කැසිනෝත් ඇතුළත් කළේ. මම මේ අමාත්‍යාංශය භාර ගන්න කොට ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනය නියාමන අධිකාරියක් බවට පත්කරන්න පනත හදලලූ තිබුණේ. කලින් කැබිනට් එක අනුමත කරලා තිබුණු පනත් කෙටුම්පතක් පොඩි පොඩි සංශෝධන කරලා දැම්මා කැබිනට් එකට. තාම ඉවර නැහැ. දැන් අවුරුදු 3කට ළ`ගයි. ඒක මහින්ද චින්තනයට අනුකූලයි. ඒක යන්නේ ලෝවේ. කැසිනෝවලට බදු සහන දෙන විදිහට උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති යෝජනා පනත සංශෝධනය වීම, ආන්න ඒවා හරි වේගවත්. ඒවා යනවා හයිවේ. මේවා යනවා ලෝවේ. මෙන්න මේ පටලැවිල්ල බේරන්න  ඕන. මේ පටලැවිල්ල තියාගෙන ඉස්සරහට යන්න බැහැ. මහින්ද චින්තන ජනවරම විතරක් නොවෙයි, මේ රටේ ජාතික ව්‍යාපාරවල අභිලාෂයන් මොනවද කියලාත් බලන්න  ඕනෙ.
ජාතික ව්‍යාපාරය දැවැන්ත කැපකිරීමක් කරලා දිනවපු නායකයෙක්, ජාතික ව්‍යාපාරවල අභිලාෂයන්, අභිමතාර්ථයන් අනුව යන ගමනකට විනා, අර විජාතික න්‍යාය පත‍්‍රය අනුව රිගේනින් ශ‍්‍රී ලංකා එකේ කෑලි ගෙනල්ලා හයිබ්‍්‍රඞ් කරලා, එහෙම නැතිනම් පුරුද්දන ගමනක යෑම මේ ජාතික ව්‍යාපාරය නියෝජනය කරන කවර දේශපාලන බලවේගයකටවත් බලා ඉන්න පුළුවන්කමක් නැහැ. ‘එහෙම ගමනක් යන්නෙත් නැහැ. යන්න අපි ලෑස්තිත් නැහැ’ කියන එක ඉතා  ඕනෑකමින් අවධාරණය කරනවා.
අද මේ රට තියෙන්නේ ඉතාම තියුණු තැනක. අරහෙන් දෙමළ ජාතික සන්ධානය බලාගෙන ඉන්නවා ඊළ`ග පාර්ලිමේන්තුවේ තීරක බලය මුස්ලිම් කොංග‍්‍රසයයයි, දෙමළ ජාතික සන්ධානයයි අතට ඒකාබද්ධව ගන්න. මේ දෙගොල්ලෝ අතට තීරක බලය ඒකාබද්ධව අරගෙන බලයට එන කවර හෝ ආණ්ඩුව, පාර්ලිමේන්තුව ඇතුළේ ප‍්‍රාණ ඇපකාරයෙක් බවට පත්කරගන්න. මුස්ලිම් කොංග‍්‍රසයට එක පාරටම දෙමළ ජාතික සන්ධානයත් එක්ක එකතුවන්න අමාරු හින්දා දෙමළ ජාතික සන්ධානයෙන් මේ පාර මුස්ලිම් ජාතිකයකු දැම්මා උතුරු පළාත් සභා මන්ත‍්‍රී කෙනෙක් විදිහට. මුස්ලිම් අයට පෙන්වනවා, ‘අපි ඔයාලට කැමතියි. ආදරෙයි’ කියලා.
දැන් මූතූර්වල වනජීවී බල ප‍්‍රදේශයක මුස්ලිම් ජනතාව පදිංචි කරනවායි කියලා විශාල විවාදයක් යනවා. අර විල්පත්තු වනයේ, වනය ඇතුළේ ජනතාව කවුරු වුණත් පදිංචි කරන එක වැරදි නම් වැරදි. ඒක පිළිබඳ විවාදයක් නැහැ. හැබැයි උතුරේ මුස්ලිම් ජනතාව, සිංහල ජනතාව පදිංචි කරවන්න  ඕනෙ. උතුරේ මුස්ලිම් ජනතාව පදිංචි කරනවා නම් ඒකට ඉඩ දෙන්නම  ඕනා.
මුස්ලිම් ජනතාව උතුරේ පදිංචි වෙන එක නතර කරන්න  ඕනෙ දෙමළ ජාතික සන්ධානයට. සිංහල අය පදිංචි වෙනකොට  ඒකට කෙලින්ම විරුද්ධ වෙනවා දෙමළ ජාතික සන්ධානය. මුස්ලිම් අය පදිංචි කරවනකොට දැන් විරුද්ධ වෙන්න බැහැ, කෙලින්ම. හේතුව දැන් එයාලා මුස්ලිම් අයට අත දික්කරනවා. ඒ නිසා මුස්ලිම් ජනතාව උතුරේ පදිංචි කරවීමට විරුද්ධව එකී කඩාකප්පල් කිරීමේ කොන්ත‍්‍රාත්තුව වෙන කාටහරි පවරනවා වෙන්න පුළුවන්.
එක දෙයක් පැහැදිලියි. උතුරේ ජන කොටස් 3ම ජීවත්වන්න  ඕනෙ. බස්නාහිර ජන කොටස් 3ම එකට ජීවත්වනවා නම්, බස්නාහිර වගේම, උතුරත් ජන කොටස් 3ම ජීවත්වන පළාතක් බවට පරිවර්තනය වන්න  ඕනෙ. පරිවර්තනය කරන්න  ඕනෙ. මුස්ලිම් අයත් එහි පදිංචි කරවන්න  ඕනා සිංහල අයත් පදිංචි කරවන්න  ඕනා. සිංහල අය යනවා අඩුයි. ගියහම මුහුණදෙන්න තියෙන ප‍්‍රශ්න නිසා ඒ අය එහි ඉන්න දක්වන කැමැත්ත අඩුයි.
උතුරු පළාත තුන් ගොල්ලොම එකට ජීවත්වන පළාතක් කරන්න  ඕනෙ. දැන් බලා ඉන්නේ දෙමළ ජාතික සන්ධානයයි, මුස්ලිම් කොංග‍්‍රසයයි එකට ඒකාබද්ධව ඊළ`ග පාර්ලිමේන්තුවේ තීරක බලය අතට ගන්න. තීරක බලය අතට අරගෙන එන ආණ්ඩුව නටවන්න. නටවලා පැරදුණු ත‍්‍රස්තවාදී අරමුණු නව මාර්ගයකින් නැවත ආරම්භ කරන්න. ඒ වනතෙක් තමයි ඔවුන් සමුළු පවත්වලා, අලූත් යෝජනා සම්මත කරලා, මේ ලක ලෑස්තිවන්නේ ඊළ`ග මැතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තුව හයිජැක් කරන්න. පාර්ලිමේන්තුව ප‍්‍රාණ ඇපයට ගන්න. දිනාගන්න බැරිවුණු බලතල බෙදීම් ඉල්ලීම් දිනාගන්න. නව දෙමළ ඊළාම් මාර්ග සිතියම, නව දෙමළ ඊළාම් න්‍යාය පත‍්‍රය හෙට සිට අලූත් වටයකින්, අලූත් ජවයකින් පණගන්වන්න. එක වෙලාවකදී මුස්ලිම් කොංග‍්‍රසයත්, දෙමළ ජාතික සන්ධානයත් එකට අත්සන් කරලා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිඛිතව ඉදිරිපත් කරාවි ‘අනේ අපිට ඉන්න බැහැ මේ ශ‍්‍රී ලංකා රජයත් එක්ක. අපිට ස්වයංපාලනයක් ලබාදෙන්න’ කියන ඉල්ලීම. ඒ  ලියුම් කඩදාසිය බැන් කි මූන් මහත්තයාගේ අතට මේ දෙන්නාගේම අත්සනින් පත්කරන තැන දක්වා, ඒ පෙළගැස්ම ඇතිකරන්නයි අද අන්තර්ජාතික බලවේග බලා ඉන්නේ ඊළ`ග මැතිවරණය දිහා.
බටහිර රටවල් බලා ඉන්නේ දෙමළ ජාතික සන්ධානයට ඊළ`ග පිම්ම පනින්න වාතාවරණය හදලා දෙන්න. අමතක කරන්න එපා. මේ රට බෙදන්න  ඕනෙ දෙමළ බෙදුම්වාදයටත් වඩා බටහිර රටවල්වලට. දෙමළ ජනතාවගෙන් තනි තනියෙන් ඇහුවොත් ඔය රට බෙදිල්ලක් නැහැ. ඡුන්දය දෙනකොට නම් ඉතිං ‘අරකට’ දෙනවා. පුද්ගලිකව ගත්තොත් මේ ජනතාවගේ එහෙම නොසන්සිඳෙන, පිපාසාත්මක ආශාවක් තියෙනවා කියලා අප හිතන්නේ නැහැ. කාටද ඔය නොසන්සිඳෙන ආශාව තියෙන්නේ. බටහිරට. ඒකනේ බටහිර ඔක්කොම නායකයෝ ඇවිල්ලා රායප්පු ජෝශප් පියතුමා හා සවුන්දරනායගම් පියතුමා විතරයිනේ හමුවෙන්නේ. හින්දු පූජකතුමකුවත් බෙහෙතකටවත් හමුවෙන්නේ නැහැනේ. පන්සලක හාමුදුරුවෝ නමක් බෙහෙතකටවත් හමුවෙන්නේ නැහැනේ. ඔක්කෝම අහන්නේ රායප්පු ජෝශප් පියතුමන්ගෙනුයි, සවුන්දරනායගම් පියතුමන්ගෙනුයි විතරයිනේ. ඒකෙන්ම පේනවානේ බටහිරට මොකක්ද  ඕනෙ කියලා. බටහිරට මේ රට බෙදන්න  ඕනෙ කොටි සංවිධානයට වඩා. ඒ අය අතඅරින්නේ නැහැ කොටි සංවිධානය ඉවරවුණාට.
අලූත් වටයකින් ඊළ`ග මැතිවරණය පදනම් කරගෙන ඒ ගමන යන්න ඒ අය ලෑස්තියි. ඊළ`ගට එනවා යුධ අපරාධ අධිකරණයට මේ රටේ රණවිරුවෝ දක්කගෙන යාමේ මෙහෙයුම. ඒක මේ ආණ්ඩුවට බලය තියෙද්දී ඉවරවෙන එකක් නොවෙයි. ඒ අන්තර්ජාතික අපරාධ අධිකරණයට, මේ රටේ රණවිරුවෝ ගෙනියන්න මේ ආණ්ඩුව දැනට ඉන්න ස්ථාවරයේ හිටියොත් මේ ආණ්ඩුව තියනතුරු පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඔවුන් මේ ආණ්ඩුව තියාගෙන අන්තර්ජාතික අධිකරණයට රණවිරුවෝ ගෙනියන්න බලන්නේ නැහැ. ආණ්ඩුව නැතිකරලා තමයි ඒ වැඬේ කරන්න බලන්නේ. ඒ නිසා ඔවුන්ගේ තානාපති කාර්යාලවල වෙනත් සැලැස්මක් තියෙනවා. මේ දවස්වල විවිධ රාජ්‍ය නොවන සංවිධානවල හරහා අලූත් අලූත් ඒවා හදන්න සල්ලි එවලා තොගයක්. ඒ ගැන අපි දන්නේ එහෙන් මෙහෙන් විසිරුණු හිටපු ජ. වි. පෙ. සාමාජිකයන්ගෙනුත් ඇවිත් සමහරක් අහනවා, ‘හියුමන් රයිට්ස් ගැන යෝජනාවක් දෙන්න. අපි එවැනි දෙයකට සල්ලි අරන් දෙන්නම් අහවල් අරමුදල්වලින්’ කියලා. දැන් බටහිර රටවල් සල්ලි පොම්ප කරනවා. විරෝධාකල්ප පොම්ප කරන්න. විරෝධතා පණ ගන්වන්න. සමහර වෘත්තීය සමිතිවලට සල්ලි පොම්ප කරනවා. රාජ්‍ය නොවන ජාලවලට සල්ලි පොම්ප කරනවා. විරෝධතා ගොඩන`ගන්න. පණ නංවන්න. රට අස්ථාවර කිරීමේ මෙහෙයුම එනවා. ඔවුන් බලන්නේ ආණ්ඩුව වට්ටලා, පෙරළලා ඒ ලැබෙන අවස්ථාව එතැන් සිට ඒ ‘මර උගුල ජිනීවා මානව හිමිකම් මෙහෙයුම’ අලූත් වටයකින් ඉස්සරහට ගන්න.
මේ ඔක්කොම අභියෝගත් එක්ක අපට පෙනෙනවා සමාජ, ආර්ථික, සංස්කෘතික කඩාවැටිල්ලක අපි ඉන්නවා. ආර්ථික කඩාවැටිල්ලක් පෙනෙන්නේ නැහැ. අපිට පාරේ යනකොට ආර්ථිකයේ බොහෝම සුබවාදී නැග්මක් පෙනෙනවා, යටිතල පහසුකම් අතින් බැලූවහම. අපි කියන්නෙ නැහැ යටිතල පහසුකම් සංවර්ධනය නරක දෙයක් කියලා. අනවශ්‍ය දෙයක් කියලා. ඒකට අපි අකමැති නැහැ. හැබැයි මහින්ද චින්තනයට අනුව හිතුවොත් මේ රටේ ජාතික බලවේගයන්වල දැක්මට අනුව හිතුවාම පිටරට බැංකුවලින් ණය ගන්නෙත් පාරවල් හදන්න. ලංකාවේ බැංකුවලින් ණය ගන්නෙත් පාරවල් හදන්න. පාරවල් ටික කාලයකින් කැඩෙනවා. ඒකෙන් සෘජු ආදායමක් උපදවන්නේ නැහැ. විදේශයෙනුත් ණය අරන් පාරවල් හදනවා. රටේ බැංකුවලිනුත් ණය අරන් පාරවල් හදනවා. මේ තමයි අර ආර්ථික ඝාතකයාගේ උපදෙස්, රටේ බැංකුවලින් ණය ගත්තාම වෙන්නේ සල්ලි ටික සංසරණය වෙන එක. පාරවල් හදන්න තාර ගේන්නෙ පිටරටින්. ඒ නිසා බැංකුවල සල්ලිවලින් විශාල ප‍්‍රමාණයක් වැය වෙනවා පිටරටින් තාර ගේන්න. ඔය පාරවල් හදන්න ගත්තු කළු ගල්, තව පොඩි පොඩි වැඩවලට යන සල්ලි, කම්කරුවන්ට ගෙවන්න වෙන සල්ලි, තමයි රට තුළ සංසරණය වෙන්නෙ. මේ සල්ලිවලින් වැඩිම පංගුවක් තාර ගෙන්නන්න පිටරටට ගලාගෙන යනවා.
විදේශ ණය අරගෙන පාරවල් හැදුවට කමක් නැහැ කියමුකො. හැබැයි සමහර විදේශ ණය දෙන ආයතන යටිතල පහසුකම් සංවර්ධනයට විතරයි ණය දෙන්නෙ. කර්මාන්ත ඇති කිරීමට ණය දෙන්නෙ නැහැ. හැබැයි චීනය වගේ රටවල් ඒවාටත් ණය ලබා දෙනවා. දැන් වෙනිසියුලාව වගේ රටවල් සමග චීනය කර්මාන්ත පටන් අරගෙන තියෙනවා. චීනය ණය ගේනවා. වෙනිසියුලාවත් ගාණනක් දානවා. චීන තාක්ෂණය සමග දෙගොල්ලො එකතු වෙලා වෙනිසියුලන් නාමයන් යටතේ අලූත් නිෂ්පාදනයක් ලෙස ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ හදනවා. එහෙම ණය ඉල්ලූවාම ඒ විදියට ණය ලබා දෙනවා. හැබැයි අපේ මුදල් අමාත්‍යාංශ ලේකම් ජයසුන්දර චීනයෙන් ණය ඉල්ලන්නෙ නැහැ, අපේ රටේ කර්මාන්තශාලා ඇති කරන්න. ඒ ආර්ථික ඝාතන මාෆියාවට මේ දේ අවශ්‍ය නැහැ.
ඔවුන් යෝජනා කරන්නේ, ‘පිටරට සල්ලිත් අරගෙන පාරවල් හදමු, බැංකුවල සල්ලිත් අරගෙන පාරවල් හදමු’ කියලා. එතකොට වෙන්නේ මොකක්ද? මිලියන දෙතුන් සියය ආදී වශයෙන් අපේ රටේ බැංකුවලින් සල්ලි පාරවල් හදන්න ඇද්දාම රටේ මිනිහාට දෙන්න තියන ණය සල්ලි ටික රට ඇතුළෙන් එලියට ගලා යනවා. ඇයි අපට බැරි ගමේ කර්මාන්ත පටන් ගන්න. මේ රාජ්‍ය බැංකුවලින් ණය ලබා ගෙන අපේ කොස් ඇටයට, කොස් මදුලට වටිනාකමක් දෙන කෑම ටිකක් හදලා ඒක මේ රට පුරා ව්‍යාප්ත කරන්න බැරි ඇයි?
මේ වෙන කොට චීනයත් සමග නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කරන්න යනවා. ඒ තුළින් බිලියන ගණනක වෙළඳපොළක් විවෘත වෙනවා. අපි නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කළාට චීන වෙළඳපොළට යන අපේ නව නිෂ්පාදන මොනවාද? ‘සම්පාදිත තේ ටික යවනවා’ කියලා කියනවා. හැමදාම තියන බඩු ලැයිස්තුව වෙනුවට මොනවද අපි අලූතින් අරගෙන තියෙන්නෙ පිටරටට යවන්න.
සංචාරකයෝ ගැන කතා කර කර ඉන්නවා. හැරෙන්න, මේ රටට එන සංචාරකයන්ට අලූතින්  අපේ රටින් ගෙනියන්න මොනවද අපි නව කර්මාන්තයක් ලෙස නිර්මාණය කරල තිියෙන්නේ? අත්කම් භාණ්ඩ, මැටි භාණ්ඩ, සැරසිලි භාණ්ඩ ගැන නොවෙයි මම කියන්නෙ. කෝ අපි නව තාක්ෂණික පරම්පරාවක් මේ රටේ හදලා තියෙනවාද? ඒ සඳහා මොකක්ද අපිට තිබුණු වැඩපිළිවෙළ. ජයසුන්දරට, ආර්ථික ඝාතකයන්ට අවශ්‍ය නැහැ මේ රටට වැදගත් න්‍යාය පත‍්‍රයක් අරගෙන එන්න. ඔවුන්ට  ඕනෙ ණයවලින් බරිත වුණු, ණය තවදුරටත් කළමනාකරණය කරගන්න බැරි වන ආකාරයේ ඔත්පල වුණු රටක් හදලා මාරුවෙන එක. ඒක තමයි උන්නැහේලාගේ කොන්ත‍්‍රාත් එක.
අද වන විට මුදල් අමාත්‍යාංශයේ හිටපු කීර්තිමත් නිලධාරීන් එහෙට මෙහෙට තල්ලූ කරලා තියෙනවා. පුංචි ගැටව් ටිකක් තමයි තියාගෙන ඉන්නෙ. ජයසුන්දර, අහස පෙන්නලා මේ පොළව කිව්වොත්, ‘ඔව් සර් මේ පොළව තමයි’ කියලා පිළිගන්න ජාතියේ පැංචො ටිකක් තමයි අද ඔහු තියාගෙන ඉන්නෙ. ඔහු ගිය දවසට මුදල් අමාත්‍යාංශයේ වැඩ කටයුතු සිදු කරගෙන යන්න මිනිහෙක් නැති තත්ත්වයට ඒ අමාත්‍යාංශය අද වන විට පත් කරලා තියනවා. එහෙම ආර්ථික ඝාතකයෝ තියාගෙන කොහොමද මහින්ද චින්තන න්‍යාය පත‍්‍රය ඉදිරියට ගෙන යන්නේ?
එහෙම ආර්ථික ඝාතකයොත් එක්ක කොහොමද මේ රටේ ජාතික බලවේග අපේක්ෂා කරන නව ආර්ථික ප‍්‍රතිසංස්කරණ සිදු වෙන්නේ? ඒ විදියට ආර්ථික ඝාතකයෝ තියාගෙන යන ගමනෙන් සිදු වෙන්නේ පැකර්ලගේ පිල්ලි එන එක. ඒ අයට  ඕන කරන නීති සංශෝධනය පුළුවන් විදියට සිදු කරනවා. මේ නිසා අවසානයේ දී සිදු වෙන්නේ රාජපක්‍ෂ ජනාධිපතිතුමාග් අනන්‍යතාවය, ප‍්‍රතිරූපය විනාශ වීම. එතුමාගේම වටේ ඉන්න නිලධාරී මාෆියාවත්, පරපුටු මාෆියාවත් විසින් එතුමාගේ අනන්‍යතාවය නැති කරන, හතුරාට අවශ්‍ය දේ කරලා දෙන තත්ත්වයේ ක‍්‍රියාන්විතයක් අද දියත් වෙලා තියෙනවා. එළියෙ ඉන්න හතුරෝ නොවෙයි භයානක, ඇතුළේ ඉන්න හතුරෝ.
ඇතුළෙ ඉන්න හතුරා අන්තිම මොහොත වෙනකල්ම එහි කටුව ගහගෙන ඉන්නෙ. ඒ හතුරා දෂ්ට කරලා විෂ ඔළුවට වදිනකොට තමයි එහි බරපතළකම තේරෙන්නේ. මේ පරස්පර විරෝධතා තියාගෙන මේ ගමන ඉස්සරහට යන්න බැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ජනවරම ලැබුණෙත්, ජාතික බලවේගවල නායකයෙක් වශයෙන්, මේ රටේ ජාතික බලවේගවල සිතුම් පැතුම් අනුව ඉදිරියට යන්න මිසක්, පරපුටු නිලධාරී පැලැන්තියට හෝ මහින්ද චින්තන න්‍යාය පත‍්‍රයට පටහැනි ගමනක ඇදගෙන යෑමට වලිකන කල්ලිවලට  ඕන තාලයේ මාර්ග සිතියමක් හදාගන්න නොවෙයි. ඒ නිසා රටේ මහ විශාල මහා මාර්ග නිර්මාණය වෙනවා වගේම අපේ ගම්වලට කර්මාන්ත  ඕනෙ.
අපේ නිෂ්පාදන අගය එකතු කරපු නිෂ්පාදන, අපේ අමුද්‍රව්‍යවලින් හැදෙන්න අවශ්‍යයි.
චීනයේ බිලියන ගණනක වෙළඳපොළට අපේ තැඹිලි වතුර ටික ටින් කරලා යවන්න පුළුවන්. චීන ජාතිකයින් ‘තැඹිලි වතුර හෘද වස්තුවට හොඳයි’ කියලා හරියට බොනවා. චීනයෙන් ණය අරගන්න එකවත්, චීනයත් සමග ආර්ථික හා දේශපාලනික සබඳතා වර්ධනය කර ගන්න එකවත් නොවෙයි නරක. චීනයත් සමග හිතවත් වන විට විවෘත වෙළඳපොළට යන්න අපේ කර්මාන්තකරුවෙක්, නව ව්‍යවසායකයෙක් නිර්මාණය නොකිරීමයි මෙතන තියන වරද.
අපි හිතනවා මොනවා හරි බීජ ටිකක්, මුරුංගා ටිකක් බෙදුවාම ආර්ථිකය සංවර්ධනය වෙනවා කියලා. හැබැයි ගත යුතු අත්‍යවශ්‍ය පියවර ගන්නේ නැහැ. ඒ නිසා අපිට තියෙනවා ලොකු වගකීමක්. එක්කෝ මේ ගමන නිවැරදි කරන්න  ඕන. නැත්නම් නිවැරදි මාවතක් ගොඩන`ගන්න  ඕනෙ.
මේ විදියට මේ ගමන යන්න බැහැ. ජාතික බලවේගවල සිතුම් පැතුම් අනුව යන ගමනකට අවතීර්ණ විය යුතුයි. අද අප සම්මත කරගත් මේ යෝජනාවලිය ඒකට මූලාරම්භයක්. එය ජාතික බලවේගවල මූලික සිතුම් පැතුම්වල සංකලනයක්. ආණ්ඩුව මේ මූලික යෝජනා මත ස්ථානගත වෙන්න  ඕනෙ. ඉහත කී දෙමුහුන්කරණයෙන් අත් මිදෙන්න  ඕනෙ. මීළ`ග ඓතිහාසික ජනවරම, රටට හතුරු බලවේගවල ප‍්‍රාර්ථනා ඉටු නොවන ජනවරමක් බවට පෙරළන්න  ඕනෙ. එය සිදු වන්නේ ‘ජාතික බලවේගයන්ගේ මේ අභිලාෂයන් මත හිටගන්න වර්තමාන ආණ්ඩුව ඉදිරි කාලය තුළ කොතෙක් දුරට සමත් වෙනවාද? නැද්ද? යන කාරණය මතයි.
මේ රටට ඉදිරියට යන ගමනක්  ඕනෙ. 2005 දී ජනාධිපතිතුමා ඒ ගමනට කර ගැහුවා. අපි ඒ ගමනට ‘කර දුන්නා’. ජවිපෙ නායකයන් මගදී ‘කර අතහැර’ ගියා. අපි එතැන සටන් කොට ඒ ගමනට ‘කර දෙන්න’ එළියට බැස්සා. අපට මෙතැනදී පෞද්ගලික ගනුදෙනුවක් නැහැ. මෙතැන තියෙන්නේ, ‘ආණ්ඩුව ජාතික බලවේගයන්ගේ අභිලාෂයන්ට අනුකූලද?, නැද්ද?’ කියන ගනුදෙනුව විතරයි. ‘මහින්ද චින්තනය’ සහ ‘යළි පුබුදමු ශ‍්‍රී ලංකා’ දෙමුහුන් කරපු තත්ත්වයෙන් මුදවලා මේ රට නව ජාතික දැක්මක් හා ආර්ථික සැලැස්මක් සහිත ගමනක් රැුගෙන යන්න මේ ආණ්ඩුවට සූදානම්ද? කියන ප‍්‍රශ්නය විතරයි, අපට තියෙන්නේ. එහෙම සූදානම් නැත්නම් එතැනින් ඉදිරියට අපට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග ගමනක් නැහැ. ගමනක් තියෙන්න විදිහක් නැහැ.(සමුළුවේ අත්පොළසන්*
ආණ්ඩුවට තවදුරටත් මෙහෙම යන්න බැහැ. මේ යන ගමන සතුරා ශක්තිමත් කරන ගමනක්. ජයග‍්‍රහණ අවශ්‍ය නම් වෙනස් වෙන්න  ඕනෙ. 2005 ජන බලවේගයට නැවත පණ දෙන්න  ඕනෙ. ජාතික බලවේගවල විශ්වාසය නැවත දිනා ගන්න  ඕනෙ.
පාර්ලිමේන්තුවේ 3/2ක බලයක් තිබෙන නිසාත් ජානිපෙන් මමත්, වීරකුමාර නියෝජ්‍ය අමාත්‍යවරයාත් පමණක් පාර්ලිමේන්තුව නියෝජනය කරන නිසාත් ආණ්ඩුව හිතන්න පුළුවන්, ‘මේ දෙන්නෙක් ඉන්න පක්‍ෂයක් කියන දේවල් අපි ඇයි ඔය තරම් ගණන් ගන්නේ’ කියලා. කැමති නම් එහෙමත් හිතන්න පුළුවන්. අද දෙන්නයි, හෙට දහයද, පහළොවද කියලා ගණන් හදලා පෙන්වන්න අපටත් පුළුවන්. හැට පැන්නේ නැති වුණාට අපිත් මේ ජාතික ව්‍යාපාරයේ කරක් ගහලා හොඳට පදම් වුණු දේශපාලන සත්වයෝ. අපි වයසට වඩා පදම් වුණු සත්වයෝ. ඒ නිසා එහෙම ගණන් හදනවා නම් එහෙම හදා ගන්න. ඒක වත්මන් ආණ්ඩුවේ කැමැත්ත. ඒ ගණන් සාස්තරෙන් නොවෙයි රටේ ඉදිරි ගමන තීරණය වන්නේ, ජාතික බලවේගයන්ගේ දෑතේ බලයෙන් තමයි රටේ ඉදිරි ගමන තීරණය වන්නේ.
ඉලක්කම් සාස්තරෙන් දේශපාලන සාස්තරය කරන්න බැහැ. දේශපාලන සාස්තරය කියන්නේ ජන මනස, ජන හදවත, ජනතාවට දැනෙන දේ. එතැනයි තැන. අපි ඒ තැන ගැන හොඳට දන්නවා. ඒ නිසයි අපි ආණ්ඩුවට කියන්නේ, ‘කැමති නම් නැවත ජාතික බලවේගයන්ගේ පදනමේ හිටගන්න. අකැමති නම් කියන්න’ කියලා. මේ රටේ ජාතික බලවේග සවිමත්. කකුල් හතරෙන් නැහැ. ඔවුන් උපන්ගෙයි ආබාධිතයෝ නොවෙයි. මේ රටේ මධ්‍යම පංතිය හැදුනෙ බි‍්‍රතාන්‍යයේ ක‍්‍රමයට අනුව උපන්ගෙයි ආබාධිතයෙක් විදියට. මේ රටේ ධනපති පංතිය හැදුනෙත් උපන්ගෙයි කොරෙක් විදියට. අංගසම්පූර්ණ නැහැ, කකුල් දෙක හරියට නැහැ. මේ අය උපන්ගෙයි කොරුන් විදියට හැදුනේ, ‘ඉංග‍්‍රීසි මනසයි, සිංහල ශරීරයයි, සිංහල සරම යටින් ඉංග‍්‍රීසි කලිසමයි. අන්න ඒක තමයි දෙමුහුන්’ කියලා කියන්නෙ. ඒකට තමයි උපන්ගෙයි විකෘතිය කියලා කියන්නේ. මේ අය බිහිවුණේ ඒ විදියට. ඒ නිසා මේ රටේ ජාතික ව්‍යාපාරය තුළ ඒ ඌනතා ඉතිහාසය තුළ අඩු වැඩි වශයෙන් තිබුණා තමයි. හැබැයි අපි එක දෙයක් අවධාරණය කර සිටිනවා. නූතන ජාතික ව්‍යාපාරය ඒ කවර කාලයකටත් වඩා ජාතියේ අභිමතාර්ථයන් ඉටු කරන්න සවිමත්, බලවත්, හැකියාවෙන් අනූන ජාතික ව්‍යාපාරයක් කියලා.
අපි අද මේ යේජනාවලිය ඉදිරිපත් කළේ ආණ්ඩුවට. අපි විරුද්ධ පක්ෂයටත් එක්ක ගැලපෙන, කාටත් ගැලපෙන යෝජනා ඉදිරිපත් කළේ නැහැ. මේ තමයි ‘ආණ්ඩුව වෙනස් වෙන්න කැමතිද නැද්ද’ කියලා බලන එක. ඉදිරි කාලය ඇතුළත මේ යෝජනාවලිය පිළිබඳව දක්වන ආකල්පය අනුව තීන්දු වෙනවා, අනාගතයේ දී ජාතික නිදහස් පෙරමුණ ගනු ලබන පියවර. අපි පැකිළෙන්නේ නැහැ මෙවැනි ගමනක් වෙනුවෙන්, මීට වඩා දුර දිග යන දේශපාලන න්‍යාය පත‍්‍රයක් වෙනුවෙන් සැබෑ ජාතික ව්‍යාපාරයේ ශක්තිය මත පදනම්ව තනියම හිටගන්නත් ජාතික නිදහස් පෙරමුණ පැකිලෙන්නේ නැති බව අපි තමුන්නාන්සේලාට අවධාරණය කර සිටිනවා. මෙම යෝජනාවලියේ තිබෙන යෝජනා ඉටු කළ නොහැකි ඒවා නොවෙයි. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතත් රටට ලබාදෙන්න කියලා අපි මෙහි සඳහන් කරලා තියෙනවා.
1978 ජයවර්ධනගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, තිබියදී අපි වෙනත් නීති හදනවා. පළාත් පාලන මන්ත‍්‍රීවරුන්ට අදාළ පනත් සංශෝධනය කළා. සංශෝධනය කරලා පනතින් බලය ගත්තා අවුරුද්දකින් පස්සේ සභාපතිවරයා හොඳ නැත්නම් එළවන්න. විරුද්ධ පක්ෂය අල්ලගෙන අද වෙනත් අය සභාපති වෙනවා. ඊට පස්සේ නීතිය හොඳ නැහැ. අද එවැනි නාඩගම් දැක ගත හැකියි. මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සහ කලින් කලට ගෙනා පනත් නිසා අද වෙන කොට අවුල් සහගත තත්ත්වයක් මතු වී තියෙනවා.
‘රටේ ස්ථාවරභාවය හදන, ඒකීයභාවය සනාථ කරන මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තියෙන බෙදුම්වාදී යෝජනා එළියට ඇදලා දාන, ජාතික සමගිය, සමානාත්මතාවය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් රටට ගේන්න’ කියලා අපි කියනවා. ඒ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ජාතිය ඉදිරියට ගෙනල්ලා මහා සංඝරත්නයේ අදහස් උදහස් විමසලා, මහ ජනතාව ඉදිරියට ගෙනල්ලා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අපි නිර්මාණය කළ යුතු වෙනවා.
මේ 1978 ව්‍යවස්ථාව තවදුරටත් කර ගහගෙන යන්න බැහැ, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ‘විධායක ජනාධිපතධුරය තියෙනවාද නැද්ද’ කියලා තීරණය විය යුතුයි. මේකෙ කෑලි කෑලි ගැලෙව්වොත් තව තවත් අවුල් සහගත වෙනවා. කෑලි කෑලි ගලවලා හරියන්නේ නැහැ. කළ යුතු වන්නේ මුළු ව්‍යවස්ථාවම වෙනස් කරන කතිකාවතක් පටන් ගැනීමයි.
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ජනවරමක් ඉල්ලා සිටිය යුතු වෙනවා. පාර්ලිමේන්තුවේ 2/3 බලයෙන් බැරිනම් ඒ කෙටුම්පතට අනුමැතිය ලබා ගන්න, ජනවරම හරහා පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් හැටියට රැුස්වෙලා එම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේ අභියෝගාත්මක තීන්දුවට පැමිණිය යුතුයි. මේ රටේ හදමඩල හරියට හඳුනාගත් මහා සංඝරත්නය ප‍්‍රමුඛ ජාතික ව්‍යාපාරයේ අදහස් මත පදනම් වුණු නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මේ රටට අවශ්‍ය වෙනවා. ඒ නව කෙටුම්පත ගේන්න සංවාදයට, ඒ කෙටුම්පතෙන් හොඳ නැති ඒවා අයින් කරමු. හොඳ ඒවා එකතු කරමු. මහජනතාවගේ අදහස් උදහස් විධිමත්ව අරගෙන 2/3 බලයෙන් බැරිනම්, ආණ්ඩුවේ ඉන්න වාම සාම කණ්ඩායම කැමති නැත්නම් අපි ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කරලා හෝ ඒ හරහා ව්‍යවස්ථාව සම්මත කරගත යුතු වෙනවා.
මීළ`ග ප‍්‍රධාන ජාතික මැතිවරණවල දී ඒ ව්‍යවස්ථා කෙටුම්පතට ජනවරම ලබා ගන්නා විදිහේ වාතාවරණයක් අපි මේ රටේ නිර්මාණය කළ යුතු වෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තෙන් බැලූවත්, ජාතික සමගිය පැත්තෙන් බැලූවත්, රණවිරුවෝ දිනා දුන්න මාතෘ භූමිය ආරක්ෂා කර ගැනීම පැත්තෙන් බැලූවත් මේක ඓතිහාසිකව ගතයුතු පියවරක්.
ඊළ`ගට ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවයට අභියෝග කරමින් සදාචාර විරෝධී ලෙස, ජාත්‍යන්තර සම්මුතීන්ට විරුද්ධව ජිනීවා මානව හිමිකම් සමුළුව කවර යෝජනා සම්මත කළත් ඒ යෝජිත සම්මතයන්ට අනුව අර අන්තර්ජාතික පරීක්ෂකයන් මෙරටට ගෙන්වන්න දෙන්න එපා. මේ ආණ්ඩුව ඒ ස්ථාවරයේ ඉන්නවා. හැබැයි ආණ්ඩුව ස්ථාවරයෙන් අනෙක් පැත්තට අරගෙන යන්න ආණ්ඩුව ඇතුළෙ ඉන්න සමහර අය වලිකනවා.
ඒ අය ජනාධිපතිතුමාට කියන්නෙ, ‘ජනාධිපතිතුමනි, අපි ඒ අයට එන්න දෙමු. එතකොට ඒ අය අපිට ටිකක් හිතවත් වෙයි’ කියලා. එහෙම කිය කියා ඒ අය බලනවා හතුරාගේ උවමනාව කරා ඇදගෙන යන්න. ඒවාට ගොදුරු නොවී දකුණු අප‍්‍රිකාව හෝ වෙන කවුරු හෝ අතරමැදියෝ කරගෙන දෙමළ ජාතිවාදී, බෙදුම්වාදය සමග ‘සාකච්ඡුා සංදර්ශනයකට’ යන්නෙ නැතුව මේ රටේ දිනා දුන්නු සාමය හා ඒකීයභාවය තහවුරු කිරීමේ පියවර ගත යුතුයි.
ඒ වෙනුවෙන් යෝජනා අපි මෙතැන ඉදිරිපත් කරලා තියෙනවා. ඒ මත හිටගන්න  ඕනෙ. ඒ විතරක් නෙවෙයි. අපි දන්නවා, සමහර න්‍යායික ඔස්තාර්ලා, මේ රටේ ඉන්නවා කියලා. අර බොරැුල්ල කනත්තෙ හෙළුවෙන් ගියපු උදවිය. ඔවුන් ‘විෂ හලලා’ තමයි පොවන්න හදන්නේ. ‘තියන විෂ මරලා’ පොවන්න හදනවා. ආදරේට වගේ මේ අය දෙන්නේ හතුරාගේ ලණුව.
ඔවුන් කියනවා, ‘දකුණු අප‍්‍රිකාව හෝ මැදිහත්කරුවකු කරගෙන සාකච්ඡුා කරන්න  ඕනෙ දෙමළ ජාතික සන්ධානය සමග.’ අන්න එතකොට බටහිර රටවලට පෙනෙනවා ආණ්ඩුව මේ සඳහා යම් උත්සාහයක් හරි ගන්නවා. එතකොට මහින්ද රාජපක්ෂ හොඳ ළමයෙක් කියලා ඒ අය කියනවා. බටහිර අධිරාජ්‍යවාදීන් කියලා කියන්නේ මෙහෙ ඉන්න අය වගේ නොවෙයි ඒ ගොල්ලෝ තීන්දුවක් ගත්තාම ඒ තීන්දුවෙම ඉන්නවා’ කියලා. එහෙම ලණු ගෙනල්ලා බලනවා, මේ රට ඒ උගුලට ඇදගෙන යන්න.
ඒ හතුරු මතවාද පරදවන්න සමත් ක‍්‍රියාන්විතයට මේ ආණ්ඩුව එන්න  ඕනෙ, ජිනීවා අභියෝග ආදී කරුණු සමග. පොර බැදීම විදේශ කටයුතු අමාත්‍යාංශයට පැවරුණු රාජකාරියක් නොවෙයි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ කට්ටිය රට යනවා එනවා. රට යෑමේ අඩුවක් නැහැ. හැබැයි මේ පාර කලක් තිබුණු රටවල් දෙකක ඡුන්ද දෙකක් නම් අඩු වුණා. කලින්ටත් වඩා රටවල ගියාට මේ පාර ජිනීවා සමුළුවේදී රටවල් දෙකක ඡුන්දය අඩු වුණා.
මේක විදේශ අමාත්‍යාංශයයේ ජොබ් එකක් නෙවෙයි. ජිනීවා අභියෝගය කියන්නේ ජාතිය ඉදිරියේ තිබෙන අභියෝගයක්. මේ බිලිගන්න හදන්නේ මේ රටේ රණවිරුවන්ව. ඒක විදේශ අමාත්‍යාංශයේ රාජ්‍යතාන්ත‍්‍රික ¥ත සේවයට පමණක් ලඝු වුණු භූමිකාවක් නොවෙයි. මුළුමහත් රජයත්, දේශපාලන යාන්ත‍්‍රණයත් එකට මැදිහත්වෙලා තීරණ අරගෙන කළයුතු කාර්යයක්. අද ඒක විදේශ කටයුතු අමාත්‍යාංශයට පවරපු රාජකාරියක් බවට පත් වෙලා. අපේ විදේශ අමාත්‍යාංශය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විදේශ අමාත්‍යාංශයක් නිසා ඒ ගානට ඒක කෙරෙනවා.
ඊළ`ගට අපි ඉදිරිපත් කළේ විදෙස් ආධාර ලබන ආගමික ස්වරූපයේ මූලධර්මවාදී සැක කටයුතු සංවිධානවල ක‍්‍රියාකාරීත්වය නතර කරන්න වහාම පියවර ගත යුතුයි කියලා. අද විශාල ගැටුම්කාරී ස්වභාවයක් ජන කොටස් අතර ගොඩන`ගන්න මේ උදවිය සූදානම් වෙනවා, ‘මුස්ලිම් සමාජයේ යම් අන්තවාදී ප‍්‍රවණතා ක‍්‍රියාත්මක වෙනවා’ කියලා. ඒ ප‍්‍රවණතාවයන් මැඩ පවත්වන්න කියලා. සිංහල බෞද්ධ ජන සමාජයයි, මුස්ලිම් සමාජයයි එකිනෙකා සමග මරා ගන්න විදිහේ වාතාවරණයක් ඇති කිරීමට කටයුතු සිද්ධ කරගෙන යනවා.
මුස්ලිම් සමාජය කියනවාලූ සෞදි අරාබියානු ආධාර ලබන සැක කටයුතු සංවිධාන නැහැ. අපි දැක්කා, මේ ළ`ගකදී හලාවත පැත්තේ පල්ලියක් තියෙන මුස්ලිම් ගමක වෙන නිකායක පිරිසක් ඒ ගමේම නව පල්ලියක් හදන්න යනකොට ඒ පැරණි අය අපිට එක පල්ලියක් ඇති අලූත් පල්ලියක් අවශ්‍යම නැහැ කියලා. සෞදි අරාබියේ ආධාර ලබන කල්ලි කණ්ඩායම් රට ඇතුළටම ඇවිල්ලා තියෙනවා. ඒවා මේ රටේ පාරම්පරික මුස්ලිම් ජාතිකයන්ගෙන් වෙනස්. අර පාරම්පරික ඉස්ලාම් මිනිස්සු තමයි කියන්නෙ අර අලූත් පල්ලිය එපා කියලා. අලූත් පල්ලිය එන්නෙ අලූත් න්‍යාය පත‍්‍රයක් සමග. මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොටස් තුන ප‍්‍රධාන වශයෙන් බෞද්ධ, කිතුණු, ඉස්ලාම්, හින්දු මේ ආගම් හතර පාරම්පරිකවම ආපු ඒවා. අඩුම තරමින් අවුරුදු 500කට එහා පැත්තේ ඉඳන් තියෙන ආගම්. බෞද්ධ ආගම අවුරුදු 2500කට එහා. ඒ ආගම තමයි ඓතිහාසිකවම මෙ රටේ පැලපදියම් වුණු ආගම. ඓතිහාසික සංස්කෘතිය ගොඩන`ගන්න මුල් වූ ආගම. ඒ අතරින් අනෙකුත් ආගම් අඩුම තරමින් අවුරුදු 500කට එහා පැත්තේ තියෙනවා. මේ විවිධ සල්ලි අරගෙන එන, ‘ආගමික පරමාර්ථයට වඩා ජාතීන් කොටවලා මරා ගන්න හදන පරමාර්ථය ඉස්සරහට දාගෙන එන සංවිධාන’ තමයි අර සාම්ප‍්‍රදායික ආගම් අතර තියන සමගිය නැතිවෙන විදිහේ විෂකුරු මතවාද ඒ ජන කොටස් අතර පතුරවන්නේ.
ඒකට ප‍්‍රතිපක්ෂව ඒ ආකාරයේම ව්‍යාපාර හැදෙනවා අනෙක් ජන කොටස් අතරත්. මේකෙන් වෙන්නේ අන්තිමට මේ ජන කොටස් දෙකම මරා ගන්න එක. අපේ හාමුදුරුවනේ, ‘බෞද්ධ ආගමෙත් එනවානේ මාසෙන් දෙකෙන් සෝවාන් බව සහතික කළ ඒවා’ ඒවාත් කොහේ හෝ රටකින් සල්ලි අරන් එන ඒවානේ. ඒවාත් නතර කළයුතු වෙනවා. ථෙරවාදී බෞද්ධාගමේ සම්ප‍්‍රදායන් නැතිකරල. මහායාන සම්ප‍්‍රදාය පණ ටික ගන්වන්නනේ හදන්නේ. මේ රටේ ථෙරවාදී බුද්ධාගම ඓතිහාසික ආගම. ඒ ථෙරවාදී බෞද්ධ සංඝ සංස්ථාව තියෙන නිසා වෙන අලූත් ප‍්‍රවණතා අවශ්‍ය නැහැ. වෙනත් නව ප‍්‍රවණතා බුද්ධාගමට අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම නම් කිතුනුවන්ට කතෝලිකයන්ට ඉස්ලාම් බැතිමතුන්ට ඒ අයටත් පරණ ආගමික සම්ප‍්‍රදායන් තියෙනවා. නව ආගමික සම්ප‍්‍රදායන් අවශ්‍ය නැහැ.
අමෙරිකානු ආධාර ලබන සෞදි ආධාර ලබන සැක කටයුතු ආගමික සංවිධාන මේ රට ඇතුලේ ක‍්‍රියාත්මක වීම නිසා තමයි ආගම් අතර මේ විදිහේ අසහනයන් ගොඩනැෙ`ගන්නේ. ඒක නතර කළ යුතුයි. එහෙම නවත්වන්න කටයුතු කළේ නැති වුණාම තමයි, වෙන වෙන අය ඒක නවත්වන්න ගිහිල්ලා ඒවා නැති වෙනවාට වඩා නැති ප‍්‍රශ්න ඇති කරන්නේ. මැද පෙරදිග රටවල තියෙන ඡුන්දයටත් තට්ටු වෙලා, ඒවායේ රැුකියා කරන අපේ රටේ කට්ටියටත් නැවත මේ රටට එන්න සිදු වෙලා, මේ මගතොටේ මරාගෙන රට තුළ විශාල ජංජාලයක් නිර්මාණය වෙන්නේ. ඒ ජංජාලය නවත්වන්න රජයට පුළුවන් විය යුතුයි. සියලූ ආගම්, ජාතීන්වල ආගමික නායකයෝ කැඳවලා මහා සංඝරත්නය ඇතුළත්ව මේවා ගැන කෙලින් කතා කරලා, කතෝලික ආගමේ නායකයන්ගෙන් අහන්න. අනෙකුත් ආගම් නායකයන්ගෙන් අහන්න. ‘පූජකතුමනි, මොනවාද නොතිබිය යුතු ඒවා. මොනවාද මේ පස්සේ ආපු ඒවා. මේ පස්සේ ආපු ලැයිස්තුව දෙන්න. අපි ඒවා නතර කරමු’ කියලා සාකච්ඡුා කළ යුතුයි. ‘ඔබතුමන්ලා මේ රටේ අවුරුදු 500ක් තිස්සේ ඉන්නවා ඒක හරි. මේ ඊයෙ පෙරේදා තිබූ ඒවා මොනවාද? කියලා සාකච්ඡුා කළ යුතු වෙනවා. වික‍්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව තිබුණු කාලෙ තමයි විශාල වශයෙන් මෙවැනි කණ්ඩායම රැුසක්ම ආවෙ. අන්න ඒ ආපු ඔක්කොම ටික ‘බිලැක් ලිස්ට්’ කරලා දාන්න  ඕනෙ. එතකොට බටහිර රටවල් කියයි ආගමික සහජීවනය නැති කරනවා කියලා. නැහැ. ඓතිහාසිකවම ආපු ආගම් ටිකක් තියෙනවා. සාම්ප‍්‍රදායිකවම ආපු ආගම් අතර සමගිය ආරක්ෂා කරන්නයි, අලූත් ප‍්‍රවණතා නැති කරලා දැමිය යුතු වෙන්නේ. ඒ සඳහා ආණ්ඩුව පියවර ගත යුතු වෙනවා.
අපි දකිනවා අපේ රටේ නිෂ්පාදනය පණ ගන්වන්න පියවර ගන්න  ඕනේ. යටිතල පහසුකම් සංවර්ධනය අවශ්‍යයි. හැබැයි ඒක පමණක් නෙවෙයි දියුණුව කියලා කියන්නෙ. මේ රටේ නිෂ්පාදනය පණ ගන්වන්න වැඩපිළිවෙළක්  ඕනෙ. නව ව්‍යවසායක පරපුරක් නිර්මාණය කරන්න වැඩපිළිවෙළක්  ඕනෙ. චීනය සමග ඇති කර ගන්න වූ නව ආර්ථික ගිවිසුමෙන් විවෘත වන චීන වෙළඳපොළ ජය ගන්න පුළුවන් ව්‍යවසාය පැලැන්තියක් මේ රටේ හදන්න  ඕනෙ. ආයෝජක පැලැන්තියක් වගේම  කර්මාන්තකරුවන්ගේ පැලැන්තියක් අප රටේ හැදිය යුතු වෙනවා.
ඒකට විශාල සහන දෙන වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. ඉඩම් පුළුවන්නම් නොමිලේ හෝ බදු සහන ඇතිව හෝ අඩු මිලට හෝ ගෙවන්න හෝ කර්මාන්ත ආරම්භ කරන්න ණය ආධාර ලබා දීලා, කර්මාන්තය වෙනුවෙන් පසු විපරම් කරලා මෙහෙයවන යාන්ත‍්‍රණයක් ආණ්ඩුව මගින් හදලා මේ ව්‍යවසායක පරපුරක් හදන්න  ඕනෙ. මේ සේවා ආර්ථිකය විතරක් දියුණු කරලා රටක් දියුණු වෙන්නේ නැහැ. සේවා ආර්ථිකය විතරයි අපි මේ පුළුල් කරන්නේ. කර්මාන්ත ආර්ථිකය පණගන්වන්නේ නැහැ. කර්මාන්ත දියුණු කරන ආර්ථික ප‍්‍රතිපත්තියකට මාරු විය යුතුව තියෙනවා. මහින්ද චින්තනයේ පදනමේ ඒක තියනවා. ඒකට මේ රට යන්න  ඕනේ. අපි කියන්නේ මේ යෝජනා ක‍්‍රියාත්මක කළාම ඔක්කොම හරි කියලා නොවෙයි.
ඒ වගේම ජනතාවට මේ වසවිස කවන මහ විනාශකාරී කෘෂිකාර්මික ජීවන රටාව වෙනුවට නව කෘෂිකාර්මික ජීවන රටාවක් අපි ගෙනෙන්න  ඕනෙ. පොහොර සමාගම්වලට දෙන සහන ගොවියාට දෙන්න  ඕනෙ. පොහොර සහනාධාරය දෙන්නේ පොහොර සමාගම්වලට. ඒ පොහොර සහනාධාරය ගොවියාට දුන්නොත් ගොවියා ඔය තරම් පොහොර භාවිතයට ගන්නෙ නැහැ. පොහොර සමාගම්වලට සහනාධාරය දුන්නාම පොහොර ගෙන එනවා වැඩියි. සහනාධාරය ගොවියාගේ අතට දුන්නාම  ඕනෑ ප‍්‍රමාණයට පොහොර ගන්න ගොවියා සමත් වෙනවා. ගොවියාගේ අතට සල්ලි ටික ලබාදුන්නාම ඒ සල්ලි ටික බහුජාතික සමාගම් අතට යන්නේ නැහැ. ඒ තුළින් සොයන්න පොහොර භාවිතය අවම තත්ත්වයට පත් වෙනවා. ඒ සහන දෙනවා වගේම ඉඩම් ප‍්‍රතිපත්තිය සංශෝධනය කරලා මේ රටේ ගොවි ජනතාවට අලූතින් පැකේජයක් වෙන් කරන්න  ඕනෙ. මේක ගොවි ජනතාව දිනවපු ආණ්ඩුවක්. ඈත ගම්බද ප‍්‍රදේශවල ජනතාව නැ`ගිටලා දිනවපු ආණ්ඩුවක්. නාගරික මැද පන්තියයි, පහළ මැද පාන්තිකයයි පහළ පීඩිත පන්තියයි, ගොවි ජනතාවයි දිනවපු ආණ්ඩුවක්. ඒ නිසා ඒ ජනකොටස් වෙනුවෙන් දෙන සහන පැකේජ ඉදිරිපත් කරන්න  ඕනෙ. ඒ සියලූ ජනතාව වෙනුවෙන් ඒක අපේ වගකීමක් වගේම යුතුකමක් වෙනවා.
ඒ විතරක් නෙවෙයි දැන් සමහරු කියනවා, ‘චීනය සමග ගනුදෙනු වැඩියි’ කියලා. අපි කියනවා චීනය සමග නිදහස් වෙළඳ ගිවිසුම වගේම ආරක්ෂක ගිවිසුමකුත් ගහන්න කියලා. එතකොට තමයි කට්ටිය අනිත් පැත්තෙන් පරෙස්සම් වෙන්නේ. මොන ගිවිසුම ගැහුවත් ආරක්ෂක ගිවිසුම නොගැහුවාම තමයි අමාරු. ආරක්ෂක ගිවිසුමක් ගැහුවාම තමයි පිටරටවලින් එන ප‍්‍රශ්නවලදී චීනය බේර ගන්න මැදිහත් වෙන ආකාරයෙන්ම ශ‍්‍රී ලංකාව බේරා ගන්න මැදිහත් වෙන්නේ. ඒ නිසා චීනය වගේ රටවල් එක්ක තියෙන මිත‍්‍රත්වය තව තවත් බලවත් වෙන්න  ඕනේ. මේ විදිහේ පදනමකට අපි ඇවිල්ලා හිටගන්න  ඕනේ.
යහපාලනය ඇති කරන්න පියවර ගත යුතු වෙනවා. දුෂණය හා නාස්තිය වළක්වන්න ක‍්‍රියාමාර්ග ගෙනෙන්න  ඕනේ. මහින්ද චින්තනයේ තියෙනවා අලූතින් පනත් ගේනවා කියලා. ඒ පනත් තාම ඇවිල්ලා නැහැ. ඒ පනත් ගෙනල්ලා නීති ශක්තිමත් කරලා මෙ රටේ හොරකම නාස්තිය නැති කරන, අවම කරන යහපාලනය ඇති කිරීමේ පදනමට මේ රට ගෙන ආ යුතුයි. ඒ වෙනුවෙන් ක‍්‍රියාමාර්ග ගන්න  ඕනේ. ඒ ගන්න ක‍්‍රියාමාර්ග මොනවද කියලා ජාතියට කියන්න  ඕනෙ. ‘අපි වෙනස් වෙන්න සුදානම්’ කියලා පෙන්විය යුතුයි. ‘නව ජාතික න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කරන්න සූදානම්’ කියලා පෙන්විය යුතුයි. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අතට ගත්තාම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නීතිය බලවත් ලෙස ක‍්‍රියාත්මක කරන්න ගත්තාම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ඉන්න  ඕනෙ මරණ ද`ඩුවමට ලක් වූ අයට මරණ ද`ඩුවම ක‍්‍රියාත්මක කරන විට රටට පෙනෙනවා ජාතිය අභියෝග ඉදිරියේ හිටගන්න සූදානම් කියලා. ඒ වෙනස් වීම පෙන්වන්න, වෙනස්වෙන්න  ඕනෙ.
‘මහින්ද චින්තනයත්’ ‘රිගේනින් ශ‍්‍රී ලංකා’ එකත් දෙමුහුන් කරලා ගිය ගමන නතර කරලා නව ජාතික න්‍යාය පත‍්‍රයක් මත හිටගන්න ලෑස්තියි කියලා නොපමාව, වහාම පෙන්වන්න කියලා මේ මහා සමුළුවේ අපි ආණ්ඩුවට අවධාරණය කර සිටිනවා.
අපි සුදානම් මේ ගමනේ  ඕනෑම තීරණයක් ගන්න. ආණ්ඩුව වෙනස් වෙන්න සූදානම් නම් ඒ වෙනස බලවත් කරන්න අපි ලෑස්තියි. ජාතිය ඉල්ලන විදියට ආණ්ඩුව වෙනස් වෙන්න ලෑස්තියි නම් ජාතික බලවේගයන්ගේ න්‍යාය පත‍්‍රය මත නැවත ස්ථානගත වෙන්න සූදානම් නම් ඒ නව පෙළ ගැස්ම මත ඉදිරියට යන්න අපි ලෑස්තියි. වෙනස් වෙන්න ලෑස්ති නැත්නම්, ‘අපිට 2/3ක් තියනවා අපි අපිට  ඕන විදියට යනවා. අපිට  ඕනෙ තාලෙට අපි අපේ ගමන යනවා’ කියලා කියනවා නම් අපි කියන්නම්, ‘හොඳයි මහත්වරුනේ ඔබ ඔබේ තාලයට යන්න. අපි අපේ තාලයට යන්නම්’ කියලා. තාල දෙකක් එක වෙලාවක එක වේදිකාවක ර`ග දක්වන්න බැහැ.
එක වෙලාවක එක වේදිකාවක ර`ග දක්වන්න පුළුවන් එක තාලයයි. ඒ නිසා අපි මේ සමුළුව තියන්නේ නව වෙනස් මාවතකට මේ රට හරවන්න.
ජාතික ව්‍යාපාරය කාගෙවත් සින්නක්කර බූදලයක් හෝ දේපළක් නොවෙයි. ජාතික ව්‍යාපාරය කියන්නේ රටට හරිමග කියන ව්‍යාපාරයක්. මහා සංඝරත්නයේ දැවැන්ත ආශිර්වාදයෙන් පෙළ ගැසෙන ජාතික ව්‍යාපාරය, ජාතික බලවේගය කිසිවකුට සින්නක්කරව නොලියන ලද බලවේගයක්. මේ රට වෙනුවෙන් නිදහස්ව, නිවහල්ව  ඕනෑම තීරණයක් ගන්න ජාතික ව්‍යාපාරයට හැකියාව, ශක්තිය, බලය තියනවා. ඒ බලය අපි කාටවත් ලියලා දීලා නැහැ. උරුම කරලා දීලා නැහැ. විකුණලා නැහැ. විකුණන්නෙත් නැහැ. ඒ නිසා ඒ ජාතික ව්‍යාපාරයේ පදනම මතින් ආණ්ඩුව මෙහෙයවන්න නොහැකි නම් ජාතික ව්‍යාපාරය තම ස්වාධීන ගමනට සූදානම්. හරි මාවතක මේ රට ගෙනියන්න  ඕනෙ. අර හතුරු වටලෑමෙන් මේ මව් පොළොව නිදහස් කරන්න  ඕනෙ. වික‍්‍රමසිංහලාගේ ඊනියා පොදු අපේක්‍ෂකයා දිනවලා දෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් කොංග‍්‍රසයට අනුව නටන පාර්ලිමේන්තුවත් හදලා නැවත දෙමළ ඊළාම් බෙදුම්වාදය පණ ගන්වන ගමනට යන්න නියමිත මේ රට ඒ තත්ත්වයෙන් මුදාගත යුතුයි.
ජාතික බලවේගයන්ගේ සවිමත් න්‍යාය පත‍්‍රයට අනුව තවදුරටත් මේ රට ඉදිරියට ගෙන යන ගමන් මේ බලපෑම් සහගත මෙහෙයවීමට, භූමිකාවට, ක‍්‍රියාන්විතයට, ධෛර්ය සම්පන්නව, ජව සම්පන්නව, බල සම්පන්නව එකතු වෙන්න. පෙරමුණ ගන්න. රොද බැඳෙන්න. ඒකරාශී වෙන්න. ඔබ සැමට ශක්තිය ධෛර්ය ලැබේවා.!, යෝධ බල යෝධ වීර්යය ලැබේවා.!, මාතෘභූමියට ජය වේවා.!, ජාතික නිදහස් පෙරමුණට ජය වේවා.!, ලක් මාතාවට ජය වේවාෟ, ඔබ සැමට ජයෙන් ජයම වේවා…!!’
‘මව්බිමට වින කරන මර උගුල් පරදවමුෟ’ යන තේමාව යටතේ පැවැති මෙම ජාතික මහා සමුළුවෙහි පිළිගැනීමේ කතාව දේශපාලන මණ්ඩල සභික, නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා සිදු කළ අතර පක්‍ෂය වසර 6ක කෙටි ඉතිහාසය තුළ ආ ම`ග පිළිබඳ ප‍්‍රධාන ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ මහතා දේශපාලන සමාලෝචනයක් ඉදිරිපත් කළේය.
එසේම ජනාධිපතිවරයා සහ ආණ්ඩුව වෙත ඉදිරිපත් කෙරෙන, තීරණාත්මක කරුණු 12කට අදාළව සැකසුණු යෝජනාවලියක්ද මෙම මහා සමුළුවේදී සම්මත කර ගැනිණි. එම යෝජනාවලිය සමුළු සාමාජිකත්වය වෙත පක්‍ෂයේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා විසින් ඉදිරිපත් කළ අතර ඔවුහු එහිදී එම යෝජනාවලියෙහි අඩංගු යෝජනා 12ම ඒකමතිකව අනුමත කළහ.
දේශපාලන මණ්ඩල සභිකයෝ වන පක්‍ෂ නායක, අමාත්‍ය විමල් වීරවංශ, ප‍්‍රධාන ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ, නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර, හිටපු සංස්කෘතික කටයුතු අමාත්‍ය පියසිරි විජේනායක, සබරගමුව පළාත් සභා මන්ත‍්‍රී දීපාල් ගුණසේකර, හිටපු පළාත් සභා මන්ත‍්‍රී සේනාරත්න ද සිල්වා, මාධ්‍ය ප‍්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ජාතික ගුරු සභාවේ සභාපති නිමල් පේ‍්‍රමවංශ, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර, මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී, මව්බිම උදෙසා ගොවියෝ සංවිධානයේ සභාපති නිමල් පියතිස්ස, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සමන්සිරි හේරත්, ලක්මව දියණියෝ ජාතික සංවිධායිකා, හෝමාගම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීනී ප‍්‍රියංගා කොතලාවල, ශ‍්‍රී ලංකා නීතිඥ සංසදයේ සභාපති නීතිඥ කපිල ගමගේ, නැෙ`ගනහිර පළාත් සභා මන්ත‍්‍රී ජයන්ත විජේසේකර, කැප්පෙටිපොළ තරුණ ව්‍යාපාරයේ ජාතික සංවිධායක සුසිල් කුමාරසිංහ, හිටපු දකුණු පළාත් සභා මන්ත‍්‍රී, දේශපේ‍්‍රමී වැඩ කරන ජනතා මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ජයන්ත වන්නිආරච්චි යන මහත්ම මහත්මීහු වේදිකාවේ අසුන්ගෙන සිටි අතර මෙම ජාතික මහ සමුළුවට ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෝ මෙන්ම දිවයිනේ සියලූ දිස්ත‍්‍රික්ක නියෝජනය කරමින් සාමාජිකයෝ දසදහසකට ආසන්න පිරිසක් එක්ව සිටියහ.
රාවණා බලයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, සිහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාසීහ යන හිමිවරු ඇතුළු මහා සංඝරත්නයද, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් අමාත්‍ය වාසුදේව නානායක්කාර, කියුබානු රජයේ යෞවන කටයුතු නියෝජ්‍ය ඇමතිනී සුසෙලිස් ගොන්සාලේස්, ශ‍්‍රී ලංකාවේ කියුබානු වැඩබලන තානාපතිනි ඉන්දිරා ලෝපේස්, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති, සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර, ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක, පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ජාතික විධායක සභිකයෝ වන ප‍්‍රවීණ රංගන ශිල්පී බුද්ධදාස විතානආරච්චි, ප‍්‍රවීණ අධ්‍යාපනඥ ලීලානන්ද ගමාච්චි, මහාචාර්ය මාලනී ඇදගම, සමස්ත ලංකා ත‍්‍රීරෝද රථ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර  යන මහත්ම මහත්මීහුද ප‍්‍රවීණ සිනමා අධ්‍යක්‍ෂ ආචාර්ය සෝමරත්න දිසානායක, රංගන ශිල්පී අර්ජුන කමලනාත්, රජිත හිරාන්, සුප‍්‍රියා අබේසේකර ඇතුළු කලා ශිල්පීහු රැුසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ
2014.05.06

No comments:

Post a Comment