Translate

Translate

Sunday, May 11, 2014

සරසවි සිසුන් අත්අඩංගුවට ගැනීමේ සැලැස්මක්


උසාවි නියෝගයක් ද නොතකා හරිමින් කොළඹ නගරයේ විරෝධතා ව්‍යාපාරවල නිරත වූ සරසවි සිසුන් අත්අඩංගුවට ගන්නා බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
ඊයේ, බදාදා ජනාධිපති නිල නිවස ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරවල නිරතව සිටි සරසවි සිසුන් කණ්ඩායමකුයි අත්අඩංගුවට ගැනීමට සැලසුම් කෙරෙන්නේ.

උසාවි නියෝගය
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ, සරසවි සිසු විරෝධතා පාගමනට අදාළ වීඩියෝ පට පොලිසිය විසින් අධීක්ෂණය කරනු ලැබෙමින් පවතින බවයි.
කොළඹ නගරයේ කාර්ය බහුල මහාමාර්ගවල එවැනි පෙළපාලි ගමන් ගැනීම රථවාහන තදබදයකට මෙන්ම මහජනතාවටද අපහසු තත්වයක් ඇති කරන හෙයින්, එම පෙළපාලිය අත්හිටුවන මෙන් ඉල්ලා සිටිමින් කුරුඳුවත්ත පොලිසිය කොළඹ මහාධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කළ අතර එය සැලකිල්ලට ගත් අධිකරණය පෙළපාලි පැවැත්වීමෙන් වළකින මෙන් සිසුන්ට නියෝග කර තිබුණි.
එහෙත් එම අධිකරණ නියෝගය නොතකා අන්තර් විශ්ව බල මණ්ඩලයේ සිසුන් සහ රජරට විශ්ව විද්‍යාලයේ සෞඛ්‍යය විද්‍යා අංශයේ උපාධි අපේක්ෂකයෝ විරෝධතා පාගමනක නිරත වෙමින් අරලිය ගහ මන්දිරය ඉදිරිපිට වාඩි ලා උද්ඝෝෂණයක නිරත වෙමින් සිටියහ.
සිසුන් ඉල්ලා සිටියේ තමන්ට ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබා දෙන ලෙසයි.
වසර හතරක සම සෞඛ්‍යය උපාධි පාඨ මාලාව(AHS) වසර තුනක් බවට පත්කිරීමේ තීරණයට එරෙහිවයි සරසවි සිසුන් විරෝධය පළ කරන්නේ

No comments:

Post a Comment