Translate

Translate

Thursday, May 22, 2014

විල්පත්තුවේ පදිංචි කිරීමට එරෙහි හරිත ව්‍යාපාරයේ පෙත්සම ජුනි 25 විභාගයට

විල්පත්තුවේ පදිංචි කිරීමට එරෙහි 
හරිත ව්‍යාපාරයේ පෙත්සම ජුනි 25 විභාගයට
සරත් ධර්මසේන

යුද්ධයෙන් අවතැන්වූ මුස්‌ලිම් පවුල් නැවත පදිංචි කරවීම සඳහා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතින විල්පත්තුව අභයභූමිය ආශ්‍රිතව පිහිටි කැලෑ ඉඩම් අක්‌කර 2388 ක්‌ පැවරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරය ගොනු කළ පෙත්සම පිළිබඳව වගඋත්තරකරුවන් උසාවි කැඳවා සම්පූර්ණ විභාගයක්‌ පැවැත්වීමට අභියාචනාධිකරණය ඊයේ (21 දා) තීරණය කළේය. පෙත්සම් විභාගය ලබන ජුනි 25 දා පැවැත්වේ. 

වන සංරක්‍ෂණ අධ්‍යක්‍ෂ ජනරාල් අනුර සතරසිංහ, කර්මාන්ත සංවර්ධන ඇමැති රිෂාඩ් බදියුදීන් ඇතුළු වගඋත්තරකරුවන්ට එදින උසාවියේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසද අභියාචනාධිකරණය ඊයේ නියෝග කළේය.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් බී. එම්. යූ. ඩී. බස්‌නායක, පුරාවිද්‍යා කොමසාරිස්‌ ආචාර්ය සෙනරත් දිසානායක, වන ජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එච්. ඩී. රත්නායක, මධ්‍යම පරිසර අධිකාරිය, දැව සංස්‌ථාවේ සභාපති, ඉඩම් කොමසාරිස්‌ ජනරාල් පෙත්සමේ නම් සඳහන් සෙසු වගඋත්තරකරුවෝ වෙති.

පෙත්සම්කරු කියා සිටින්නේ රක්‍ෂිත ඉඩම් කිසිදු කාර්යයක්‌ සඳහා පැවරීමට හෝ අන්සතු කිරීමට වනසංරක්‍ෂණ අධ්‍යක්‍ෂක ජනරාල්වරයාට නීතියෙන් බලයක්‌ පැවරී නැති බවය.

කැලෑ ඉඩම් එළි පෙහෙළි කිරීමෙන් පරිසරයට හා එම පෙදෙස්‌වල පිහිටි ඉතා පැරණි පුරාවස්‌තුවල ජීව විවිධත්වයට හානියක්‌ වන බවත් අලි මිනිස්‌ ගැටුම් තවත් වර්ධනය විය හැකි බවත් පෙත්සම්කරු කියයි.

මන්නාරම මුලතිව් සහ වව්නියාව දිස්‌ත්‍රික්‌කවල පිහිටි කැලෑ ඉඩම් අවතැන්වූ මුස්‌ලිම් පවුල් නැවත පදිංචි කරවීම සඳහා පවරමින් එවක සිටි වන සංරක්‍ෂණ අධ්‍යක්‍ෂ ජනරාල් වරයා විසින් 2013.02.14 දින යෑවූ ලිපිය බලරහිත කරන ලෙසත් පෙත්සම් විභාගය පවත්වා අවසන් තීන්දුවක්‌ ප්‍රකාශයට පත් කරන තුරු එම ඉඩම් එළිපෙහෙළි කිරීම හෝ ගොඩනැඟිලි ඉදිකිරීම තහනම් කරමින් අතුරු නියෝගයක්‌ නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා ඇත.

අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක මහතා හමුවේ පෙත්සම සලකා බැලිණි.

අධිනීතිඥ ශාන්ත ජයවර්ධන මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.

No comments:

Post a Comment