Translate

Translate

Friday, May 23, 2014

ගෝටා ගොඩවාය ඇමරිකාවෙන් බේරා ගනී…

ගෝටා ගොඩවාය ඇමරිකාවෙන් බේරා ගනී…

ගෝටා ගොඩවාය ඇමරිකාවෙන් බේරා ගනී…ගොඩවාය මුහුදු තීරයේ හමු වු ඉපැරණි දැවමය නෞකාව ආශ‍්‍රිතව පුරාවිද්‍යා ක්ෂේත‍්‍රය ඇමරිකානු සමාගමකට විකුණමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගෙනගිය අත්තනෝමතික ක‍්‍රියා පිළිවෙත පිළිබදව අමාත්‍ය විමල් වීරවංශ මහතා මැදිහත්ව කරුණු දැක්වීමෙන් අනතුරුව අදාල තීරණය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්හිටුවීමට තීරණය කර ඇත.
2008 දී මෙරට මුහුදු පුරාවිද්‍යාඥයින් විසින් සොයාගනු ලැබු ආසියානු ශාන්තිකර කලාපයෙන් මෙතෙක් හමුවු වී ඇති පැරණිතම මුහුදු පුරාවිද්‍යා කේෂත‍්‍රය හා එම නෞකාවේ පුරාවිද්‍යා පර්යේෂණ කටයුතු ප‍්‍රංශයේ වෙසෙන මහාචාර්යවරයෙකුගේ මෙහෙයවීම මත ඇමරිකානු සමාගමකට පවරා තිබේ.
පුදුමයට කරුණක් නම් මෙම පර්යේෂණ කටයුතු වලින් ලාංකීය මුහුදු පුරාවිද්‍යාඥයින් හා සංරක්ෂක පර්යේෂකයින් ඉවත් කර සියලුම පර්යේෂණ අයිතිවාසිකම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරහා ඇමරිකානු සමාගමක් වෙත පවරා ගැනීමයි.
මෙම පර්යේෂණ හා පුරාවස්තු ගොඩනැගීමේ කටයුතු සඳහා සුදුසුකම් ලත් ලංකාවේ සංරක්ෂකයින් සහභාගි කරවා නොගත් අතර, ඒ පිළිබඳව විවිධ පාර්ශවයන් විසින් දැක් වු විරෝධය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නොසලකා හරින ලදි.
මෙම පර්යේෂණ කටයුතු සඳහා විදේශීය විද්‍යාඥයින් සහභාගී වන බව පැවසුවද කිසිදු විද්‍යාඥයකු මේ සඳහා සහභාගී නොවු අතර, විදේශීය විශ්ව විද්‍යාල වල උපාධිය හදාරන ශිෂ්‍යයින් විසින් ක්ෂේත‍්‍ර කටයුතු මෙහෙය වන ලදි. එපමණක් නොව මෙම පර්යේෂණ සම්බන්ධ තොරතුරුවල අයිතිය ඇමරිකානු සමාගම වෙත පවරා ගැනීමේ ගිවිසුම් වලට ද අත්සන් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කර තිබිණි. තවද රටේ ආරක්ෂාවට බරපතල ලෙස බලපාන මෙම කැනීම් සඳහා ආරක්ෂක අමාත්‍යාංශයද සහභාගී කරවාගෙන නොතිබිණි.
සමාජයේ විවිධ පාර්ශව වලින් සහ විවිධ විද්‍යාර්ථින් ගෙන් මේ සදහා එල්ල වු බොහෝ විරෝධය තඹයකටවත් මායිම් නොකර පුරාවිද්‍යා පනතේ ඇති විධිවිධාන අනුව තමන්ට ලැබී ඇති බලය අනිසි ලෙස භාවිතා කරමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඇතුලු නිලධාරීන් කිහිපදෙනෙකු විසින් ගෙන ගිය මෙම විනාශකාරී වැඩපිළිවෙල නවතාලීමට ගෙන ඇති තීරණය ඉතා ශ්‍රේෂ්ඨ එකක් බව ලංකීය පුරා විද්‍යා කේෂත‍්‍රයේ ප‍්‍රවීණයෝ පවසති.
මෙතෙකින් නොනැවතී මෙරට ජනතාව සතු මෙම වටිනා පුරාවිද්‍යා කේෂත‍්‍රය(වැඩබිම) නැවත එහි හිමිකරුවන් වෙත ලබාදීමටත් එහි පර්යේෂණ කටයුතු ලාංකීය මුහුදු පුරා විද්‍යාඥයින් සහ සංරක්ෂක පරීක්ෂකයින්ට කරගෙන යාමටත් ලැබෙන තොරතුරු ලංකාවේ දේපල ලෙස සලකා කටයුතු කිරීමටත් ඉඩ සලසාදීමට අවශ්‍ය නිවැරදි මඟපෙන්වීම ද ගරු ආරක්ෂක ලේකම්තුමාගේ මැදිහත්වීමෙන් සිදුවනු ඇතැයිද මේ පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස බලාපොරොත්තු වේ.

No comments:

Post a Comment