Translate

Translate

Sunday, May 11, 2014

ස්වයංපෝෂිත කතා බොරු.. වී සහ ඉරිඟු රටින් ගෙන්වයි

ස්වයංපෝෂිත කතා බොරු.. වී සහ ඉරිඟු රටින් ගෙන්වයිසහලින් හා බඩ ඉරිගුවලින් රට ස්වයං පෝෂිත යයි කීවද වී ආනයනය කිරීම සදහා ගැසට් නිවේදනයක් මගින් අවසර ලබාදී ඇති බවත්, ඉදිරියේදී බඩ ඉරිගු ආනයනය කිරීමටත් අදාළවද ගැසට් නිවේදනයක් නිකුත් කිරීමටද නියමිත බවත් කෘෂිකර්ම අමා ත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය නිමල් දිසානායක මහතා පවසයි.
මෙරට කෘෂිකර්මාන්තය අදවන විට රැදී පවතින්නේ ආනයනික බීජ මත යැයි සදහන් කළ අතිරේක ලේකම්වරයා, වී ගබඩා කිරීමට අවශ්‍ය ආරක්ෂිත ගබඩාවක් නොමැති බවද අනාවරණය කළේය.
‘රටට අවශ්‍ය කරන බීජ වලින් 85%ක්ම ආනයනය කරන ඒවා නිසා ඒ මත කෘෂිකර්මාන්තය රදා පවතිනවා.බඩ ඉරිගු වලින් ස්වයං පෝෂිතයි කියා අපි උදම් ඇනුවට බඩ ඉරිගු ගෙන්වන්න ගැසට් නිවේදනයක් ලෑස්ති කරලා තියනවා.වී වලින් ස්වයං පෝෂිතයි කියා උදම් ඇනුවද පිටරටින් වී ගෙන්වන්න ගැසට් නිවේදනයකින් අවසර දුන්නා. කියන්න කනගාටුයි අපට ආරක්ෂිත වී ගබඩාවක් නැහැ,අවශ්‍ය වෙලාවට ගන්න.අතිරික්තයක් නැහැ මේකෙන් අසරණ වෙන්නේ ගොවියෝ ’ යැයිද ලේකම්වරයා පෙන්වා දෙයි.

No comments:

Post a Comment