Translate

Translate

Monday, May 5, 2014

විල්පත්තුවට හඳුනා නොගන් බෝට්ටු ඇවිත්.. දන්න දේවල් කිවුවොත් රට ලේ විලක් වෙනවා

විල්පත්තුවට හඳුනා නොගන් බෝට්ටු ඇවිත්.. දන්න දේවල් කිවුවොත් රට ලේ විලක් වෙනවාබොදු බල සේනා සංවිධානය විසින් දිගින් දිගටම මෙරට මුස්ලිම් අන්තවාදය ක‍්‍රියාත්මක වන්නේ යයි කළ හෙළිදරව්ව දැන් සත්‍යයක් වී ඇතැයි එම සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.
මහනුවර පදිංචිකරුවකු වන මුස්ලිම් ත‍්‍රස්තවාදී කණ්ඩායමක නායකයකු ඉන්දියාවේ චෙන්නායි නුවර දී අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් පල කරමින් උන් වහන්සේ මෙසේ සඳහන් කලහ.
ලංකාව හරහා ත‍්‍රස්තවාදීන් ඉන්දියාවට යැවීමට පාකිස්තානයේ ක‍්‍රියාත්මක වන ත‍්‍රස්ත සංවිධාන රැසක් කටයුතු කරන බවට මේ වන විටත් ජාත්‍යන්තරය තුළ ප‍්‍රචලිත වී ඇති බවත් ඇමෙරිකානු තානාපති කාර්යාලයට පහර දීමට මෙම ත‍්‍රස්තවාදීන් සූදානම් වන බවට පැතිරීමෙන් ලංකාව දැඩි අපකීර්තියකට ලක් වන බවත් උන්වහන්සේ පෙන්වා දෙති.
‘එදා එල්.ටී.ටී.ඊ. ය ක‍්‍රියාත්මක වෙද්දී කොළඹ ඉඳලත් සිංහල කොටි ඒ අයට උදව් කළා. මුස්ලිම් අන්තවාදීන් කිහිප දෙනෙක් නිසා හැම මුස්ලිම්වරයෙක්ම එහෙම නැහැ. මුදල් මත ත‍්‍රස්තවාදී ක‍්‍රියා කරන පිරිස් බොහොමයක් ඉන්නවා.
අපි එදා කිව්වා තමිල්නාඩු තව්හිද් ජමාඅන් සංවිධානය ගැන. ඒක ලංකාවට සම්බන්ධයි කියලා. නමුත් පිළිගත්තේ නැහැ. නමුත් ඉන්දීය මාධ්‍ය අල්ලගත්ත මේ පුද්ගලයා හරහා ගොඩාක් දේවල් කියවෙනවා. විල්පත්තුවේ පදිංචි කරපු පිරිස්වලින් අපට ආරංචි වුණා නන්නාදුනන බෝට්ටු දෙකක් පසුගිය දවස්වල ආවා කියලා.
අද 1500 ක් විතර මිනිස්සු ගෙනත් මීගමුවේ ඉන්නවා. ඒ කණ්ඩායම් කොහොමද එන්නේ? ගේන්නේ මොන ගිවිසුමක් යටතේද කියන්න දන්නෙ නෑ. මේ අයට රස්සා නැහැ. නමුත් සල්ලි තියෙනවා. අපි දන්න දේවල් කිව්වොත් මේක ලේ විලක් වෙනවා. නිහඬව ඉන්නේ සිංහලයෝ නිවට නිසා නොවෙයි. එදා එල්.ටී.ටී.ඊ. යටත් වඩා වැඩි ආරක්ෂාවක් අද උතුරු නැගෙනහිර මුහුදු තීරයට යොමු කරන්න වෙලා. මේ හරහා අන්තවාදී කල්ලි මුහුදු සීමාවෙන් රට ඇතුළට රිංගන්න හදනවා’ යයිද උන් වහන්සේ වැඩිදුරටත් කීහ.

No comments:

Post a Comment