Translate

Translate

Friday, May 23, 2014

ඊළඟ මැතිවරණයෙන් පසු ආණ්ඩුව නටවන්නේ මමයි..

ඊළඟ මැතිවරණයෙන් පසු ආණ්ඩුව නටවන්නේ මමයි..ඉදිරි මැතිවරණයෙන් පසු රටේ තීරක බලවේගය තම පක්‍ෂය බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඒ මහතා මෙසේ පැවසුවේ බිංගිරිය ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
ඔහු එහිදී මෙසේද කීය.
‘තවත් මාස තුනක් පමණ ඉදිරියට තියෙන නිසා ඊළගට අපි ප‍්‍රචාරක රැස්වීම් ආරම්භ කරනවා. අනිවාර්යෙන්ම රජයේ ඡන්ද හැත්තෑපන් දහසක්වත් ගැලවෙනවා. ශ‍්‍රී.ලං.නි.ප. බුලත් කොළයට තිබෙන ඡන්දයි ඒවා. මේ විදියට බලනකොට තව අවුරුද්දක්වත් යනකොට මහ මැතිවරණයක් එන කාලය වෙනකොට මේ ආණ්ඩුවෙන් තව ඡන්ද ලක්ෂ පහක්වත් ගැලවීමට හැකි වුණොත් මේ ආණ්ඩුව අවසන් ගමන් යනවා. එහෙම වුණොත් ආයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයක් ජීවිතේට බලයට එන්නේ නෑ.
පක්ෂය ගොඩනැගුවා බණ්ඩාරණායක, පක්ෂයට වළ කැපුවා රාජපක්ෂ. ඒ ගැන අපිට කනගාටුවක් ඇති වෙනවා. මේ ගමන යනකොට අපි දකිනවා අද වෙනකොට මේ රටේ තිබෙන දේශපාලන තත්ත්වය කොහොමද කියලා. මේ වනවිට ලක්ෂ හතක පමණ ඡුන්ද ප‍්‍රමාණයක් අපට තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණෙන් රටපුරා ඡන්ද ලක්ෂ පහක්විතර ඇති. අපේ පක්ෂය ඉහළින්ම තිබෙනවා.
මම ජනාධිපතිවරණයට තරග කරන කාලේ, අපි දෙමළ සන්ධානයේ තිබුණ ලක්ෂ දෙකහමාර, මුස්ලිම් කොංග‍්‍රසයේ ලක්ෂ එකහමාර, ජනතා විමුක්ති පෙරමුණේ තිබුණු ලක්ෂ එකහමාර මගේ ඡන්ද තීරණාත්මක ඡන්ද හැටියට අපි දැක්කා. ඒවා නැතිවම බැරි ඡන්ද වෙලා තිබුණා. මට ලොකු විශ්වාසයක් තිබෙනවා ලබන වසරේදී මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණයකට යනකොට අපේ ඡුන්ද අඩුම වශයෙන් ලක්ෂ දහයක්වත් වෙලා තියෙයි. කවුරු තරග කළත් මේ මැතිවරණ වලදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ඡන්ද තීරණාත්මකයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ අමතක කරලා මැතිවරණවලට මුහුණ දෙන්න බැරි වෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය කියන එක තීරණාත්මක බලවේගය බව දැන් රජයට වැටහෙන්න පටන් අරන් තිබෙනවා’

No comments:

Post a Comment