Translate

Translate

Tuesday, June 10, 2014

මමත් නිකං ඉන්නෙ නෑ.. වයඹට අතගහන්න කාටවත් බෑ – දයාසිරි බලය පෙන්වයි

මමත් නිකං ඉන්නෙ නෑ.. වයඹට අතගහන්න කාටවත් බෑ – දයාසිරි බලය පෙන්වයි

මමත් නිකං ඉන්නෙ නෑ.. වයඹට අතගහන්න කාටවත් බෑ – දයාසිරි බලය පෙන්වයිපරිසරය සම්බන්ධ ඕනෑම ප්‍රශ්ණයකට මම 200% ක් පෙනී සිටිනවා.ජාතික වශයෙන් තිබෙන සියළුම වැඩ පිළිවෙළවල් වලට මම එකඟයි යනුවෙන් වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

අමාත්‍යවරයා එසේ පැවසුයේ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,
‘මධ්‍යම රජයේ බලතල බෙදීමට අනුව පළාතේ පරිසර අධිකාරියේ වැඩ කාටවත් කරන්න බෑ. ප්‍රශ්ණයක් තියනවනම් අපේ පරිසර අධිකාරියත් එක්ක සාකච්ඡා කරන්න.මම අපේ සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා එක්කත් සාකච්ඡා කළා. එතුමා කිව්වෙත් වයඹට අත ගහන්න එපා කියලා. පළාතේ පරිසර ප්‍රශ්ණයක් තියනවානම් ඒක අපි විසඳාගන්නම්. ඒ වගේම පරිසර දුෂණ පාලන අංශයෙන් තමුන්නාන්සේලා අපේ ගල් වලවල් වලින් රුපියල් 13,500.00 ගානේ ගන්නවා. එක වැරදියි. මමත් නිකන් ඉන්නේ නෑ. බෙදපු බලය ආණ්ඩුවට ඕනෙනම් ගන්න පුළුවන්.කෙසේ වෙතත් ගල් වලවල් වලින් සල්ලි ගන්න එක නතර කරන්න. අනිත් එක මේ සම්බන්ධ විශේෂ දේවල් පත්තරවලින් යන්නේ වෙනස් විදියට. ඒ නිසා ඒ දේවල් විශ්වාස කරන්න එපා.
භූ විද්‍යා ආයතන වලින් පරිසර කැනීම් වලට බලපත්‍ර දෙන්න එපා. පරිසරය සම්බන්ධ ඕනෑම ප්‍රශ්ණයකට මම 200% ක් පෙනී සිටිනවා.ජාතික වශයෙන් තිබෙන සියළුම වැඩ පිළිවෙළවල් වලට මම එකඟයි. නමුත් පළාතේ පරිසර අධිකාරියට බලපෑම් ගෙන්න එපා . මම ඒ වැඩවල නීත්‍යනුකුල පැත්ත හොඳට දන්නවා. සියළුම ප්‍රඥප්තීන් 154 G9 වගන්තිය යටතේ තමයි සම්මත වෙන්නේ . බලතල බෙදීම ගැනත් මම හොඳට දන්නවා’
- NWP Media

No comments:

Post a Comment