Translate

Translate

Tuesday, June 10, 2014

පිල්ලේ අන්තිම කතාවේදීත් ලංකාවට දෙහි කපයි

පිල්ලේ අන්තිම කතාවේදීත් ලංකාවට දෙහි කපයි

පිල්ලේ අන්තිම කතාවේදීත් ලංකාවට දෙහි කපයි






ශ්‍රී ලංකා රජය මෑතකදී යුද ජයග්‍රහණයේ පස්වැනි වසර සමරනු ලැබුවද ත්‍රස්තවාදය හා අර්බුද නිසා ඇති වූ තුවාල වල කැලල් තවමත් සුවපත් වී නැතැයි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවී පිල්ලේ මහත්මිය පවසයි. 
ජගත් මානව හිමිකම් මහකොමසාරිස් තනතුරින් ලබන අගෝස්තුවේ විශ්‍රාම ගැනීමට නියමිත මහලේකම්වරිය අද (09) ජීනිවා හි ඇරඹී 26 වැනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අමතමින් මේ බව පැවසුවාය. 
යුද ගැටුම් නිසා ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන අපරාධ ගැන පරීක්ෂණයක් පැවැත්වීමට තම කාර්යාලයේ නිලධාරී මණ්ඩලයක් පත්කර ඇති බවත් ඊට විශේෂඥයින් කිහිප දෙනෙකු ද ඇතුළත් බව පවසා ඇති මහලේකම්වරිය ඔවුන් මේ සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවද එහිදී සඳහන් කළාය. 
එසේම ශ්‍රී ලංකා රජයට මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නැයි තමන් අවධාරණය කරන බවද එමගින් විශ්වාසදායි ක්‍රියාවලියකට එළඹීමට අවස්ථාව ලැබෙන බවද පැවසුවාය. 
ජගත් මානව හිමිකම් මහකොමසාරිස් නවි පිල්ලේ ලබන අගෝස්තු මාසයේ එම ධූරයෙන් විශ්‍රාම යාමෙන් පසු එකී තනතුරට ජෝර්දානයේ සෙයිඩ් අල් හුසෙන් සූන් පත්කිරීමට නියමිතය. 
- Adaderana

No comments:

Post a Comment