Translate

Translate

Wednesday, June 4, 2014

මාව හුදකලා කිරීමේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කරලා තියනවා

මාව හුදකලා කිරීමේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කරලා තියනවා

මාව  හුදකලා කිරීමේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කරලා තියනවා

  • මේවනවිට  දැඩි ලෙස ආණ්ඩුව විවේචනය කරන තැනකට ගමන් කර සිටින ඔබ පක්ෂයත්  , හෙළ උරුමයත් අතර පහුගිය දා සාකච්ඡා වටයක් පැවත්  වුණා . ඉදිරියටත් සාකච්ඡා පැවැත්වෙන බවත්  පැවසුණා .  ඔබ පක්ෂ දෙක එකතු වී යම් සන්ධානයක් ගොඩ නගා ගන්න යන බවටත් ආරංචි පැතිරෙනවා  . මෙහි අත්තක් තිබෙනවාද ?
අපි කොහේවත් කියලා නැහැ සන්ධානයක් ගොඩ නගා ගන්න යනවා කියලා . අපි වෙන වෙනම ගමන් කරන පක්ෂ දෙකක් . ආණ්ඩුවේ ගමන් මඟ ගැන සාකච්ඡා පවත්වනවා . අනාගතයේදී රට තුළ මත්විය හැකි දේශපාලන අභියෝග ගැන අපි කතා කරනවා . නමුත් එතනදී අපි කිසිවිටක් සන්ධානයක් ගොඩ නඟා ගැනීම ගැන කතා කරලා නැහැ .
  • ඔබ පක්ෂය පසු ගිය දා ජනාධිපති වරයා හමු වුණා . එහිදී සිදු වුණේ කුමක්ද?
 මැයි මාසයේ පස් වෙනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී අප පක්ෂයේ දෙවැනි ජාතික මහා සමුළුව පැවැත්වුවා . සමුළුව පැවැත්වීමට පෙර සිටම ආණ්ඩුවේ වෙනස්විය යුතු තැන් ගැන කියලා තිබුණා . ඒ සියල්ල ගැන සලකලා බලලා ආණ්ඩුවේ වෙනස්විය යුතුයි යැයි හඳුනා ගත් කරුණු 12 කින් යුත් යෝජනාවලියක් ජනාධිපති තුමාට ඉදිරිපත් කිරීම් සඳහා සම්මත කර ගත්තා .  අපි ඒක මහ නා හිමිවරුන්ට , ආගමික පූජකවරුන්ටත් පිළිගැන්වූවා . මේ යෝජනාවලියේ සඳහා කරුණු වලින් මතු කරන්නේ රටේ වත්මන් අභියෝගවලට එරෙහිව ආණ්ඩුව හිට ගන්නවාද නැද්ද කියන ප්‍රශ්නයයි .
  • ජනාධිපතිවරයාගේ ලැබුණු ප්‍රතිචාරය කුමක්ද ?
 යෝජනා දොළහේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුනේ නැහැ .මෙවැනි යෝජනාවලියක් ඉදිරිපත් කළේ ඇයි කියන කාරණය අපි පැහැදිළි කළා . ඒ අනූව මේ යෝජනාවලියෙන් බලාපොරොත්තු වෙන දේ  ප්‍රකාශ කළා . අපේ යෝජනාවලිය දෙස බලා ජනාධිපතිවරයා කීවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කරලා අපට මේ ගැන දැනුම් දෙන්නම් කියලා .
  • මෙයින් කියවෙන්නේ යහපත් ප්‍රතිචාරයක් නැහැයි කියලා නේද ?
සාමාන්‍ය ආණ්ඩුවකට සත්‍ය පිළිගන්වනවාට  වඩා අමාරුයි තුනෙන් දෙකක බලය තියන ආණ්ඩුවකට සත්‍ය පැහැදිළි කරලා  දීම .  කවුරුත් කැමති සතුටු දායක දේවල් දකින්න සහ අහන්න ලැබෙන්නයි . තුනෙන් දෙකක බලයක් තියන් ආණ්ඩුවක් ගත්තොත් ඒ ගොල්ලෝ සතුටුදායක ප්‍රවෘති අහන්න තියන් අකමැත්ත ඊට වඩා වැඩියි . අපට සම්පූර්ණ විශ්වාසයක්වත් අවිශ්වාසයක්වත් නැහැ මේ යෝජනාවලිය ගැන දක්වන ප්‍රතිචාර ගැන . අනිවාර්යෙන්ම මේ යෝජනාවලිය පිළිගනී කියලා විශ්වාසයකුත් අපට නැහැ. අනික් අතට මේක සම්පූර්නෙන්ම  කුණු කූඩෙට දමාවි කියලා හිතන්නෙත් නැහැ . කොහොම වුණත් අපි බලන්නේ සත්‍ය කරුණු අරභයා  ආණ්ඩුව අවදි කරන්නයි .  වෙනත් මිතුරන්ට නොපෙනෙන පැත්තක් පෙන්වන්නයි .  ඉතින් අපි හිතනවා අපි අපාය සහාය මිත්‍රයෝ නොවන හින්දා මේ කරන්නේ අපේ යුතුකමක් කියලා . ඒ යුතුකම අපි ඉටු කරනවා . මේක සතුරු මෙහෙයුමක් හැටියට නොදක සැබෑ දේශපාලා මිත්‍රයන්ගේ යෝජනාවලියක් ලෙස දකින්න තරම් පරිණත භාවයක් ආණ්ඩුවට තිබුණොත් මන් හිතන්නේ ඔවුන් මේ දිහා බොහොම  ධනනාත්මක ප්‍රවේශයක් ගනියි . එහෙම නැතුව මේ ගැන පටු විදිහට අර්ථකතනයකට ගියහොත් ඍණාත්මක ප්‍රවේශයක් ගනීවි . මොනවා වුණත් ආණ්ඩුව ගන්නා ඒ ප්‍රවේශය මත තමයි අපේ ඉදිරි ක්‍රියා මාර්ග තීරණය වෙන්නේ.
  • යහපත් ප්‍රතිචාරයක් නොලදහොත් ඔබ ආණ්ඩුවේ අයින් වෙනවාද ?
සෑහීමකට පත්විය නොහැකි පිළිතුරක් දෙනවා කියන එකෙන් පෙන්නුම් කරනවා ආණ්ඩුව මේ තිබෙන ඇතැම් අභියෝග හමුවේ නිශ්චිත ස්ථාවරයකට එන්න අසමත් කියන එක . ෂයිලොක් මස්  රාත්තලම ඉල්ලුවා වගේ අපි මේකේ ඇලපිල්ලක් පාපිල්ලක් නෑර ගත යුතුයි කියන ස්ථාවරයේ නැහැ . නමුත් අපට හා සමාජයට සැහීමකට පත්විය හැකි ප්‍රති ඵලයක් ලබා ගැනීම අත්‍යාවශ්‍යයයි.
එහෙම නැතිව ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ඍනාත්මක ආකල්ප දරුවොත් එයින් පැහැදිලි වෙන්නේ පවතින අභියෝග හමුවේ වෙනස් වෙන්න ආණ්ඩුව සුදානම් නොඅමති බවයි . එහෙම ආණ්ඩුවක් ඇතුළේ රැඳී සිටීමෙන් රටට හෝ අපට ප්‍රයෝජනයක් තියනවා කියලා අප විශ්වාස කරන්නේ නැහැ .  ආණ්ඩුව තමාගේ පැත්තෙන් සිදුවිය යුතු වෙනස්කම් සිදු කිරීමට නොපෙළඹුනහොත් ඉදිරි කිසිම මැතිවරණයක් ජයග්‍රහණය කිරීම පහසු වෙන්නේ නැහැ . ඒක අපි පැහැදිළිවම දකිනවා . ඒ නිසා තමයි අපි කියන්නේ වහාම වෙනස් වෙන්න කියලා . නමුත් එය පිළි ණෝඒආ යන ගමනක සහයකු වීමේ ප්‍රයෝජනයක් කාටවත් නැහැ.
  • ඔබ ආණ්ඩුව විවේචනය කරන්න පටන් ගත්තට පස්සේ  ඔබට නොයෙකුත් කෙනෙහිලිකම්  වෙන්නත්  පටන් අරන් නේද ?
 ඔව් . අපේ මන්ත්‍රීවරුන් හරි . සමාජිකයන් හරි කියන්න පුළුවන් කට්ටිය  පක්ෂයෙන් කඩලා ගැනීමේ මෙහෙයුමක් ආරම්භකර  තිබෙනවා . ශ්‍රී ලංකා නිදහස් පකශේ සමහර ජ්‍යෙෂ්ට නායකයන්ගේ  උපදෙස් පරිදි ප්‍රාදේශීය දේශපාලඥයන් මේ දවස් වල ප්‍රදේශයේ සියලු කටයුතු නවත්තලා  ජාතික නිදහස් පෙරමුණට සම්බන්ධකම් තියන කවුරු කවුරු හරි  කඩලා අරගෙන “ අපි විමල් වීරවන්ෂගෙන් අයින් වුණා ” කියලා ඔවුන් ලවා කියව ගැනීමේ මහා මෙහෙයුමක් ආරම්භ කරලා තියනවා . ඒ ගැන හැම තැනින්ම අපට ආරංචි ලැබෙමින් පවතිනවා
  • මේක ඔබව හුදකලා කරලා දේශපාලනයෙන් ඉවත් කිරීමක් කියලද ඔබ හිතන්නේ ?
 ඔව්. ඔවුන් බලන්නේ දේශපාලන වශයෙන් අපව හුදකලා කරලා පීඩනයක් එල්ල කරලා ඔවුන් කැමති ක්‍රියාදාමයකට අපව නතු කර ගැනීමටයි . ඒ පණිවිඩය තමයි එන්නේ . අප පිළිබඳ සොයා බැලීම් වැඩි කරලා තියනවා . නමුත් එහෙම වැඩ වලින් මේ ප්‍රශ්නය විසන්දෙන් නැහැ . මේකෙන් වෙන්නේ ප්‍රශ්නය වෙනත් මගකට ගමන් කිරීමයි . මේක ඇඟේ හයිය මනින ප්‍රශ්නයක් නෙමෙයි . ඇඟේ හයිය බැලුවොත් ඒක වැඩිපුරම තියෙන්නේ අනිත් පැත්තේ තමයි . නමුත් මේක ඔලුවේ හයියෙන් විසඳන්න ඕන ප්‍රශ්නයක් . ඔලුව පාවිච්චි කරන්නේ නැතුව ඇඟ පමණක් යොදා ගත්තොත් නියම ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ . .
  • ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් වෙනත් පක්ෂ දෙකකට ගියා . ඔබ ඇයි මෙහිදී නිහඩව සිටින්නේ ?
 නැහැ . ඒක වෙනත් ප්‍රශ්නයක් . ඒ දෙන්නගෙන් එක්කෙනෙක් සරත් ෆොන්සේකා මහත්තයාට උදව් කරන්න ඒ පැත්තට ගියපු කෙනෙක් . ඊට පස්සේ අපි එයාව අයෙත් අල්ලාගෙන ඇවිල්ලා ෆොන්සේකා මහත්තයාට විරුද්ධව මාධ්‍ය සාකච්ඡාවක් තියලා එයා විසින් කරපු හානිය එයා විසින්ම නැති කරවලා අපි ඔහුව අත් ඇරියා . එයාගේ යාම අලුත් යාමක් නෙමෙයි . අනෙක් කෙනා අවුරුදු පමණ සිට පක්ෂය සමඟ ප්‍රශ්න තිබුණු කෙනෙක් . පක්ෂයේ දිස්ත්‍රික් නායකත්වය සමඟ ගැටුම් ඇති කර ගනිමින් ඔහු කටයුතු කිරීම නිසා විනය පරීක්ෂණයක් පවත්වමින් තිබුණේ . මේ දෙන්නාව දෙපැත්තට යවන එක කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම ඉහල කෙනෙක් . යු එන් පී එකට කිව්වේ ඒ පැත්තෙන් දිනලා එන්න . ඊට පස්සේ ආණ්ඩුවට ගන්නවා කියලයි . ශ්‍රී ලංකා එකට ගන්නේ අපෙන් අයින් කරපු සාමාජිකයෝ පමණයි . දැන් අපිත් සමඟ ක්‍රියාකාරී මට්ටමේ ඉන්න කිසිම සාමාජිකයෙක් ගන්න භ . මෙයාලා අපට පෙන්නන්න හදන්නේ “ වැඩිය කලබල කරන්න එපා . එහෙම වුණොත් සියලු දෙනාවම අදිනවා ’’ කියන න්‍යායයි .
  • එහෙම ඇද්දොත් ඒ අභියෝගයට මූණ දෙන්න ඔබ සූදානම් ද?
 ඒක ඉති එයාලගේ අභියෝගයක්නේ . ඒක මට අදාළ නැහැ . කැමති ගානක් කැමති   විදිහට ඇදලා ගන්න . ඒක මට ප්‍රශ්නයක් නැහැ . ඒ ඇදෙන අයව නවත්වා ගැනීමේ මෙහෙයුමක අපි නැහැ . මේක ගණන් හිලව් ගැන ප්‍රශ්නයක් නෙවෙයි .
  • එහෙම වුණොත් ඔබ අතනි වෙනවා නේද ?
තනිවෙලා හරි මේ ප්‍රශ්නෙට මූණ දෙන්න ලැහැස්තියි . ඒක එච්චර ලේසි ප්‍රශ්නයක් නෙවෙයි . මොකද අපි විශාල ජනසන්නිපාතයක් එක්ක ජීවත් වෙච්ච අය නෙවෙයිනේ .  ඔවුන් හිතනවානම් එහෙම කරන එක තමයි සුදුසුම ක්‍රමය කියලා ඒකට මුහුණ දෙන්න මම  සූදානම් .  කීයක් ගත්තත් ප්‍රශනයක් නැහැ . නමුත් ප්‍රශ්නයට සැබෑ උත්තරය ඒක නෙවෙයි . ඔය වැඩේන් වෙන්නේ පවතින තත්ත්වය වඩාත් නරක අතට තල්ලු වීම පමණයි.
  • ඔබේ ඡායා රූප පවා සමහර දැන්වීම් පුවරුවලින් ඉවත් කර තිබුණා . පල නොකියා පලා බෙදනවා වගේ නේද?
ඒක ඔය කව්රු හරි සැලසුම් කරලා කරපු  දෙයක් ඒ කියන්නේ ඉවත් කරලා පැය කීපයක් යනකොට ඒ ඉවත් කරපු එකේ පින්තූරේ පත්තර වලත් තියනවා . පත්තරේ පින්තූර දමා ගන්න කරපු වැඩක් ඒක .එක තැනක විතරයි මගේ පින්තූරය ඉවත් කරලා තිබුණේ .
  • ආණ්ඩුව දිගින් දිගටම ඇතුල් පහරවල් ඔබේ දේශපාලන ගමනට එල්ල කරද්දීත් නිහඬව සිටින්නේ ඇයි ?
නැහැ . ඔවුන් ඇඟේන් කරන ප්‍රතිචාරවලට අපි පිළිතුරු දෙන්න යන්නේ නැහැ . මොකද මේක මොලෙන් විසඳා ගත යුතුව ඇති ප්‍රශ්නයක්  නිසා . ඔලුව පාවිච්චි කරලා අභියෝග කරොත් ඒකටනම් පිළිතුරු දෙනවා .
  • ඔබ නැවත ජනතා විමුක්ති පෙරමුණ සමග එකතුවීමේ හැකියාවක් තිබෙනවාද ?
නැහැ . එහෙම බලාපොරොත්තුවක් නැහැ යතාර්ථය තුළ එහෙම අවස්තාවක් ඇත්තෙත් නැහැ . ජනතා විමුක්ති පෙරමුණ කියන පක්ෂය ගැන ගරුත්වයක් තිබුණට එහි වර්තමාන ගමන් මඟ පිලිබඳ අපට පැහැදීමක් නැහැ . ඒ පක්ෂය අද අපට අයිති පක්ෂයක් නොවෙයි. ඒ ක දැන් අයිති දැන් ඉන්න අයට . අපි යම් විදිහකට වෙනත් මඟක් තෝරා ගැනීමේ තැනට තල්ලු වුණොත් අනිවාර්යෙන්ම අපි නව දේශපාලන බලවේගයක් ගොඩ නඟා ගන්නවා . මේ අලුත් බලවේග හමුවේ සමාජ  කණ්ඩායම් ගණනාවක් ගොනු වෙනවා . ඊට අවශ්‍ය මැදිහත්වීම අපි කරනවා .
  • ඔබට ප්‍රධාන ප්‍රශ්නය ඇත්තේ මුදල් අමාත්‍යංශයේ ලේකම් සම්බන්ධයෙන් කියලා ඔබ ප්‍රකාශ කරලා තිබුණා . නමුත් ඔහු ක්‍රියාත්මක කරන්නේ , ජනාධිපතිවරයා වන මුදල් අමාත්‍යවරයාගේ  නියෝග නේද ?
තාක්ෂණික වශයෙන් ගත්තොත් ඒක ඇත්ත .  ආරක්ෂක ඇමතිගේ නියෝග තමයි ආරක්ෂක ලේකම් ක්‍රියාත්මක කරන්නේ . ඒත්  ඔබත් මමත් ඕන කෙනක් දන්නවා රටේ ජනාධිපති ආරක්ෂක මැති වෙනකොට ලේකම්වරයාට ඇමතිට හා සමාන අප්‍රකාශිත බලයක් ආරෝපණය වෙනවා . ඒ බලය යුතු ලෙස පාවිච්චි නොකොට , සාධාරණ ලෙස භාවිත කිරීම නිසා තමයි ආරක්ෂක ලේකම් තුමාට පුළුවන් වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ජයග්‍රාහි නායකයෙකු බවට පත් කරන්න . ජනාධිපතිවරයා යම් අමාත්‍යාංශයක ඇමති වෙනකොට එහි ලේකම්වරයාට ඇමති බලතල හිමි වෙනවා . ආරක්ෂක ලේකම් පුටුව යුද්ධයේදී බලපෑවේ යම් සේද ආර්ථික යුද්ධෙදි බලපෑවේ මුදල් අමාත්‍යංශයේ ලේකම් පුටුව දරන්නේ කවරාකාරයේ කෙනෙක්දැයි යන්න ඉතාම තීරණාත්මකව බලපානවා .
  • මේ ලේකම්වරයාම කියලා තිබුණා පුලුවන්නම් ඔහු නැතිව මාස හයක් ආර්ථිකය ගෙනිහිල්ලා පෙන්නන්න කියලා . ?
ඔව් . ඒ බව පුවත් පතක තියනවා මාත් දැක්කා . ඉතින් මෙය ඒක පසුව නිවැරදි කරලත් නැති නිසා එය ඔහුගේ සැබෑ ප්‍රකාශයක් විදිහට තමයි සලකන්න වෙන්නේ . දැන් ආරක්ෂක ලේකම්තුමා කිව්වොත් මම නැතිව මාස හයක් ආරක්ෂාව කරලා පෙන්නන්න කියලා එකෙන් පෙන්නන්නේ ලේකම් තුමා වැඩේ කරලා නැහැ කියන එකයි . ආර්ථිකය හඬ තත්ත්යකට ගෙනල්ලා තියනවානම් මුදල් අමාත්‍යංශයේ ලේකම් කියන්න ඕනේ  දැන් ඔන්න ඕන කෙනෙකුට මේක ගෙනියන්න පුළුවන් තැනකට මම අරගෙන ආවා කියලයි . හැබැයි ඔහු කියන්නේ මම නැතිව මාස හයක් පුලුවන්නම් ඇදගෙන ගෙනිහිල්ල පෙන්නන්න  කියලයි.  අපි කියන්නේ ඔන්න ඕක තමයි ප්‍රශ්නය . ඊ ලඟට  ඔහු කියනවායි . එම් .එෆ් එකට යන්න ඕන වෙලාවක එයාට පුළුවන් ඒත් මම ඉන්නේ ජනාධිපතිවරයාට උදව් කරන්නැයි කියලා . ඉතින් අපි කියන්නෙත් ඕකම තමයි.  මෙයා ජාත්‍යන්තර මුදල් ආයතනවල නියෝජිතයෙක් . එයාට ඕන වෙලාවක එහෙ පුටුව තියනවා . හැබැයි මෙහෙ සාමන්‍ය මිනිහට එහෙ පුටුව නැහැ .
  • ඔහු ඔබට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා නොදීම නිසාද ලේකම්වරයා සමඟ වෛරයෙන් ඉන්නේ ?
නැහැ . ඒක ප්‍රශනය පටු කරලා දැක්වීමක් පමණයි . එඅක අව්සරකට අපට ලබාදීමට තිබු ප්‍රතිපාදන අඩුවෙන් ලැබුන අඑක ඇත්ත . ඉන් පසු එකඟතාවකට පැමිණි මුදල් ප්‍රමාණය අපට ලැබීලා තියනවා .  මෙතන තියෙන්නේ මුදල් ලැබීම හෝ නොලැබීම කියන ප්‍රශ්නයට වඩා රටේ ආර්ථිකය උපාය මාර්ගිකව ගෙනියන්නේ කවර දිසාවකටද කියන ප්‍රශ්නයයි . මොහුගේ උපාය මාර්ගය වී ඇත්තේ ණය හරහා ගන්නා ප්‍රාග් ධනය යටිතල පහසුකම් සඳහා වැය කිරීමයි. යටිතල පහසුකම් වැඩි වෙනකොට  ආයෝජන වැඩි වෙනවා . ඒ මුදල් පහලට ගලා එනවා කියලා තමයි කියන්නේ . නමුත් අපි දන්නවා ඒක එහෙම වෙනේ නැහැ කියලා . මෙයින් සිදුවන්නේ රට එන්න එන්නම අසීරුතාවට පත්වන එකයි .  ජනාධිපතිතුමා , ආර්ථික සංවර්ධන ඇමතිතුමා ඔහු කියන දේ පිළි ගන්නවා . ඒ අය මේක පිළි ගන්න නිසාම ඔහු ඔහුට අවශ්‍ය ලෙස ආර්ථිකය හසුරවනවා .
  • එහෙමනම් මෙයින් පැහැදිලි වෙන්නේ ඔබට වඩා ඔහුට පිළි ගැනීමක් ආණ්ඩුව තුළ තිබෙන බව නේද ?
වෙන්න පුළුවන් . මම කියන්නේ නැහැ මහින්ද චින්තනයේ හොඳ යෝජනා නැහැ කියලා . මහින්ද චින්තනයට පිටින් ගිය ආර්ථිකයක් තමයි ගේන්න හදන්නේ . මේ ලේකම්වරයා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ පර්ක් එකේ සභාපති . එකෙන් කළේ රාජ්‍ය සම්පත් පුද්ගලීකරණය කරපු එකයි . එහෙම කෙනෙක් තමයි අද ආර්ථිකය හැසිරවීමේ මුල් පුටුවේ ඉන්නේ . ඉතින් මේක වැරදියි . මේක වෙනස් වෙන්න ඕන .
  • ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධූරයෙන් ඔහුව ඉවත් කළාද ?
ඒක මොන අර්ථයෙන් කරපු දෙයක් ද කියලා මමනම දන්නේ නැහැ . සමහර විට එය අපව සතුටු කිරීමට කළ දෙයක් වෙන්න පුළුවන් . නමුත් අප එකෙන් සතුටු වෙන්නේ නැහැ . වෙනසක් විය යුත්තේ මුදල් අමාත්‍යාංශයේයි. ඒ මිසක් ඔහුවත් හරියට වාඩි නොවුණු පුටුවකින් අයින් කළා කියලා මොකද්ද ඇති ඵලේ ?
  • විපක්ෂය කියන්නේ ඔබ නාට්‍යක් රඟපානවා . , එහි පිටපත හා අධ්‍යක්ෂණය ජනාධිපතිවරයාගේ කියලයි ?
            මම දැක්කා ජනතා විමුක්ති පෙරමුණේ නව නායකයා එහෙම කතාවක් කියලා තියනවා . අපි කරන්නේ නාට්‍යයක් නම්  ජනතා විඋක්ති පෙරමුණ චන්ද්‍රිකා ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරලා 2000 වසරේදී පරිවාස ආණ්ඩුවකට ගිය ඒකත් නාට්‍යක් තමයි . එදා බැලුවේ රටේ පාලනය වඩාත් හතුරු බලවේගයක් අතට යනවාට වඩා තිබුණු ආණ්ඩුව නරක වුණත් ඔවුන් හොඳ මගට ගනිමින් වඩාත් නරක ආණ්ඩුව පත්වීම වැලැක්වීමටයි . සන්ධානය හැදුවෙත් වඩාත් සතුරු බලවේගයකින් රට බේරා ගැනීම සඳහායි . ඊට පාසේ සන්ධානයෙන් එලියට ආවා . හැබැයි ඊට මාස දෙක තුනකින් මහින්ද රාජපක්ෂව ජනාධිපති කරන්න රට වටේම උස්සගෙන ගියා . එහෙමනම් මේ ඔක්කොම නාට්‍ය හැටියට සැලකිය හැකියි . අපි මෙවර උත්සහ කරන්නේත් වඩාත් සතුරු බලවේගයට රට යන එක වළක්වා ගන්නයි .
- ලක්බිම පුවත්පතිනි

No comments:

Post a Comment