Translate

Translate

Wednesday, June 4, 2014

බට්ලර්ගේ දැවී යාමේදී මැතිවුස් වැරදියි.. – අර්ජුන

බට්ලර්ගේ දැවී යාමේදී මැතිවුස් වැරදියි.. – අර්ජුන

බට්ලර්ගේ දැවී යාමේදී මැතිවුස් වැරදියි.. – අර්ජුන

සචිත්‍ර සේනානායක ජොස් බට්ලර්ගේ කඩුල්ල කඩා දමමින් ඔහු දවා ලීම ක්‍රිකට් ක්‍රීඩා නීතිය අනුව නිවැරදි නමුත් ඒ මොහොතේ ගනු ලැබුණ තීන්දුව නායක ඇන්ජලෝ මැතිව් විසින් වෙනස් කරනු ලැබිය යුතුව තිබුණ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන අර්ජුන රණතුංග පවසයි.
එංගලන්ත පිලේ පිතිකරු ජොස් බට්ලර් පන්දු යවන අන්තයේ කඩුල්ල තුළ අදාළ සීමාවේ රැඳී නොසිට ඉන් එපිට සිටි අවස්ථා කීපයකදීම පන්දු යවන ක්‍රීඩකයා විසින් කල් තබා අනතුරු අඟවනු ලැබීමෙන් අනතුරුව කඩුල්ල බිඳ ඔහු දවා ලීම නිවැරදි පියවරක් වන නමුත් දවා ලූ ක්‍රීඩකයා ආපසු කැඳවීමට නායක ඇන්ජලෝ මැතිව් කටයුතු කළේ නම් එමගින් ශ්‍රී ලංකාව සතු මහාත්මා ගුණයක් ලෝකයට ප්‍රදර්ශනය කළ හැකිව තිබුණ බව අර්ජුන රණතුංග පෙන්වා දෙයි.
“නායකයෙක් හැටියට ඇන්ජලෝ මැතිව්ට කරන්න තිබුණේ ක්‍රීඩකයා නැවත කැඳවා විකට්ටුවේ රැඳවීමයි කියල මම හිතනවා.තවත් අවස්ථාවක් ලබා දෙමින් එම වරද යළිත් කළොත් කිසිම සමාවක් නැති බව ක්‍රීඩකයාට දැනුම් දී ඔහු විකට්ටුවේ රැඳවීමයි කළ යුතුව තිබුණේ”අර්ජුන රණතුංග සිය ස්ථාවරය පැහැදිලි කරමින් වැඩිදුරටත් කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන ගෞරවනීය ආකාරය ලොවට ප්‍රදර්ශනය කිරීමට තිබුණ අවස්ථාවක් මග හැරුණ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයාගේ විශ්වාසයයි.
මහේල, සංගක්කාර සහ ඩිල්ෂාන් වැනි පරිණත ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කීප දෙනෙකුත් ක්‍රීඩා පිටියේ සිටි හෙයින් ඔවුන් උද්ගත වූ තත්වය නිවැරදි කළ යුතු ව තිබුණ බවත් අර්ජුන රණතුංග පවසයි.
- BBC

No comments:

Post a Comment