Translate

Translate

Tuesday, June 3, 2014

වාස්‌ ඇතුළු පිරිසට එරෙහි නඩුව ලබන 16 දා විභාගයට කැඳවන්න

වාස්‌ ඇතුළු පිරිසට එරෙහි
නඩුව ලබන 16 දා විභාගයට කැඳවන්න
ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලෙන් නියෝගයක්‌

සමන්ත ඉලේපෙරුම

වැල්ලවත්තේ කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් ෂියාම් නමැති අය පැහැරගෙන ගොස්‌ වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව ලබන 16 දා විභාගයට කැඳවන ලෙස ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ල ඊයේ (02 දා) නියෝග කළේය.

මහාධිකරණ විනිසුරුවන් වන රෝහිණී වල්ගම (සභාපති විනිසුරුවරිය) ලලිත් ජයසූරිය හා ලියොන් සෙනවිරත්න යන මහත්ම මහත්මීන් හමුවේ මෙම නඩුව විභාග වේ.

නඩුව විභාගයට ගනු ලැබූ අවස්‌ථාවේදී රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු වාස්‌ ගුණවර්ධන, උප පොලිස්‌ පරීක්‍ෂක ලක්‌මිණ ඉන්දික බමුණුසිංහ, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන ගාමිණී සරත්චන්ද්‍ර, ප්‍රියන්ත සංජීව හා රංග දිසානායක විත්තිකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

නඩු විභාගය ලබන 16 දා කැඳවන ලෙසට නියෝග කළ විනිසුරු මඬුල්ල එදිනට පෙනී සිටින ලෙසට සාක්‌ෂිකරුවන්ට දන්වන ලෙසට ලේඛකාධිකාරීවරියට නියෝග කළාය.

නඩු විභාගය සඳහා කැඳවා තිබූ සාක්‌කිකරුවන්ව අධිකරණ කාර්යාලය තුළ රඳවා තිබිණි.

No comments:

Post a Comment