Translate

Translate

Tuesday, June 10, 2014

ජනපති වුනොත් විධායක ක්‍රමය අහෝසි කරනවා – සෝභිත හිමි වැට පනී

ජනපති වුනොත් විධායක ක්‍රමය අහෝසි කරනවා – සෝභිත හිමි වැට පනී

ජනපති වුනොත් විධායක ක්‍රමය අහෝසි කරනවා – සෝභිත හිමි වැට පනීතමා ජනාධිපති පදවියට තේරී පත්වුවහොත් මාස හයක් ඇතුලත ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති.
ශ්‍රී ලංකාවේ සාධාරණ සමාජයක් බිහි කිරීම පිණිස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බව පෙන්වාදෙන මාදුළුවාවේ සෝභිත හිමියෝ, එය අහෝසි කරන මෙන් සිය ව්‍යාපාරය මුලින්ම ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටින බවද පැවසූහ.
ජනාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කරන්නේ නම් පමණක් විධායක ජනාධිපති ක්‍රමය හෝසි කිරීම පිණිස ඉදිරිපත් කළ යුතු පොදු අපේක්ෂකයා කවුරුන්ද යන්න ඉදිරියේදී තීරණය කෙරෙනු ඇති බවයි, සෝභිත හිමියන් කියා සිටියේය.
උගතුන්, බුද්ධිමතුන් සහ වෘත්තිකයන් පමණක් නොව සියලුම දේශපාලන පක්ෂ පවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අවශ්‍යතාවය අනුමත කරන බවද එහිමියෝ සඳහන් කළහ.
ආණ්ඩු පක්ෂයට සම්බන්ධව සිටින ඇතැම් ඇමතිවරුන් සහ කතානායක චමල් රාජපක්ෂ පවා විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දී තිබෙන බවද සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නායක හිමියෝ පවසති.
සිය ව්‍යාපාරය ඉදිරිපත් කරන යෝජනාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ එකඟත්වය පළ කරන්නේ නම් එවිට ඉදිරි මැතිවරණයකදී තමන්ගේ සහායද ජනාධිපති රාජපක්ෂට හිමි වන බව සෝභිත හිමියෝ සඳහන් කළහ.
- BBC

No comments:

Post a Comment