Translate

Translate

Saturday, March 15, 2014

ජනාධිපතිතුමා සුබ පැතුවේ මනුස්සකමට.. අනුර වෛරී දේශපාලකයෙක් නිසා ෆොන් එක ඉස්සුවේ නෑ


ජවිපෙ නායක අනුර දිසානායකට සුභ පතන්න ජනාධිපතිතුමා දුරකතන ඇමතුම් පහක් ගත්තද තමන් පිළිතුරු නොදු බව වේදිකා ගානේ කියමින් යන්නේ ඔහුගේ ඇත්තේ වෛරී දේශපාලනයක් නිසා යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මෙසේ සඳහන් කලේ කැළණියේ පැවති ජන හමුවකදීය.
ඒ මහතා මෙසේ ද පැවසීය.
‘ජ.වි.පෙ. නව නායකතුමාට නායකත්වය ලැබුණු වෙලාවේ එතුමාට සුභ පතන්න ජනාධිපතිතුමා දුරකතන පණිවුඩයක් දී තියෙනවා. ඒකටත් එම නව නායකතුමා බණිනවා. මට සුභ පතන්න ජනාධිපතිතුමා දුරකතන පණිවුඩ 5 ක් දී තියෙනවා. මම ඒ එකක්වත් භාර ගත්තේ නැහැ කියලා එතුමා එතුමගෙ දේශපාලන වේදිකාවල කියනවා.
අපේ රටේ සංස්කෘතියක් තියෙනවා යම් කිසි දන්නා අදුනන කෙනෙක්ට යම් කිසි තනතුරක් ලැබුණාම ඔහුට සුභ ප‍්‍රාර්ථනා කරන එක. අපි ගමේ ඉන්න කොට අසල්වැසි අයෙක් විශ්ව විද්‍යාලයට සමත් වුණාම ඒ අයට සුභ ප‍්‍රාර්ථනා කරන සිරිතක් අපේ ළඟ තිබුණා. ජ.වි.පෙ. නව නායකයාගේ එම පක්ෂයේ වෛරී දේශපාලනය ඉන් ඉස්මතු වෙනවා’

No comments:

Post a Comment