පැල්වත්ත ප්‍රදේශයෙන් වකුගඩු රෝගීහු 400 ක් හඳුනා ගැනේති
මොනරාගල - නයන ඉහළගෙදර
මොනරාගල දිස්ත්‍රික්කයේ මේ වනවිට වකුගඩු රෝගය ශීඝ්‍රයෙන් පැතිර යයි.
මේ වනවිට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බුත්තල හා වැල්ලවාය යන ප්‍රදේශවලිනි. බුත්තල, පැල්වත්ත ජනාවාස ප්‍රදේශවල ශීඝ්‍රයෙන් වකුගඩු රෝගය පැතිරීම සිදුවේ.
මේ වනවිට ලිදාරාව ගම්මානයේ පුද්ගලයන් 21 ක් මියගොස් ඇති අතර රෝගීන්aa 45 ක් වාර්තාවී ඇත. මෙම රෝගය පැල්වත්ත ජනාවාස ප්‍රදේශවල ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති අතර දැනට හඳුනාගත් වකුගඩු රෝගීන් 300 ත් 400 ත් අතර පිරිසක් සිsටින බව ප්‍රදේශවාසීහු පවසති.
මෙම වකුගඩු රෝගය වැඩි වශයෙන් පැතිර යන්නේ අධික කෘෂි රසායනික ද්‍රව්‍ය යොදා ගොවිතැන් කරන ප්‍රදේශවල බව සෞඛ්‍ය අංශයේ නිලධාරීන් පවසයි
No comments:
Post a Comment