Tuesday, June 3, 2014

වැඩිම වැස්‌ස මතුගමට

වැඩිම වැස්‌ස මතුගමට
චමින්ද සිල්වා

අයහපත් කාලගුණික තත්ත්වය සමග මතුගම ප්‍රදේශයට වැඩිම වර්ෂාවක්‌ ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව පෙරේදා (01 වැනිදා) සවස මතුගමට මිලි මීටර් 166 ක්‌ද, අංගොඩට මිලි මීටර් 145 ක්‌ද, ගාල්ල බෙන්තොටට මිලි මීටර් 154 ක්‌ද, හංවැල්ලට මිලිමීටර් 134 ක්‌ද, වර්ෂාපතනය ලැබී ඇති බව කාලගුණ විද්‍යාඥ අනුෂා වර්ණසූරිය මහත්මිය පැවසුවාය.

No comments:

Post a Comment