Friday, April 4, 2014

බස්නාහිර, දකුණ ඇමතිවරු මෙන්න.. නිමල් ලන්සාටත් ඇමතිකමක්

බස්නාහිර සහ දකුණු පළාත්වල නව ඇමතිවරුන් සිවු දෙනෙකු බැගින් නම් කර තිබේ.
උදය ගම්මන්පිල, නිමල් ලන්සා, රන්ජිත් සෝමවංශ සහ උපාලි කොඩිකාර බස්නාහිර පළාත් ඇමතිවරුන් ලෙසත් චන්දිම රාසපුත‍්‍ර, යු.ඞී. ආරියතිලක, ඞී.වී. උපුල්, දකුණු පළාත් ඇමතිවරුන් ලෙසත් පත් වී සිටී.
-
-
-
-
​බස්නාහිර පළාත් සභාව
ප්‍රසන්න රණතුංග මහතාප්‍රධාන  අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, ඉඩම්, අධ්‍යාපන, පළාත් පාලන හා පළාත් පරිපාලන, මිනිස්බල හා රැකීරක්ෂා, ඉංජිනේරු සේවා සහ ප්‍රවෘත්ති අමාත්‍ය

උදය ගම්මන් පිල මහතා
කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, සුළු වාරිමාර්ග, කර්මාන්ත, පරිසර කටයුතු සහ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය

රංජිත් සෝමවංශ මහතා
සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය, පරිවාස සහ ළමාරක්ෂක සේවා සහ සභා කටයුතු අමාත්‍ය

උපාලි කොඩිකාර මහතා
විදුලිබල හා බලශක්ති, පළාත් මාර්ග, නිවාස හා ඉදිකිරීම්, ජල සම්පාදන හා ජලාපවහන, සමාජ සුබසාධන සහ නාගරික හා වතු යටිතල පහසුකම් අමාත්‍ය

නිමල් ලන්සා මහතා
ප්‍රවාහන, ක්‍රීඩා හා යෞවන කටයුතු, කාන්තා කටයුතු, ආහාර සැපයීම් හා බෙදාහැරීම, සමූපකාර සංවර්ධන, ගෘහ ආර්ථික ප්‍රවර්ධන, ධීවර, ග්‍රාම සංවර්ධන, සංචාරක ආයෝජන ප්‍රවර්ධන සම්බන්ධීකරණ සහ සත්ත්ව නිෂ්පාදන හා සංවර්ධන අමාත්‍ය
දකුණු පළාත් සභාව

ශාන් විජයලාල් ද සිල්වා
දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නීතිය හා සාමය,පළාත් පාලන,ප්‍රවාහන, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, සංචාර හා ඉංජිනේරු සේවා අමාත්‍ය

චන්දිම රාසපුත්‍ර මහතා
දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් හා ඉඩම් සංවර්ධන, මහා මාර්ග හා ප්‍රවෘත්ති අමාත්‍ය

දයාවංශ ආරියතිලක මහතා
දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය, ගොවිජන සංවර්ධන, වාරිමාර්ග ජලසම්පාදන හා ජලාපවාහන, ආහාර සැපයීම හා බෙදාහැරීම සහ සමූපකාර සංවර්ධණ අමාත්‍ය

ඩී වී උපුල් මහතා
දකුණු පළාත් ධීවර, සත්ත්ව නිෂ්පාදන සහ සංවර්ධන, පරිසර කටයුතු, ග්‍රාමීය කර්මාන්ත, විදුලිබල සහ ග්‍රාමීය හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය

No comments:

Post a Comment