Saturday, March 15, 2014

ෆොන්සේකා බලු මයිලක් තරම්වත් වටින්නේ නෑ.. බත් එක මගේ ඔළුවේ ගහන්න හැදුවා – සහකාර ලේකම් සන්ධානයට එක්වෙමින් කියයි


සරත් ෆොන්සේකා බලූ මයිලක් තරම්වත් වටින අයෙක් නොවේ යයි එම පක්ෂයේ හිටපු සහකාර ලේකම් මාලා විජේතිලක මහත්මිය කියයි.
ඇය මෙසේ කියා සිටියේ ඇය අට දෙනෙකු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයෙන් ඉවත් වී ඊයේ  සවස අරලිය ගහ මන්දිරයට ගොස් ජනාධිපතිවරයා හමු වී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වීම ලැන මාධ්‍ය හමුවේ අදහස් පල කරමිනි.
ඇය මෙසේද කීවාය.
ෆොන්සේකා මහත්තයා හැම වෙලාවෙම ආවේශ වෙලා ඉන්නෙ. එයාට හොඳම ලකුණ තමයි ගිනි සිළුව නොහොත් පන්දම. සරත් ෆොන්සේකා යනු අයාලේ යන සුනඛයකුගේ මයිල් ගහක් තරම්වත් වටින්නේ නැති පුද්ගලයක්.
ෆොන්සේකා කියන්නේ කිසිම කෙළෙහි ගුණ දන්නා කෙනෙක් නොවේ. ඔහුගේ බත් එක ගේන්න විනාඩි දහයක් ප‍්‍රමාද වුණා කියලා බත් එක මගේ ඔලූවේ හලන්න හැදුවා. කිසිම කෙනෙක් ගැන උණු වෙන හිතක් ඔහුට නැහැ. රූපවාහිනියේ කතා කරන ෆොන්සේකා නොවෙයි ඔහු අමුතුම චරිතයක්. මම එම පක්ෂයට විශාල කැපවීමක් කළා. එහෙත් මට කළේම කෙණෙහිලිකම්’

No comments:

Post a Comment